Monday, September 16, 2013

කළුවර හීනය සහා මම

කළුවර හීනය ලියන මං ගැන මගේ බ්ලොගයේ සැරිසරන ඇතැමුන් ( බොහොමයක්) නොදන්නවා නෙමෙයි.ඇතැමුන් මා පෞද්ගලිකව හුමුවු අය වන අතර ඇතමුනු මුහුණු පොත හරහා මා අදුනාගත් අයද වෙයි...
මම නමන්  සෂි එදිරිසිංහ.
ඇත්තන්ම කළුවර හීනය නමින් බ්ලොග් අඩවිය ලියැවෙන්න ප්‍රධනාම හේතුව වුනේ ඔහේ කාලය ගතකරමින් ඉන්න වෙලාවට මගේ අතින් කුරුටු ගැවුන එක එක කවි පන්ති එකම තැනකට ගෙන එමට මට ලොකු වුවමනාවක් තිබුනු නිසාමයි.. එ කවි පද වැල් විරහ වේදනාවෙන් ගැබ්බරව තිබු නිසාමත් එ කවි වැල් බුකියට පමණක් සිමාවි තිබු නිසාමත් ලේඛණ ශෛලය පිළිබඳව මනා දැනුමක් නොතිබුනත් ලිවිමට ඇති ආසාව නිසාම මමත් හා හා පුරා කියලා බ්ලොග් අවකාෂයට ගොඩ වුනා ඒමගේම මිතුරෙකුගේ ආරාධනාවක් සහා උදව්වක් මත
ෆෙස් බුක් බිත්තියට පමණක් සිමාවුන මගේ කවි  මගේ ලඟම මිතුරෙක් වුන අපේ ඉසව්ව බ්ලොග් අඩවිය ලියන ජනරංඟ ගේ ඉල්ලිමක් මත බ්ලොග් අවකාෂයට ගෙන ආවේ මිට හරියටම අවුරුද්දයි මාස දෙකකට කලින්
කොටින් කිවොත් කළුවර හීනය බ්ලොගය් පිත්ත පටිය කැපුවේ මගේ මිත්‍ර ජනරඟයි..

_හීනයක් කළුවර වෙන්න ජිවිතෙකට හේතුවක් තියනවා_ යන තේමා පාඨය යටතේ එ රාමුවටම යටත්ව ප්‍රේමයේ විරහ වේදනාව කඳුළු වලින් ගෙත්තම් කරපු මගේ බ්ලොග් අඩවියේ මගේම හඳුන්වාදිම පාඨය මගේ බ්ලොග් අඩවියේ කවර් පින්තුරය එක ( එ පින්තුරය  මට හදලා දුන්නේ රංජිත් ප්‍රේමරත්න කියලා මගේ මිත්‍රෙයක්) මගේ අවසරයකින් තොරව අඳුරු හීනය නමින් ව්‍යාජ ගිණුමක් පාවිච්චි කරනවා
හිත ඇතුලේ නලියන දහසක් සිතුවිලි වලින් ඇතිවන කලකිරිමටත් වඩා ඇතිවුන පිලිකුල් බාවය නිසාම මම මෙය මගේ බ්ලොගය තුල සටහන් කරන්නේ කළුවර හීනය අදටත් මම මගේ පණටත් වඩා ආදරය කරන මගේ කතාව වු නිසාමයි 


මේ සියළු නිර්මාණ වලට මිත්‍ර ජනරංඟ සහා රංජිත් සොහොයුරා විසින් සාකිෂි දරනවා ඇති

අඳුරු හීනය නමින් එම ව්‍යජ ගිනුම පවත්වාගෙන යන්නේ කවුරුන්ද කියන්නට නම් මම දන්නේ නැ
නමුත් ඔහු මේ කරන වැඩේ කියටවත් මා අනුමත කරන්නෙද නැත

නමුත් කළුවර හීනය තිබය හැක්කේ එකක් පමණි
එ මගේ හීනය පමණි
අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මගේ අතින් ගෙත්තම් වුන මගේ කඳුළු කතාවේ තේමාව වෙනයම් කෙනෙක් පාවිච්චි කරිම මම කොහෙත්ම අනුමත කරන්නේද නැත

මාව රස විදින මාව කියවන්න එන නුඹට කල යුත්තේ කුමක්දැයි යන්න තිරණය කිරිමට අවසර ලබා දෙමින් මම නිහඩ වෙන්නම්

සෂි....

14 comments:

  1. මගේ මතය මම කියන්නම්,

    ඔබ බ්ලොගය පටන් ගෙන කාලයක් කරාට පසු ව වෙනත් කෙ‍නෙක් ඔබේ නමට ආසන්න නමකින් ඊට සමාන බ්ලොගයක් කරනවා කියා හිතමු. ඒක විශාල ගැටළුවක් කරගත යුතු නැති බවයි මගේ අදහස. මන් ද ඔබ කලුවර හීනය අනන්‍යතාවය හැදුවට පසු ව වෙනත් කෙනෙකු ඊට සමාන දෙයක් කරනවා කියන්නේ ම ඔබේ අනන්‍යතාවයේ තීව්‍ර කම ඔහු පාවිච්චි කරනවා කියන එකයි.

    නමුත් ඔබ කියන විදිහට ඔබේ අනන්‍යතාවය හොරා ගෙන කරන වැඩක් නම් ඒක මමත් අනුමත කරන්නේ නෑ. නමුත් ඔබ කියපු නමින් බ්ලොගයක් හෙව්වට මට හොයා ගන්නත් බැරි වුණා.

    ඔබේ නිර්මාණ ‍දැකලා ම අපි අපේ බ්ලොගයේ ඔබට ලින්ක් එකකුත් දීලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බ්ලොගයක් නෙමෙයි ෆෙස්බුක් ගිනුමක් එ ගිනුම කරන කෙනො මගේ කිසිම දෙයක් හොරකම් කරලා නැ මගේ තිම් එකයි මගේ ඉන්ට්‍රො එකයි හොරකම් කරලා :) මම එ ගිනුම ලින්ක් කරලා ඇති අඳුරු හීනය කියලා බලන්නකො :)

      Delete
    2. මගේ අවසරයකින් තොරව තිම් එක ඉන්ට්‍රො එක වෙන කෙනෙක් පාවිච්චි කරන එක මන් අනුමත කරන්නේ නැ

      Delete
  2. මොනවා කරන්නද.... කොපි කැට් ලා වැහි වැහැලා!

    ReplyDelete
  3. නම් දෙකක්.. බ්ලොග් එකකුත් නෙවෙයි.. FB ගිණුමක්. ඔයා ළඟ තියෙන්නෙත්, ඔයා නිර්මාණය කරපු හෝ ඔයා ගත්ත පොටෝ එකක් නෙවී.. නෙට් එකෙන් බාපු පොටෝ එකක්.. ඒක උඩයි.. ඔයා ඔයාගෙ කලුවර හීනය හැදුවෙ...

    එයා ඔයාව අනුකරණය කරලා තියෙනවා කියන එක හොඳටම පේනවා. ඒත් මුකුත්ම කරන්න බෑ.. නම් දෙකක්, ගිණුම් දෙකක් නිසා.. තවම එයා එයාගෙ නිර්මාණ දාලා නෑ.. ඒවා කොපි කළොත් අපි බලමු..

    ReplyDelete
  4. නැ නෙරංජි ඔය පින්තුරය මන් නෙට් එකෙන් බා ගත්ත එක්ක නෙමෙයි මට ඔක රංජිත් අයියා හදා දුන්නේ එයා ඇහුවා වොටර් මාර්ක් දාන්නද කියලාත් එත් මන් බ්ලොග් එකට පාවිච්චි කරන්න නිසා එපා කියලාත් කියුවා

    ReplyDelete
  5. අනේ මක්කැටෙයි ඕවා ගනං ගන්නේ. දැං කඩයක් දැම්මත් තරහ කාරයා නිව් කෑල්ල විතරක් දාලා ඒ නමම දාන්නේ.. ගනං ගන්න නාකං සතේකට ඕවා..

    ReplyDelete
  6. දැන් මේ ලින්ක් එකට යන්න බෑ නේද? කොහොමත් ඔව්වා ගණන් ගන්න එපා අප්පා....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ශෂියාට මාව මතක ඇතැයි සිතමි...මගේ පොඩියට කරගෙන බ්ලොග් අඩවියේ ආරම්භක සාමාජිකාවක් වන උඹ ගැන මට අමුතුවෙන් කිව යුතු නැත. එකම විදිහේ අත්දැකීමකට දෙවිදිහකට මුහුණ දුන් උඹත්, මමත් ජීවිතයේ ඉදිරියද දෙවිදිහකට දකින බවනම් කිව යුතුය.අත්හැර දැමිය යුතූ දෑ කරපින්නාගෙන නොයායුතු බව උඹට අදත් කියමි. කළූවර හීනය කිසිවෙකුට කොපි කල නොහැක. මන්දය යත් බ්ලොග් අඩවියකට වඩා එය ආත්මකථනයක් වන බැවිනි. කොපි කරන හැම වතාවකම සතුටු වෙයන් යැයි කියමි. කොපි කළ යුතු යමක් නිර්මාණය කිරිම පහසු කාර්යයක් නොවන බව වටහාගෙන ඉදිරියට යන්නට දිරි.
    - ජෙමා

    ReplyDelete
  9. එයා අක්කව කොපි කරනව කියන්නෙ අක්ක තව කෙනෙක්ට කොපි කරන්න හිතෙන විදියෙ යමක් කරල තියනව කියන එක,ඉතිං අක්කෙ මේ දේ ගැන කළකිරෙන්න එපා,තව තවත් හයිය අරං කළුවර හීනය ලස්සන කරන්න කළිං වගේම..
    "මාව රස විදින මාව කියවන්න එන නුඹට කල යුත්තේ කුමක්දැයි යන්න තිරණය කිරිමට අවසර ලබා දෙමින් මම නිහඩ වෙන්නම්"
    මට හිතුණ මං කරන්නම් එහෙනම්,අක්කට ජය!

    ReplyDelete
  10. මූණුපොතේ ඒ පිටුවට යන්න බැහැනේ. හ්ම්ම්, කවුරු මොනවා කරත් අපිට මොකද අක්කෙ? තමන්ගේ නිර්මාණයක් කර ගන්න බැරි තරම් දුර්වල මිනිස්සුන්ට අපි අනුකම්පා කරන්න ඕනේ.

    ReplyDelete
  11. නොසැලෙන් සූරියකාන්තා..............

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?