Saturday, August 24, 2013

ඉතින් යන්නට දෙන්න අවසර




  අකුරු ගලපා සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
හදේ රැව්දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා

අහස සරසන තරු මලක් ලඟ සඳ ඇවිත් අද නැවතිලා
මතක මළුවේ පෙම් හිතක් ලඟ නුඹත් කොහෙදො  හැන්ගිලා
කතා නොකියන පෙම් කතාවක පෙම්වතුන් ලෙස හිනැහිලා
ආදරෙන් හිත ආල වැඩු හැටි කඳුළු දෙනුවන් තෙත්කලා
  
දෙඇස් අද්දර හීන මැවෙනා සුපෙම් හදවත දකිනෙමයි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි

_ කළුවර හීනය__

-------------------------------------------------------------------------

 ඔන්න කළුවර හීනය බලන්න එන හැමොන්ටම කියන්න අලුත් පනිවිඩයක් තියනවා... එ තමයි ටික දවසට මම හැමදේකින්ම ඇත් වෙනවා..
ඇත්වෙනවා කියන්නේ හැමදාටම නෙමෙයි ඉක්මනින් එන්න බලාපොරොත්තුවක් හද කොනක තියාගෙන.....යන්නේ නම් හිතේ කැමැත්තකින් නෙමෙයි එත් යන්න ඔනේම නිසා.. වැඩි ඇතකට නොවුනත් ඒත් ටික කාලෙකට විතර හැමොන්ගෙන්ම  දුරකට.. මගේ රැකියාවේ පුංචි වෙනසක් වුනා..එක නිසාම මට ලංකාවෙන් ටිකක් ඇතට යන්න වෙන්නවා.. අවුරුදු 4කට වගේ මේ පුංචි කාලයක්
 හම්ම්ම් පුංචිමත් නැ...
 හැමදේම වෙනස් වෙන්නත් පුළුවන් නැත්තනම් මේ තියන විදියට තියෙන්නත් පුළුවන්... මොනා වුනත් සයිබර් බක් මහා උළේලයි ගෙට්ටුවයි නම් මට මඟහැරෙයි එගැන පුංචි දුකකුත් තියනවා... කියන්න හුඟක් දෙවල් තිබ්බත් න් එ හැමදෙයක්ම හදවතේ කොනකම රඳවලා මම යන්නේ පරිස්සමට..
එහෙමනම් ඉතින් මන් යනවා කියන්නේ නැ එත් ලඟදිම එන්න බලාපොරොතුවෙන් ගිහින් එන්නම්
:)
 එහෙමනම්


15 comments:

  1. හ්ම්ම්.. පරිස්සමින් ගිහින් එන්න අපි බලන් ඉන්නවා,,,

    අයි ලවු යු අක්කෝ... ^_^ ගියාට පස්සේ ඔච්චර කාලයක් නොඉඳ බ්ලොග් එකට බුකියට එයි කියල හිතනවා එන්න ඈ ^_^
    බුදුසරණයි ,,

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එතෙන් අයින් වෙන්නේ නැ මල්ලයො එත් ටික දවසක් ලියන්න බැරි වෙයි :( එත්පුළුවන් ඉක්මනින්ම එනවා

      Delete
  2. ඕනේ මං පිටරට ජීවිතේට හැඩ ගැහෙන්න මාස 3 ක් දෙන්නං. ඊට වඩා නං බැරියෝ. ඉක්මනට ම ආයෙත් එන්න. රැකියාවේ කටුයුතු හොඳින් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම හැම දෙයක් ම හොඳින් විස‍ඳෙන්න මගේ සුභ පැතුම්! කළුවර හීනය වෙනස් වෙනවා නං අපිත් කැමති යි. හැමදාමත් කළුවරේ ඉන්න බැහැනේ.

    ReplyDelete
  3. අම්මටසිරි අවුරුදු 4ක්???
    කජු ඇටද කොස් ඇටද??
    ඔය ටොපියම ලගදි මටත් සෙට් වෙයි වගේ...
    ජයවේවා ඈ...

    ReplyDelete
  4. සුබ පැතුම්..පරෙස්සමට ගිහින් ආයෙත් එන්න.. කවද හරි ආයෙත් සයිබර් උළෙලක මුණ ගැහෙමු...

    ReplyDelete
  5. සුබ ගමන්, තෙරුවන් සරණයි!

    ReplyDelete
  6. සුබ ගමනක් වේවා.... ඔබට සුබ ගමනක් වේවා...

    ReplyDelete
  7. සුබ ගමන් අක්කි! සියළු කටයුතු සාර්ථක වේවා!! හැම දෙයක්ම හොදම විදියට වෙන්න කියලා සුබ පතනවා! ගිය පාර ගෙට්ටු එකකට්වත් එන්න වුනේ නැති හින්දා, ආසාවක් තිබ්බා අක්කිව හම්බවෙන්න/කතා කරන්න ආයෙමත් හම්බවුන දවසක. ඒත් ඒක අවුරුදු 4කට කල් යාවි!

    කමක් නෑ.. බලමු! කවදා හරි දවසක හම්බවෙමුකෝ! ජය වේවා!!! <3

    ReplyDelete

  8. ඔහේ දුවනා සිතැඟි එක් කොට කඳුළු බිඳකින් අමුණලා....
    සිහින පිළිකුල් කඳුළු බිඳු නිල් නුවන් අගටම පැමිණිලා....
    හදේ ගැයෙනා, වියෝ ප්‍රේමය සොහොන් කොත් අග සඟවලා.....
    හදේ මැවෙනා නුබේ මතකය කවිය අගකින් නැති වෙලා.....

    අහසේ සරනා තරු පොකුරු දැක ආයේ නෑවිත් ගිලිහිලා....
    මතකයක් නෑ, ආදරේ ළඟ නුබ එදා සිත රිදවලා...
    කතාවක් නැති පොත් කොනක අපෙ එදා මතකය සඟවලා....
    කඳුළු දී නුබ යන්නේ කොහිවද මගේ හදවත රිදවලා....

    ඈත මැවෙනා අනන්තය දෙස බලා සිටිනට වෙහෙසෙමි....
    අකුරු එක එක අමුණලා කවි නුබේ නමටම ලියනෙමි....
    අපේ යැයි නුබ කියූ පෙර වත හදේ කොනකට ගෙන එමී....
    දුරක සිටියත් ලඟින් උන් ඒ කාලේ සිහිකර හඬනෙමී.....


    ( ඔයා ගියාම මම කවි ලියන්නේ කාටද ? ඔයා යන්නේ නැහැ. මම දන්නවා. ඔයා යන්නේ නැහැ. ඕකේ ගියත් එනවා. මොකද එහෙ නෙට් නැතුව නෙමෙයි නේ.. :/ )

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි මචං.. නියම පිලිතුරු කවි පන්තියක්

      එලිසමය මුල් කවි පන්තියට ගැලපුව හැටිත් අපූරුයි :)

      Delete
  9. ලොව ඇත්තේ යෑම් ඊම් ය...සුබ ගමන්!

    ReplyDelete
  10. හ්ම්ම්ම් ඒකත් එහෙමද. පරිස්සමින් .......

    ReplyDelete
  11. මං අද දැක්කෙ :(

    හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ත්නා කරනවා

    ReplyDelete
  12. කරදරයක් නැතිව ඔබගේ වැඩ කටයුතු කර ගැනීමට ධෛර්‍යය ශක්තිය ලැබේවා.

    ReplyDelete
  13. සුභ ගමන් සෙහා්දරී.....යන කටයුත්ත සාර්ථක කරගන්න ශක්තිය ඔබට ලැබේවා...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?