Friday, December 27, 2013

තවම පතනෙමි නුඹව මන්

රිදුම් දුන් හදවතක් පතුලේ 
තවම පෙම් සුව තියෙයි නම් 
කොතෙක් කඳුලැලි සැලි වැටුනත්
පෙම් කරමි තව නුඹට මන්


රැඳුණු උණුහුම පපුව ගැඹුරේ
නුඹේ සෙනෙහස කියයි නම් 
කෙතෙක් හැඟුමන් සුසුම් සැලුවත්
තවම පතනෙමි නුඹව මන්


දෙඇස් පැරි කඳුළු සලමින් 
හඩන ඇස් ඉකිගසයිනම්
දෙඇස් දියවි මිලින වුවත්
කඳුළු අමුණමි නුඹට මන්


සැ:යු -  පුරුද්දට වගේ ලියවුනාට හැමදාම දුකින් නෙමෙයි :)

7 comments:

  1. ඔයා දුකින් නෙවෙයි නම් ඒ ඇති. හැබැයි කවි වල නම් අර දුක තවම තියනවා වගේ

    ReplyDelete
  2. හැමදාම කඳුලු අමුනන්න එපා බං.. හිනැහිලා හිටපං. පලිය නොදැක්කාම නොවේ ඈ

    ReplyDelete
  3. //දෙඇස් පැරි// පිරි නේද?

    ReplyDelete
  4. නොලැබෙනා දෙයක් නම්
    සිත තවත් තැවෙනවානම්
    නොකර අද පිං කම්
    කුමට කරනිද තවත් පෙම් කම් :P

    ReplyDelete
  5. මේ පද ටික මාව ගොඩක් ඈතකට අරගෙන ගියා...ලස්සනයි

    ReplyDelete
  6. මං ඔයා අඬන එක නවත්තපු දවසක මේ කවි වලට රිප්ලයි කවි ලියනවා..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?