Tuesday, October 1, 2013

ඉතින් ආයෙත් හිනාවෙමි මම


  • ජිවිතේ දිගු වන්දනාවක 
     ඇවිද යන මඟ පුරුදු සසරක 
    අහම්ඹෙන් නෙත ගැටුනු හදවත 
    ආදරෙන් සිප සනසවයි අද


    කඳුල් වැල් පිස හෙමින් තාලෙට
     සිනහ මල්දම් සරසවා අද
     හදේ රැව්දුන් තාලේ සිහිකර 
    පෙමින් නහවයි රිදුනු මගේ හිත


    දෛවයේ එක තැනක හිර වුන 
    නුඹේ හදවත පෙම් කවක් තරමට
     ආදරෙන් කිතිකවා තාලෙට
     ගැයු හැටි සිහිනයකි තව මට


    නිදිනොමැති නෙත් කෙවෙනි අද්දර 
    නුඹ ඇවිත් රඟපාන ලස්සන
     ඉතින් ආයෙත් හිනාවෙමි මම 
    නුඹේ හදවත අරන් තුරුලට

    _ කළුවර හීනය_


6 comments:

  1. ඒ කියන්නේ කළුවර හීනයට එළිය වැටිල ද?

    ReplyDelete
  2. ප්‍රේමයෙන් ඒකාලෝක වූ කළුවර හීනය.
    හරිම ලස්සනයි

    ReplyDelete
  3. කළුවර හීනය එළිය වෙලාද.. එහෙනම් අපිත් සතුටුයි ඔන්න..

    ReplyDelete
  4. මෙවන් හීන කළුවර තරමට කලුවර නෑ.

    ReplyDelete
  5. ලස්සනයි කවි ටික . සෑඩ් කවි ගොඩකට දනාත්මක සිතුවිල්ලක්
    ජයෙන් ජය !!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?