Sunday, July 14, 2013

ඉරත් මළගම් ගොහින්

ඉර ඇහැරෙන විට මල් පිදෙනවා කියන්නේ බොරු
මල් පිදෙන්නේ ඉර ඇහෙරෙන නිසා නෙමෙයි
මල් පිදෙන්නේ මල් වලටත් පාට පාට ලොකේ සුවය විදින්න ඔනේ නිසයි
ඔය පිදෙන මල් කැකුළු දවසක පර වෙනවා
පරවෙලා පොළවට පස් වෙනවාම තමයි
එත් එක ඉරගේ වැරැද්ද නෙමෙයිනේ



අහසේ හරි ලස්සනට පායලා මුළු ලොකෙටම එළිය දෙන ඉරත් හවසට මළගම් යනවා යන්න අකමැති වුනත් ඉර මැකිලා යන්නේ යන්න ඔනේ නිසාමයි..
ඒ රෑ අහසට සඳ ඇවිදින් එළිය බෙදන්න ඔනේ නිසයි..ඉර මළගම් යන ක්ෂිතිජ ඉමෙදි අහස පොළොවත් එක්ක හාද වෙනවා
එක කාටවත් පෙන්නේ නැනේ ...

එක කවුරුවත් දන්නේ නැනේ...



 උදාගිරෙන් ඉර පායන කොට මාත් මගේ හිතත් වලාකුලක තියලා එ දිහා බලන් ඉන්නේ කවදාහරි ඔය ඉර මුළු ලොකෙටම එලිය දෙනවා වගේ මගේ ආතමයත් එලියකරාවි කියලා හිතාගෙයි

එත්
දැන් මුළු ආත්මයම හිස් වෙලා
රෑට පායන සඳ කැකුළුවකටවත් ඒ ආත්මයට සිසිලසක් දෙන්න බැ


ජිවිතය කියන්නේ හිස් වෙච්ච පොතක්
ආත්මය කියන්නේ ඒ හිස් වෙච්ච පොතේ තින්ත ඉවර වෙච්ච පැනකින් කුරුටු ගාපු එකම එක ලියවිල්ලක්
එන් එ බොඳ වෙච්ච ලියවිල්ලට ආදරෙයි
ආත්මය මළගම් ගියත් දවසක........


*******



‘මං හොයන ආදරය ඔයා ලඟ නැ කියලා ඔයාට තෙරෙන්නේ නැතිද‘

‘හම් එත් මන් හොයන ආදරය ඔයා ලඟ තියනවා ‘

‘ආදරයට වඩා අපි අතර තියන නොගැලපිම ඔයාට තෙරෙන්නේ නැතිද‘‘




‘මේ ලොකේ ගැලපෙන ජොඩු නැ අපි තමයි ගැලපිම් නොගැලපිම් හරියට ගලපගන්න ඔනේ ‘

‘ ඔයාට කවදාක්වත් මන් කියන දේ තෙරෙන්නේ නැ තෙරෙනත් තෙරුම් ගන්න උත්සහා කරන්නේ නැ...ඔයා හුඟක් උඩ අත්තක පිපුණ මලක් එ වගෙද මම? අපි දෙන්නට දෙන්න අහස පොලව වගෙ
කවදාක්වත් එකතුවෙන්න බැ

‘ අහස පොලොව ක්ෂිතිං ඉමෙදි එකතුවෙනවාලුනේ ‘

‘ඔයාට විකාර....ඉතින් ඇයි අපි නොලැබෙන දෙවල් වලට හීන බලන්නේ‘

‘හරි එහෙමනම් අපි හිනේ අලුත් කරගමු කළුවර වෙච්චි නැති පාට පාට හිනයක්‘

‘විකාරද ඔයා හිතනවාද මන් වගෙ කෙනෙක්ට ඔයාගේ අම්ම්මා ඔයාව දෙයි කියලා‘

‘ඉතින් මට අම්මෙක් නැ නේ‘

‘හැමදේම විහිළුවකට ගන්න එපා වෙන්නේ නැති දෙවල් වලට හින මවන්න එපා‘

‘හොඳයි එහෙමනම් මන් යන්නම් බුදුසරණයි‘




_________________________





ටික දවසකින් අළුත් දෙයක් ලියන්න බැරිවුනා
හදිස්සි අනතුරකට මුණ දෙන්න වුණ නිසා මුළු දවසම ඇදට වෙලාමයි ඉන්නේ
එකම විදියට ඉන්නකොටත් එපා වෙනවා
ඉන්න බැරිම තැන ඇවිත් හිතට වද දුන්න අකුරු ටිකක් ඔහේ කුරුටු ගැවා
ඉක්මනින්ම සනිප වුන ගමන් ඇවිත් අළුතින් දෙයක් කුරුටු ගාන්නම්
 

5 comments:

  1. ඉක්මනට සනිප වෙන්න සශි අක්කෝ...කුරුටු ගාපු දෙයක් වුනත් ලස්සනයි

    ReplyDelete
  2. ජිවිතය කියන්නේ හිස් වෙච්ච පොතක්
    ආත්මය කියන්නේ ඒ හිස් වෙච්ච පොතේ තින්ත ඉවර වෙච්ච පැනකින් කුරුටු ගාපු එකම එක ලියවිල්ලක්
    එන් එ බොඳ වෙච්ච ලියවිල්ලට ආදරෙයි
    ආත්මය මළගම් ගියත් දවසක........ ලස්සනයි ශෂී අක්කේ!!

    ReplyDelete
  3. කෙල්ලේ අනතුරක් වුණා කියල දැනගත්තා ඒත් කතා කරන්නවත් අංකයක් නෑ මා ලඟ. හැකිනං මගේ මුනු පොතට එය ඉන් බොක්ස් කරන්න. ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  4. ආදරය , අකමැතිම මාතෘකාවක්..

    එක තැනක මා විඳින ...
    තව තැනක නුබ හිඳින...
    ඒ අතර අපි බැඳුන...
    රැවටිල්ල බව කියන....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?