Tuesday, September 10, 2013

කඳුළු කවිකම්

මතක කඳුලින් දෙවු දෙනුවන් ඇසඟ සිතල තවරලා
සිතට රහසින් හෙලු කඳුලැලි මතක එකිනෙක අහුරලා
ඇවිද ආ ගිය පාළු මගතොට අපේ සැමරුම් හිරවෙලා
නුඹට රහසින් මමත් නවතිමි නෙතඟ කඳුලින් බරවෙලා

වැටි හිනැහුන රොබරොසි මල් එකින් එක අද පරවෙලා
අපේ මතකෙට රහස් අමුණයි මලින් මල ගෙන ඇහිදලා
මතක එක්වුණු පාළු ලන්දේ මඟතොටක අපි තනිවෙලා
කියු පෙම්බස් ආයෙ මුමුණමු මතකයන් තුරුලට වෙලා


ඉඳ හිටක හො නුඹේ සුළඟක් ලඟ රැදේදො සොයනෙමි
හද සොයන එ මතක අහුරට තව තවත් පෙම් කවි පබඳිමි
කඳුළු මල් හද සනසවයි නම් උනන කඳුලැලි සිපගමි
යලිත් එයි නම් සිහිනයට වුව ආදරෙන් හිත පුදදෙමි


 
 සුවඳ තැවරුනු මතකයන් ලඟ දෙදණ තබමින් හිනැහිලා
හෙටත් හිනැහෙමි නුඹේ දෙස මම බලා රහසින් සැනසිලා
කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා


__කළුවර හීනය__

 

8 comments:

  1. ලස්සනයි මේ කවි ටික..

    ReplyDelete
  2. හැමදාම වගේ ලස්සණ යි. ඒත් දුක යි. කළුවර හීනයට සඳ පායන්නේ නැද්ද?

    ReplyDelete
  3. //කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
    යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා//
    මෙ අත්බව හමු වන්න පතනෙමි පැතුම් ඉටු වී හිනැහිලා....

    ReplyDelete
  4. ඔන්න අදත් මම පොඩි අඩුපාඩු දෙකක් පෙන්නලා දෙනවා. පළමු පේලියේ"ඇස'ග" යන යෙදුමට වඩා නෙතග වැනි වචනයක් ගැලපේ. වැටී හිනැහුන වැනි යෙදුමක් මලක් වැටෙන්නේ පරවුණාම නේ එතකොට වැටුනු මල් හිනාවෙන්නේ කොහොමද? එතැනටත් "පිපි හිනැහුණ" වගේ යෙදුමක් හොඳයි.

    ReplyDelete
  5. මහ රැක කලුවරම හීනයට පද සොයන නුබේ හිත ලග දැවටිලා
    ඉන්න ආසයි මටත් පෙර මෙන් අපේ මතකෙන් දැවටිලා
    වැරදුනේ දිවි මගේ කොතනද අදත් සොයනෙමි තනි වෙලා
    එන්න ලගටම බලාගන්නෙමි ඇස් දෙකේ නුබ සගවලා

    දිවි මගේ සුදු හසගනකි නුබ මට
    දියෙන් කිරි වෙන් කල නියා
    හුස්ම ටික මගේ නුබයි සදහට
    තුරුලේ මියයමි මා සදා
    තනිකලේ කීම නැගේ නුබ මා
    ආදරේ සිහිනය කියා
    මියෙමි නුබ මට ආදරේ කල
    එකම එක බැල්මක් වෙලා ....

    ලස්සන කවි .. කවි මගේ ආත්මය නිසා සහ මට මේ අත්දැකීම සමීප නිසා දැනුනා ගොඩක් ...

    මම
    නෙතු කදුළු දියවර

    http://nethukadulu.blogspot.com/

    ReplyDelete
  6. ඇත්තටම ලස්සනයි.ඒත් ගොඩක් දුකයි.මේ කවි පේළි මගේ අතීතයත් සිහි කළා.ඒකයි ගොඩක්ම දුක...

    ReplyDelete
  7. මතක නැහැ මට එදා සෙනෙහස නුබම එය මට නැති කළා...
    මාව අරගෙන රහස් කිය කිය මාව මාගෙන් වෙන් කළා....
    නුබේ මුවඟින් කියූ වැදි බණ මගේ මතකය ගොළු කළා....
    කඳුළු කුමටද නුබම දුර ගිය මතක ඇත මගේ තනි වෙලා....

    රෝස තොල් මත තියා මගේ මුව සිප ගත්තු හැටි සිහි කළා....
    තාම මතකයි මහා වැස්සක ඔයා මගේ ළඟ තනි වෙලා....
    පාළු මග තොට යනෙන හැම විට අපිම දුර ගොස් ඉගිලිලා....
    මතක ලඳු මත, කැලෑ මල් අද මටත් සුවයක් නැති වෙලා....

    ඇහැල මල් පිපි විසිරි මග තොට නුබව මා අද සොයනෙමි....
    ලියන පෙම් කවි තාම හුළඟට වැහි දියට මුසු කරනෙමි....
    කඳුළු නැහැ ළඟ වියලිලා ඇස මතක අස්සේ නුබ ඉමි.....
    ආවොතින් යලි නුබව සිරකර නුබේ ළඟ මම ගොළු වෙමි....



    පාළු අහසක එදා මග තොට රැඳෙන්නට මට ආසයි....
    නුබේ තොල් පෙති එදා වාගේම තෙමන්නට දැන් ලෝබයි....
    මහා වැස්සක හීතලට ගුලි වෙලා ඉන්නට ඕනේයි....
    යනෙන මග තොට නුබව සිහිකර සරන්නට මම ආසයි...

    - මම Bora Diyaka Induwara

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?