Friday, August 9, 2013

හදේ රැව්දෙන තාලේ



නිකිණි වරුසා ඇද වැටි
කදුළු ගංඟා සේදුනි
හදෙ කොනකම මැවුනු සෙනෙහස
නුඹෙ නමටම ඉතිරුනි...

සිත වැස්සෙ තෙමි තෙමි
කදුලු මල් දම් ගොතනෙමි
හදෙ නැගෙනා රාවේ ලඟ හිද
නුඹෙ සෙනෙහස සොයනෙමි.....

පැතුම් මල් එකිනෙක පිපි
නුඹේ උණුසුම සොයනෙමි
හදෙ රැව්දෙන තාලෙ සිහිකර
නුඹේ නමටම පද අමුණමි...

__
කළුවර හීනය__

 

13 comments:

  1. හ්ම්ම්ම් නුබ නමට පද අමුනමි...

    ReplyDelete
    Replies
    1. හම්මේ කාලෙකින් කොහෙද ගිහින් හිටියේ

      Delete
  2. පද පෙල අගෙයි...කඳුලු ඉතිරුන තැනක ඇයි තවත් උනුහුම හොයන්නේ...

    ReplyDelete
    Replies
    1. කඳුළු තිබුනත් එ උනුහුමට මන් හුඟක් ආසයි

      Delete
  3. ඔබේ පූර්ව අවසරයකින් තොරව මට හිතෙන හැටියට කවිය තුළ තිබුණ ගීතවත් බව මතුකළා. ‍ඔබේ කවියේ ඒ සංස්කරණය තමයි මේ. දැන් බලන්න මේ ගීයක් නොවේද කියලා.


    නිකිණි වරුසා ඇද වැටි
    කදුළු ගංඟා සේදුනි
    හදේ සඟවා මැවූ සෙනෙහස
    නුඹේ නමටම ඉහිරුනි...

    සිත වැස්සෙ තෙමි තෙමි
    කදුලු මල් දම් ගොතනෙමි
    හදේ නැගෙනා රාව විඳිමින්
    නුඹෙ සෙනෙහස සොයනෙමි.....

    පැතුම් මල් එකිනෙක පිපි
    නුඹේ උණුසුම සොයනෙමි
    හදේ රැව්දෙන තාල සිහිකර
    නුඹේ නමට පද අමුණමි...

    - අයිතිය කලුවර හීනය සතුය.... -

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තුතියි
      මන් නොදැක්ක පැත්තක් මගේ කවියේ

      Delete
  4. සොයන්නාට සම්බ වේ....

    ReplyDelete


  5. අහසින් වැටෙන එක දිය බිඳුවක් ගානේ...
    පොලවට වැටි බොර දිය රැලි ගැලුවානේ....
    කඳුළු ඇවිත් ඒ දිය බින්දුවෙම මුහුණේ....
    නුබේ නමට සෙනෙහස තව වැඩුනා නේ....


    සීත වැස්සේ තෙමි තෙමි නුබ ලඟම ඉමි.....
    කඳුළුවලින් නුබ සමඟම සිනාසෙමි.....
    හදේ රිදුම් ගැහෙන හඬට මුසු කරමි....
    නුබේ නමට මා සෙනෙහස උරුම දෙමි....


    පැතුම් එකිනෙක පිපි පරවෙන මගේ සෙනෙහස ළඟ තියා.....
    නුබේ සෙනෙහස උනුහුමට ගෙන ලොවේ අගතැන් පත් කියා....
    හදේ රැව් දෙන ගැස්මේ තාලය සෙනෙහසින් නුබටම ලියා.....
    කවිය නුබ මට අහිමි බව දැන කඳුළු අතරින් ගෙන ගියා.....

    දකින සිහිනය අකුණු හඬ මත සැනින් ගැස්සී බොඳ වෙලා....
    කළුවරයි මේ විජිතයම අපෙ අපිට හිමි නැති පෙම වෙලා....
    නුබ නමින් ලියවුනත් කවි පද හදේ දුක මගෙ පමණක් වෙලා....
    සිහිනයක් ළඟ සත් මහල් ළඟ අසරණයි පැල්පත හලා......


    -:බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. අකුරු ලගපා සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
      සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
      හදේ රැව් දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
      හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා

      හැමදාමත් වගේ ලස්සන පිලිතුරු කවියක්
      :)


      Delete
    2. අකුරු ගලපා ලියු කවියට මගේ ගොළු හිත පිබිදිලා....
      නුබේ දෙනුවන් මගේ දෑසට රසඳුනක් ලෙස රඳවලා.....
      සිතේ පැතුමන් ගැහෙන හද තුල අනේ හෙමිහිට පරවෙලා.....
      ලියු කවියේ තාල පදවැල් හොර හොරෙන් අද වියැකිලා.....

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?