Thursday, January 9, 2014

නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර මෙමට

සුවඳවත් හද රැඳවිලා නැති මතකයන් අහුරකට
පුළුවන්ද ලියැවෙන්න පාට පාටින් පිටු අතර
කඳුළු වල රස දන්නෙවත් නැති හදවතට
පුළුවන්ද ඇවිදින් ජිවිතේ සුව පවසන්න

කුරුටුගා නුඹ ලියු පෙම් පොතෙහි රසම කවි
හැකිද අද ගලපන්න පරණ තාලයට තව
පාට පාටින් දිලිහුනේ නැතත් අද මගේ පෙම
ලියමි නැවුම් ලෙස අදත් නොමැකෙන්නටම

පාට හීනෙන් නොඉපදුන නුඹේ පෙම ගෙන හදට
කොටමි මම පපුතුරේහි සදා එය නොමැකෙන්න
හද ගැහෙන සෙනෙහසට ලං වෙලා හෙමිහිටම
නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර

7 comments:

  1. /ඉන්න වෙන්වීම හැර/ ඒක වෙනස් කරන්න තිබ්බා නං හොදා... මුළු අදහසම ලඝු කිරීමට ඒක බාධාවක් බවයි මම දැක්කේ...

    ReplyDelete
  2. දිගටම ලියන්න..පට්ටයි.

    ReplyDelete
  3. http://www.siwpada.blogspot.com/ අක්කණ්ඩි කවි හැඩ කර ගන්න මේ ලින්කුව භාවිතා කොරන්න..

    අදත් අඬලා නේ.. අඬන එක නවත්තපු දාසක මං පිළිතුරැ කවි ලියනවා..

    ReplyDelete
  4. හැමදාටම උරුම වෙන්වීම විතරමයි

    ReplyDelete
  5. ආදරේ කියූ කිසිවෙක්
    ආදරේ නැතේ.....
    (ප්‍රියා සූර්යසේන )

    ReplyDelete
  6. ලස්සනයි. කුරුටු ගෑ ගී පවුරෙන් සුභ පැතුම්.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?