Sunday, August 4, 2013

එන්න සවසක ගී ගයන්නට




සුවඳ තැවරු මතක අහුරක
එති පැටලි සෙමින් දවසක 
පාට හිනෙක පිපි හිනැහෙන 
නුඹයි කුමරුන් හදේ නැවතුන 


අහස් කුස සිබ සිත සවසක 
ඉගිල යන නිල් කුරුලු රැනට 
සිත සුළඟක එති හෙමිහිට 
රංචු ගැහුනා නුඹත් හිනෙට 


විහඟ ගී හඩ කෑ ගසා අද 
මගේ සියොලඟ දවන තාලෙට 
එන්න සවසක ගී ගයන්නට 
හිතේ නලියන පෙම් හැඟුම් ගෙන



21 comments:

  1. ගී ගයන්නට එන්න තරම් හිත සන්සුන් නෑ මගේ...............

    ReplyDelete
    Replies
    1. හිතක් කලබල වුනාම ගිතයකට පුළුවන් හුඟක් හිතට සැනසුමක් ගෙන්න

      Delete
  2. ඒවි සවසක ප්‍රේම ගීයේ තනුව තැනුමට

    ReplyDelete
    Replies
    1. එනකම් මන් මඟ බලාගෙනඉන්නේ එත් කො තාම නැනේ :/

      Delete
  3. මතක ඇහිරු සුවඳ එළිපිට...
    ගලා යන විට සිතින් නුබ මට....
    වෛර කලමුත් සොයා මා හට...
    හීන වියැකී යයි ද හෙට සිට....

    අහස් කුස කළුවරින් වැසුණා...
    අකුණු සැඩ මහා සුළං හමනා.....
    කටුක දිවියට නුබද ගෙනෙනා....
    දරා ගන්නට මෙයින් කියනා.....

    විහඟ ගී ඇසෙයි දස දෙස...
    දකින නෙත අද කියයි මගේ වස....
    දරා ගන්නට හැකිද නුබ හිස....
    ආලේ තිබෙදැයි අසමි මා ලෙස....


    ආලේ දිවි තෙර වගෙයි කියනා...
    ලොවේ මිනිසුන් බොහෝ සිටිනා....
    නමුත් දිවියට සතුට ගෙනෙනා...
    එකදු ආදර කතා නැතිනා....

    බොර දියක ඉඳුවර එන්න එබෙන්න බොර දියට

    ReplyDelete
    Replies
    1. නියම පිළිතුරක්....

      Delete
    2. සතුට සිනහව හදක රැඳවුන
      මිහිරි සිත ලඟ සිහින දකිමින
      පාට ලෝකෙම මලින් සැරසුන
      සොදුරු අඳුනකි නෙතම හඳුනන

      තාල ගි පද ඔහේ රැව්දෙන්
      විහඟ ගොමු රැල ඉගිල ගියදෙන්
      හීන එකිනෙක පාව ගියදෙන්
      හද සැනසුම පිටව ගියදෙන්

      මලින් බර වුන සිත සවසක
      කුරුළු රැනෙ මිහිරි ගීතෙක
      හෙමින් සැඟවුන නුඹේ හදවත
      සෙනෙහෙ පිරුවා සුවඳ තාලෙට

      යදම් රැහැනින් බැඳි තිබෙනා
      ලොවේ සැනසුම කියන ලෙසිනා
      මලින් බර වුන ප්‍රේම කවි වැල්
      නැනත් ගොතමුකෝ තියන ලෙසිනා



      ලස්සන පිළිතුරු කවියක්

      Delete
  4. බෙනි ගෙ පද වැලට අර පද වැලත් අපුරුවට පෑහෙනවා නෙවෙද. මගේ හිතෙත් නලියන හැගුම් ටිකක් තමයි මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. කවියකට කවියෙන්ම උත්තර බඳින්න ඕනා නොවෑ... :D අඩ නින්දේ පද ඇමිණුවේ. දැනුයි කියෙව්වේ මමත්.. :)

      Delete
    2. ඇත්තටම ඒ පිළිතුරු කවිය හුඟක් ලස්සනයි

      Delete
  5. ටෙනිසන් වගේ අපිට නම් කවි ලියන්න හිතේ විවේකේ අඩුයි ඔන්න...

    කොහොම උනත් ලස්සන කවියක්....

    ReplyDelete
    Replies
    1. අඩ අඳුරේ ලියු කවිය සැම දකිනවා...
      සඳ එලිය කවුළුවක මට පෙනෙනවා.....
      මම ලියපු මේ කවිය ඔබ බලනවා...
      ඒ කවියේ ඔච්චමට නුබ කියනවා...:p

      Delete
    2. කවියෙන්ම වැනුවා එහෙනම්.....

      Delete
  6. පාට තැවරු සොඳුරු සිහිනය
    දැවී පොඩි වී කුරිරු මතක තුල
    අළු ගසා නැගිටින්න ගත් කල
    ඇද දමයි යලි පොලව මතටම

    ReplyDelete
    Replies
    1. මැරි මැරි උපදිනා භවයෙක
      මැරි අළු වුන රුදුරු පේමෙට
      යන්න කිවත් හිතින් හැමවිට
      යන්න දෙන්නැ මතකේ රහසේම

      Delete
  7. සුන්දරයි ඔබෙ කවි පදය මට
    ලස්සනයි එහි ගැබ්ව ඇති දෙය ^_^

    ReplyDelete
  8. ප්‍රේමයේ ගී ආරාධනා....
    එන්න සවසක ගී ගයන්නට
    හිතේ නලියන පෙම් හැඟුම් ගෙන......

    මේ අපූරු යෙදුම නිසා කවියේ අරුත හිතට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ගිතයක කවියක පුළුවන් පෙම් හිතක් නලවන්න හරි ලස්සනට

      Delete
  9. පාට ඉහිරුණ හවස් යාමෙක
    සිහින අරගෙන දෝත පා ගෙන
    මල් මිටක් සේ සිනාසී ගෙන
    ඇරයුමින් සැනැහී වඩිනු ඇත..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?