Sunday, December 1, 2013

නිදන පෙම් හිත ඇහැරවා යලි

ආදරේ තාලයෙන්
නලවලා හිත හෙමි හෙමින්
ගලප ගලපාලා ලිව කවියක
දකිමි හැමදා නුඹේ නුවන්


කලතලා පෙම් හිත හෙමින්
සනසලා හදවත තවත්
කොඳුර කොඳුරා කීව ගීයක්
අසමි හැමදා නුඹේ නදින්

ඇහැරවා පෙම් හිත යලිත්
පිදෙනා හැඟුමන් අරන්
දකින දකිනා  හීප්‍රේමනෙක
අඳිමි නුඹේ රුව සසරේ මන්

-කළුවර හීනය-

4 comments:

  1. ලස්සණ යි :) අකුරු පොඩ්ඩක් ලොකු කරා නං කියවන්න ලේසි යි!

    ReplyDelete
  2. සසර පුරා නෙවේ, මේ ජීවිතය තියන කල් ඉන්නවා නම්

    ReplyDelete
  3. මම හැමදාමත් කියනව වගේ කෙටි බව තුළ ගීතවත් බව තියෙනවා ඒත් විරිත රැකගන්න අදහසින් "මන්" වගේ වචන දාන්න එප‍ා...

    ReplyDelete
  4. ගොඩක් ලස්සන කවි ටිකක්... සුපිරි....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?