Wednesday, July 3, 2013

ඉතින් ඇතිවෙනකම් කොනිත්තපන්

තව කොනිත්තපන්
හයියෙන්ම කොනිත්තපන්
තැලෙනවා පොඩි වෙනවා
රිදෙනවා ඇඩෙනවා කියලා
දැන දැනත් තවත් හයියෙන් කොනිත්තපන්

ඇස් වලින් කඳුළු වෙනුවට
ලේ පනිනකන්ම
හයියෙන්ම කොනිත්තපන්
ඇට මස් ලේ නහර පසාරු කරගෙන
වේදනවා පිට දෙනකම්
තවත් හයියෙන්ම කොනිත්තපන්

මට පුළුවන් එතකොට උඹ කොනිත්තන
මගේ හදවත ඇතුලෙන්ම එක
සිතුවිලි අකුරු වලට පටලන්න
වෙනදාටත් වැඩියෙන් ලස්සනට තව ලියන්න

ඉතින් කොනිත්තපන්
දෙපාරක් හිතන්නේ නැතිවම
හැබැයි
උඹටත් දවසක එපා වෙවි
එ එපාවුන දවසට හිතපන්
උඹට වගෙම මටත් තිබ්බේ ආදරෙන් පරාද වුන
හදවතක් බව

තෙරුම් ගත්තොත් එදාට මට කතාකරපන්
නොවැරිදම....
එදාට නුඹ වෙනුවෙන් මම
අමුණපු අකුර පද කැලි දෙන්නම්
කියවන්න
උඹටත් ඇස් වලින් කඳුළු පනිනකම්ම

5 comments:

  1. මගේ සිතුවිලි ටිකක් කවි කරලද මන්දා :P ;)

    ReplyDelete
    Replies
    1. ඒ මේ මම කීවේ, මටත් මේ සිතුවිලි ටික එනවා, හැබැයි ලියාගන්න බැරි වුනා,, උයා ලියලා කියලා .. :D

      Delete
  2. හුඟක් ආවේගශීලි පද පෙළක් . . .

    ReplyDelete
  3. නිර්මාණයකට වේදනාවට වඩා ආදරය තියෙද්දී ලස්සනයි කියලා මම නම් හිතන්නේ. ඔයාගේ කවි හැමදාමත් ලාස්නයිනේ. දුක් උණේ නැතත්

    ReplyDelete
  4. අනේ මන්දා...මේ කවියට නම් මගෙ එච්චර කැමැත්තක් නෑ....මහින්ද හාමුදුරුවන් ගේ 'වරෙව් යමව් නැගිටිව් නො පියව් දෙ ඇස' වගේ...ඒත් ඒ වගේ අත්දැකීමක් නෙමේ නෙ මෙතන තියෙන්නේ.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?