Sunday, October 20, 2013

වඩිනු මැන යලිත් නුඹ


සඳ හොරෙන් සිනාවෙන අඳුරු වු මහා රැයක
නෙතුසලා සිනාවෙමි නුඹේ රුව ගෙන හදට 
සිත් පහන්කර හැඟුම් පිදෙනා හැම පැයෙම 
මැවි මැවි දිලිසුනා නුඹේ රුව නෙතු අතර 

සලා නුඹේ නිල් නුවන් බලනු මැන මගේ හද 
පිදෙනා කඳුළු මල් නුඹට පවසයි රැදුනු දුක 
පිබිදෙනා පැතුම් මල් හද අතින් ගෙන තුටින 
වැඩිනු මැන හද තුටින් රැගෙන මල්සමය හෙට 


කළුවර හීනය 


5 comments:

  1. කාටද කියන්නේ?

    ReplyDelete
  2. අනිවා හැමදාම ඔහොම ඉන්නයැ...

    ReplyDelete
  3. ඔන්න අපිත් පැතුවා වඩීවා කියලා.

    ReplyDelete
  4. නෙතුසලා සිනාසෙමි ඔබේ රුව ගෙන හදට.
    ලස්සනයි. මං නම් කැමතිම කොටස ඒක.

    ReplyDelete
  5. ඔන්න රජ වීදියත් පතනවා වඩින්න කියල...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?