Tuesday, September 3, 2013

එත් හමුවෙමු පුරුදු සසරක



         සිත කඳුලක් වැටි හෙමිහින්
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා

සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා

හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා

--කළුවර හීනය--


9 comments:

  1. අතන “නුඹ මතක පිටුවක් වෙලා“ වගේ උනා නං විරිත හරියනවා නේද... අගනා අදහසක්..

    ReplyDelete
    Replies
    1. ආ ඔව් තමයි. ලස්සණ යි කවි පෙළ.

      Delete
  2. ඇඅ දේසා කිව්ව තැන වගේම
    //හමුවෙලා එක්වෙන්න සසරේ
    පිරු පින් මදි අපි රැස්කලා//
    මේ දෙපේලියෙ අපි කියන පදේ වැඩියි වගේ පේනවා

    තාලයට කියද්දි පුංචි වැඩියක් පේනවා..

    අදහස ලස්සනයි වෙනද වගේම :)

    ReplyDelete

  3. සීත නුබ මට කඳුළු වෙසඟින්....
    මගේ නෙතු අග පරවෙලා...
    මතක මංපෙත් දවා අළුකර.....
    අපේ සෙනෙහස මියැදිලා....

    හුස්ම හිරවී හදින් රිදුමන්...
    ආදරේ අද නුබ සලා....
    තනිව හිඳී නුබේ, නුබේ සිත ළඟ...
    මතක අස්සේ මියැදිලා....


    සසර දුර මග යනෙන ගමනක,...
    නුබම මා හට නැතිකළා...
    හමුවන්න බෑ මට පුරුදු නෑ නුබ....
    ඇගෙ ලඟ මා තනිකලා.....


    මියැදෙන්න බෑ මට එදා මතකය....
    තාම හිත අස්සේ තියා....
    අළු උනා ඒ අපේ පෙම හැම...
    නුබව මියැදී නැතිකළා....

    Bora Diyaka Induwara

    ReplyDelete
  4. එත් හමුවෙමු පුරුදු සසරක
    යලිත් පෙම් හිත ඇහැරවා

    :(

    ReplyDelete
  5. අදයි ඔබගේ අඩවියට ආවේ. හරිම ලස්සනයි. කවි හරිම ලස්සනයි. අපේ බ්ලොග් එකේ ලින්ක් එකක් දුන්නා. දැන් හැම කවියක් ම කියවන්න පුළුවන්

    කුරැටු ගෑ ගී පවුරේ අපි

    ReplyDelete
  6. නියමයි දිලිනි!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. මේවා කවියෙන් ඔබ්බට ගිය ගීත පදමාලාවලට බෙහෙවින් සමීපයි. ඒ නිසා වැඩිපුර ගිත සාහිත්‍ය ඇසුරු කරන්න ඉදිරියේ ප්‍රයෝජනයත් ගන්න පුලුවන්.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?