Saturday, July 27, 2013

නොනිමි සෙනෙහස (2) වන කොටස

නොනිමි සෙනෙහස පළමු කොටස මෙතැනින්


වෙනදා මෙන් නොව හිත තුල ඇත්තේ මහා ලොකු බරකි
විටෙක හිත හිරිවට්ටන තරම් සුවයක් ගෙන ආවාද ක්ෂණිකයෙන් ඒ සුවය පහව යන්නේ නුඹ ගැන මතකය හිත හිරිවට්ටන නිසාවෙන්මය.
අමුත්තන් වාට්ටුවෙන් පිටව යා යුතු නිසාමත් තවත් බොහො දේ නුඹ හා දොඩමළු විමට තිබු නමුත් අකමැත්තෙන් හො මම නුඹට සමු දුන්නෙමි

‘රිද්මිකා දැන් යන්න මන් කතා කරන්නම්කො ඔයාට‘

ඇය නිහඩව මුණ වත රැක්කාය

‘හම් යන්න බැ වගෙද ඒත් කමක් නැ දැන් යන්න යන්න වෙලාව හරිනේ‘

‘මන් ගිහින් එන්නම් අයියේ බුදු සරණයි‘
‘තෙරුවන් සරණයි නංඟි පරිස්සමෙන්‘

මම ඇයට සමුදුන්නෙමි

හිත තුල දහසක් සිතුවිලි බුර බුරා දැල්වෙයි නොකියා ඇගේ දෙනුවනින් පවසය ආලය මගේ හදවත තුල ලැගුම් ගත්තේ අද ඊයෙක නොවන බව නම් නොරහසකි
ඇත්තෙන්ම රිද්මිකා යනු මාගේ දිවියේ නැවතුම් පලකි
කොටින්ම කියතොත් රිද්මිකා යනු හැරවුම් ලක්ෂයකි
නමුත් තිරණයක් ගත යුතුව තිබුනත් කෙසෙහො මා එම සිතුවිලි සමුදායන් නොතෙරුනාක් සේ හදවත කොනකම රදවා හිර කර තබනුයේ ‘ආදරය‘ යන අකුරු සතර තුල ඇගේ ජිවිතයක් මගේ ජිවිතයත් එකිනෙකට අතරමන් කල නොහැකි නිසාවෙනි.

මා හුදෙක් රිද්මිකාට ඇලුම් කලේ කෝල මුසු දඟකාර වදනින් ඇගේ මුළු දිවියම පිරි තිබු නිසාවෙන් විය හැකිය

එසෙත් නැතිනම් ජිවිතය නම් මහා කටුක ගංඟාව ඉදිරි පිට ඇය නොසැලි නොවැටි සිටිමට තරම් එඩිතර වු නිසාවෙන් විය හැක 
මේ දිවිය තුල ඇයට මුහුණ පැමට ලැබු සරදම් නම් මෙතෙක් යැයි කියා නිම කල නොහැක.
අදටත් ඇය ලඟ මාගේ හදවත නතර වුයේ ඇයි දැයි කියන්නට නොදනිමි
නමුත් ලෝකයේ දහසක් රුදුරු ඇස් අප වට කොට ඇති බව යලි යලිත් මගේ හිත තුලට නැග එන සැම මොහොතකදිම මම අකමැත්තෙන් හො ආසාවන් සියල්ල හිත තුල සිර කර ගතිමි

කඳුළු දැවැවද්දම ඇ අගසට තබා මාගේන් පැතුවේ ජිවිත කාලය පුරාවටම සින්නකරයට සිනහව ඇය ලඟ තබා යන ලෙසටය
මුවින් ඇ එබවක් නොඉල්ලුවත් ඇය හා දොඩමළු වෙන සැම මොහොතකදිම ඇගේ දෙනුවන් තව තවත් මාවම ඇය  ඇයදුවාය
ඇය නොකි එකම රහස නම් එය පමණි

දෛවය යනු පුදුම සහගත දෙයකි අපි නොසිතු වෙලාවක නොසිතු අයුරින් අප ජිවිතයට නොයෙක් ආකාරයේ පුද්ගලයන් මුණ ගස්වයි
සමහරු අකමැත්තෙන් වුවද ජිවිතයේ අතර මඟ නතර කර දමා යන අතර තවත් සමහරු කොතරම් අපි ලන් කර ගැනිමට උත්සහ කලද අපේ දිවිය හැර යන්නේ නොසිතන අයරකින්ය
රිද්මිකා යනු තවත් මගේ දිවියට හමුවු එවැනිම චරිතයකි
කොරම් ඇ හට මා සිත ආකර්ෂනය වුවද සම්මත ලොව තුල ඇය යනු හුදෙක් මට සිහිනයක් පමණි ඒ බැව් දැන දැනත් මා ඇය වෙත ලන් විමට නොසිතා ඇගෙන් ඇත් විමට කොතරම් උත්සහා ගත්තද ඊළඟ ක්ෂනිකයෙන් ඇය මාවෙතට ඇදි එන්නේ සුළඟ බඳු වේගයකිනි

ජිවිත ගමනේ ඇය ඇගේ ඉරණම් ගමන යැමට තවත් ටික දොහයි
ඇගේ ජිවිතය තවත් නන්නදුරනා තරුණයකු හා තින්දු වි අවසන්ය
ඒ බැව් මා නොදන්නවා නොවෙයි
කඳුළු බොන අතිතයක පැටළුනු රිද්මිකා ජානක හා ඉරණම් ගමන යැමට කොහෙත්ම සුදානම් නැත
එය ඇය වරෙක මට සහතික කර පවසා ඇත
ඇය සොයන කෙලිලොල් ජිවිතය ඔහු සතු නොවිමත් අසිමිත ලෙස ඇයට මුර කාවල් දමා ඇය ජිවිතය නැමති හුයේන් බැඳ තබා ගැනිමට වෙර දැරිමත් ජානක ඉදිරියේ රිද්මිකා ගෙන තැබු චොදනාවන්ය

‘දැන් ඉතින් කරන්න දෙයක් නැනේ දරුවො අකමැත්තෙන් වුනත් තාත්තා බලපු මනමාලයාව ඔයාට බඳින්නම වෙනවා‘

‘අයියාත් කියන්නේ මට අර මනුස්සයා බැදලා විදවන්න කියලාද
ඇයි දෙයියනේ මේ ලොකේ ඉන්න මිනිස්සුන්ට මාව තෙරුම් ගන්න බැරි‘

‘අපි හිතන පතන දේවල් අපිට ඒ විදියටම ලැබෙනවානම් ජිවිතේ කිසිම ලස්සනක් නැ නංඟි එක තෙරුම් ගන්න ඔයා එයාට අකමැති නම් එක කෙලින්ම දෙමාපියන්ට කලින් කියන්න කසාදය කියන්නේ සෙල්ලමක් නෙමෙයි දරුවො‘

මම ඇයට නොදැනි එත් කිව යුතුමයි කියා තිබු ලොකු තිරණයක් ගැනිමට උදව් කලෙමි

‘අයියාට තෙරෙන දෙවල් එ මනුස්සයාට තෙරෙන්නේ නැ එකනේ කරුමේ‘

‘හැමදේම හැමොන්ටම එකම විදියට ලැබෙන්නේ නැ එත් වුවමනාවක් තියනවානම් අපිට ඔනේම දෙයක් බලෙන් හරි ලඟා කරගන්න පුළුවන් එක තමයි ඇත්ත ‘


‘මන් හොයන ආදරය එයා ලඟ නැ අයියේ අඩුම තරම රුපය වත්‘

හම්ම්ම්



දිනෙන් දින ඇය මවෙතට ලන් වෙන්නට වෙර දරයි
මගේ සිත වුවද තහන්චි දමා හිර කර නොතිබුනත් මම ඇය හට මගේ හදවතේ දෙරඟුලු හැර දැමිමට කිසි විටකත් ඉඩ නොතැබිමට වඟ බලාගතිමි
ඒ සම්මත ලොකයෙන් ඇය හට අසම්මතයකට තවත් පණ නොපැනවිය යුතු නිසාවෙනි

**********
මගේ සිත මාවත් අතරමන් කරවන දැහැනක සමවැදි සිටියත් ඒ දැහැන බිඳ දැමුවේ ජන්ගමය නොනවත්වා නාද වු නිසාවෙනි

ඒ සඳලිය

‘සනු පරිස්මෙන් ගියාද‘

‘ඔව් අයියේ මේ ගෙදරට ගොඩ වුනා විතරයි හරි මහන්සි‘

‘ හරි සනු එහෙමනම් නාලා කාලා පරිස්සමනේ ඉන්න මන් රෑ වෙලා කතා කරන්නම්කො දොනි ඇන්දා එක්කත් ටිකක් කතතා කරන්න ඔනේ

 තව ටිකකින් දොස්තර එයි‘

හරි අයියේ දුව හොදටොම නිදි දැන් 

අයියාත් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම සනිප වෙන්න
මගේ අයියාට දළඳා සමිඳු පිහිටයි‘
‘තෙරුවන් සරණයි නංඟි‘

ජංගමය ක්‍රියා විරහිත කර මම ඇයට සමු දුන්නෙමි

බැඳිම් යනු හුදෙක් මිනිසා ජිවත් කරවන.. තවත් වරෙක මිනිසුන් ජිවිතයෙන් පරදවන අරුම පුදුම දෙයකි..

මතුසම්බන්ඳයි.....

6 comments:

  1. දැන් සනිපෙයි..

    ReplyDelete
    Replies
    1. දැන් හුඟක් සනිපයි.... දැන් ටිකක් ඇවිදින්න පුළුවන් එත් තාම හරියට බැ වේදනාවයි ඉදිමුමයි එහෙමමයි :(

      Delete
    2. ඉක්මන් සුව පතමි.

      Delete
  2. කතාව තව සුට්ටක් දිගට දැම්මා නම්ම්ම්ම්... හ්ම්ම්.. තව කතාව වැඩි දවස් යන්න නොදී දැම්මා නම්... මුල් කතාව මතකත් නැහැ නේ.. හ්ම්ම්.. කතාව පටා...න් අරගෙන තියෙන්නේ වේදනාවෙන් නේ.. :/

    ReplyDelete
  3. බැඳීම් යනු මිනිසා ජීවත් කරවන, එහෙත් සෑම විටම අවසානයේ වේදනාව උරුම කරවන යදමකි....

    ReplyDelete
  4. සමහර වෙලාවට දෙමවි පියන්ගේ අදහස් දරුවන්ට තේරෙන්නෙ නෑ. එහෙමත් නැත්නම් දරුවන්ගෙ අදහස් වලට ඒවා ගැලපෙන්නෙ නැ. එවැනි වෙලාවලට ඇතිවන්නේ සිත්තැවුල් විතරයි

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?