Wednesday, November 6, 2013

නුඹත් ඇවිදින් ගිහින් තිබුනා

හිතේ හිරවුන සිතුම් අහුරක
නුඹේ සෙනෙහස ඇඳි තිබුනා
පාළු මකනා කවි පෙලක් ලඟ
නුඹේ මතකය එක කවක් වුවා

අහස සරසන තරුවැලක් ලඟ
සඳත් හෙමිහිට සිනහා සැළුවා
පාට පාටින් හීන ඉකිබිඳ
නුඹත් හිනෙට සුසුම් සැළුවා


කඳුළු සලනා දෙනෙත් අද්දර
සිහින් සිතුවිලි රටා මැවුනා
කිසිත් නොකියු පෙම් කතාවට
නුඹත් ඇවිදින් ගිහින් තිබුනා

- කළුවර හීනය-




3 comments:

  1. ගොඩක් ලස්සනයි ....

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක් නංගි..

    ReplyDelete
  3. ඇවිත් යන එන පෙම් කතා තමයි ගොඩක් වැඩි

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?