Friday, August 30, 2013

සිනාසෙමි මම උන්නු තැන හිද කඳුළු පෙම් හිත රවටලා

සිහින් වැහිපොඳ වැටි සියොළඟ
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.

ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා

කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා


__ කළුවර හීනය__

 

14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වැටුණ වැහිපොද නුබේ ගත මත මගේ හදවත ගොළු කළා...
    මාලනික සඳ සැඟවිලා අද ගණදුරට හිත නැතිකළා....
    බොඳ උනත් පෙම එදා මතකය තාම හැඟුමන් මත් කළා...
    පලා යන හඳ වෙලාගෙන සිත මාව අද මට නැතිකළා....


    ඈත අහසේ වෙලා තරුවක් නුබ දිහා නෙත බල බලා....
    කඳුළු පීදෙන, සිහිනයක් ළඟ කීරි ගැහි සිත නැතිකළා....
    සීතලයි මේ වහින වැහි බිඳු කවි සිතට අද හිනැහිලා.....
    විහඟ රෑනක් වුනේ ඇයි මම ආදරේ ළඟ නැතිවෙලා....

    සැමරුමක් සිත පුරා දුවමින් මතකයේ මං ඇවිලුවා...
    තෙමි පර මළ ආලයෙන් හිත තාම ඇත නුබ මගෙ වෙලා...
    මිරිගුවක් නොව තැලුන ගල් හිත ඉරි තැලී සියොළඟ මළා...
    හඬනවා මම තාම එතැනම රවටලා හිත රිදවලා....

    කඳුළු එකිනෙක අමුණලා මම, නුබ මගේ ළඟටම අරං...
    හිනැහෙනා ලොව දෙස බලා මම සිඹිනවා ලොවටම හොරෙන්....
    මියෙදෙනා දින තනි යහන මත නුබ හොවා ආලේ නමින්....
    තනි උනත් මම පතනවා තව, නුබ මගේ වෙන්නට ඉතිං....

    Bora Diyaka Induwara

    ReplyDelete
  3. ඹ්ලොග් එකේ ටෙම්පුව මාර ලස්සනයි :)
    - ඇයි ටෙම්ප්ලේට් එක විතරද ?

    නෑ නෑ... ටෙම්පුවත් ලස්සනයි, කවියත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. සිරාවටම මන් දැක්ක පට්ට ලස්සන බ්ලොග් වලින් එකක්.. නමට මාර විදියට මැචිං :)

      Delete
  4. ජීවිතේ ළඟ දැවටි දැවටී
    මාරුතේ දුර ඇදෙනවා
    පාළුවේ හිත කීරි ගැහි ගැහි
    කඳුළු දෙකොපුළ සිඹිනවා
    ආදරෙන් කවි පේළි ගෙති ගෙති
    එයම සෝකෙන් ගයනවා
    නිහඬ රැයකට හීන පුර පුර
    මිරිඟුවෙන් දිය සොයනවා...

    ReplyDelete
  5. ජීවිතේ ළඟ දැවටි දැවටී
    මාරුතේ දුර ඇදෙනවා
    පාළුවේ හිත කීරි ගැහි ගැහි
    කඳුළු දෙකොපුළ සිඹිනවා
    ආදරෙන් කවි පේළි ගෙති ගෙති
    එයම සෝකෙන් ගයනවා
    නිහඬ රැයකට හීන පුර පුර
    මිරිඟුවෙන් දිය සොයනවා...

    ReplyDelete
  6. ජීවිතේ ළඟ දැවටි දැවටී
    මාරුතේ දුර ඇදෙනවා
    පාළුවේ හිත කීරි ගැහි ගැහි
    කඳුළු දෙකොපුළ සිඹිනවා
    ආදරෙන් කවි පේළි ගෙති ගෙති
    එයම සෝකෙන් ගයනවා
    නිහඬ රැයකට හීන පුර පුර
    මිරිඟුවෙන් දිය සොයනවා...

    ReplyDelete
    Replies
    1. තුන් පාරක් කියවන්න කියල ලිව්වනම් අහවරයි නේ :D

      Delete
  7. කවියක හිරවෙන්නෙ කෝමද බොල??

    රසයි හොදේ!!

    ReplyDelete
  8. ලස්සනයි නංගී !

    ReplyDelete
  9. ලස්සණ යි ලස්සණ යි.

    ReplyDelete
  10. liyannata thawa boho de atha
    sitha sulage dawatila
    hadagannata baruwa me sitha
    thawama hadanawa thaniwela

    lassanai nanga ... mama aluth kenek enna me paththe niwadu welawaka .. theruwan saranai

    http://nethukadulu.blogspot.com/

    ReplyDelete
  11. මං මේ බැලුවෙ එලි වැට .. :)

    සැඟවිලා කියන එක විතරයි දෙපාරක් යෙදිල තියෙන්නෙ.. මට සමහර වෙලාවට ඔය වචන එන්නෙ නෑ එලිවැටට .. දක්සයි ඔයා ගොඩක් :) ^_^ නතිං ටු සේ වෙන දෙයක් :3

    ReplyDelete
  12. දුකින් උපනත් කඳුළු කවිකම්
    ලියමි සතුටින් මේ බලා
    කොතෙක් සොඳුරුද නුඹේ කවිපද
    දිනෙන් දින තව හැඩ වෙලා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?