Wednesday, October 9, 2013

මතක සැමරුම් දවයි මගේ හිත

සුවඳ ඉහිරුනු මතක අහුරක
පාට හිනෙක ලැගුම් ගත් හද
ඇවිත් හිනැහෙන තවත් සවසක
සොදුරු සැමරුම් තෙමයි මගේ නෙත


කඳුළු මල් දම් ගොතා හෙමිහිට
පාට පාටින් හීන ඉකිබිඳ
හඩන මහා රෑ තනිව හිනෙට
මතක පැන්දිය තෙමයි හදවත


සොඳුරු සැමරුම් ඇහිද හෙමිහිට
මතක දවමින් හඩන මගේ හිත
සනසවන්නට කිසිත් නැති තැන
මතක පැන්‘විත් ලඟ සරයි හෙමිහිට


-කළුවර හීනය-


3 comments:

  1. කොපුල් තල මත වදින හිරිකඩ
    සිහිකරයි ඒ මතක උණුසුම
    නිදි නොලද තව රැයක් පසුකර
    ඇයි මෙලෙස සිත සමඟ තනියම

    ReplyDelete
  2. දුක් ගලන කල කොපුල් මතුපිට
    දැනෙන අදුරට දිනෙක සරිලන
    සිනා පිබිදී කොපුල් මත්තේ
    පිපේවා සද පාන විලසට..

    ReplyDelete
  3. පිපෙන ඒ සඳපාන යට සිට
    බලන් ඉන්නෙමි අවට තරු දෙස
    වරක් ඇවිදින් ගියොත් හෙමිහිට
    නැවත නාවත් කමක් නැතිවද?.......

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?