Thursday, January 16, 2014

මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා

දුරුතු සඳ ගැබ පායා ඇවිදින් සිත් අහස මත හිනැහිලා
සුපෙම් හැඟුමන් යලිත් පුබුදයි නිදන පෙම් හිත ඇහැරවා
සීත මදනල දසත හමමින් ප්‍රේම හැඟුමන් පුබුදලා
කීව රහසක් යලිත් කොඳුරයි නුඹේ සෙනෙහස සිහිවෙලා


විහඟ ගී හඩ ඇසි දෙසවන් ගීත රාවෙන් මත්වෙලා
ප්‍රේම ගිතය සෙමින් මුමුණයි තාල රහසෙම ගලපලා
රෑයම ඇහැරි වරුගනන් මම ලීව ගි වැල් අහුලලා
මිහිරි තාලයෙන් ගයනු හැකිවෙද යලිත් පෙම් හිත ඇහැරවා


සසර බවයේ පුරුදු අයුරෙන් හදට හදවත ලංවෙලා
එදා තුරුලේ උන්නු අයුරින් යලිත් හදවත එක්වෙලා
කඳුළු ඇහිදපු ප්‍රේම හීනෙම පාට පාටින් සරසලා
මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා

9 comments:

  1. //විහඟ ගී හඩ ඇසි සියොතුන් ගීත රාවෙන් මත්වෙලා//

    මේ පදය රවුං කරා මදි වගේ නේද??

    ReplyDelete
  2. කවි පද පෙළ නම් අපූරුයි, නමුත් පොඩි අවුලක් පේනවා මෙන්න මෙතන.
    =විහඟ ගී හඩ ඇසි සියොතුන් ගීත රාවෙන් මත්වෙලා=
    විහගුන් සහ සියොතුන් කියන්නේ සමාන වචන නේ, ඒ පද දෙක එකට යොදා ගැනීම අරුත් මතු කිරීම දුර්වල කරනවා ?
    කොහොම වුණත් කවි පෙළ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අගය කිරිම ගැන සහා වැරදි පෙන්වා දිම ගැන බොහොම ස්තුතියි
      එ පද පෙළම මම වෙනස් කලා දැන් කොහොමද බලන්ට

      Delete
  3. වෙනද වගේම තමයි ඉතින් මේ බ්ලොගේ ලියවෙන පදවැල් ගැන කිනම් කතාද?පට්ට

    ReplyDelete
  4. :) මේ පැත්තට එන්න වුණේ කාලෙකින්. මඟඇරුණ ටික කියෙවුවේ අද :) 

    ReplyDelete
  5. //මිහිරි තාලයෙන් ගයනු හැකිවෙද යලිත් පෙම් හිත ඇහැරවා//
    මට කවි බැරිය. හැබැයි මට මෙහෙම සිතුනි.

    "තාලයෙන්" කියන තැන "තාලෙන්" වුනා නම් මොකක්ද ගතියක් මට දැණෙනවා. ඒ මට විතරක් වෙන්න ඇති.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?