Saturday, July 27, 2013

නොනිමි සෙනෙහස (2) වන කොටස

නොනිමි සෙනෙහස පළමු කොටස මෙතැනින්


වෙනදා මෙන් නොව හිත තුල ඇත්තේ මහා ලොකු බරකි
විටෙක හිත හිරිවට්ටන තරම් සුවයක් ගෙන ආවාද ක්ෂණිකයෙන් ඒ සුවය පහව යන්නේ නුඹ ගැන මතකය හිත හිරිවට්ටන නිසාවෙන්මය.
අමුත්තන් වාට්ටුවෙන් පිටව යා යුතු නිසාමත් තවත් බොහො දේ නුඹ හා දොඩමළු විමට තිබු නමුත් අකමැත්තෙන් හො මම නුඹට සමු දුන්නෙමි

‘රිද්මිකා දැන් යන්න මන් කතා කරන්නම්කො ඔයාට‘

ඇය නිහඩව මුණ වත රැක්කාය

‘හම් යන්න බැ වගෙද ඒත් කමක් නැ දැන් යන්න යන්න වෙලාව හරිනේ‘

‘මන් ගිහින් එන්නම් අයියේ බුදු සරණයි‘
‘තෙරුවන් සරණයි නංඟි පරිස්සමෙන්‘

මම ඇයට සමුදුන්නෙමි

හිත තුල දහසක් සිතුවිලි බුර බුරා දැල්වෙයි නොකියා ඇගේ දෙනුවනින් පවසය ආලය මගේ හදවත තුල ලැගුම් ගත්තේ අද ඊයෙක නොවන බව නම් නොරහසකි
ඇත්තෙන්ම රිද්මිකා යනු මාගේ දිවියේ නැවතුම් පලකි
කොටින්ම කියතොත් රිද්මිකා යනු හැරවුම් ලක්ෂයකි
නමුත් තිරණයක් ගත යුතුව තිබුනත් කෙසෙහො මා එම සිතුවිලි සමුදායන් නොතෙරුනාක් සේ හදවත කොනකම රදවා හිර කර තබනුයේ ‘ආදරය‘ යන අකුරු සතර තුල ඇගේ ජිවිතයක් මගේ ජිවිතයත් එකිනෙකට අතරමන් කල නොහැකි නිසාවෙනි.

මා හුදෙක් රිද්මිකාට ඇලුම් කලේ කෝල මුසු දඟකාර වදනින් ඇගේ මුළු දිවියම පිරි තිබු නිසාවෙන් විය හැකිය

එසෙත් නැතිනම් ජිවිතය නම් මහා කටුක ගංඟාව ඉදිරි පිට ඇය නොසැලි නොවැටි සිටිමට තරම් එඩිතර වු නිසාවෙන් විය හැක 
මේ දිවිය තුල ඇයට මුහුණ පැමට ලැබු සරදම් නම් මෙතෙක් යැයි කියා නිම කල නොහැක.
අදටත් ඇය ලඟ මාගේ හදවත නතර වුයේ ඇයි දැයි කියන්නට නොදනිමි
නමුත් ලෝකයේ දහසක් රුදුරු ඇස් අප වට කොට ඇති බව යලි යලිත් මගේ හිත තුලට නැග එන සැම මොහොතකදිම මම අකමැත්තෙන් හො ආසාවන් සියල්ල හිත තුල සිර කර ගතිමි

කඳුළු දැවැවද්දම ඇ අගසට තබා මාගේන් පැතුවේ ජිවිත කාලය පුරාවටම සින්නකරයට සිනහව ඇය ලඟ තබා යන ලෙසටය
මුවින් ඇ එබවක් නොඉල්ලුවත් ඇය හා දොඩමළු වෙන සැම මොහොතකදිම ඇගේ දෙනුවන් තව තවත් මාවම ඇය  ඇයදුවාය
ඇය නොකි එකම රහස නම් එය පමණි

දෛවය යනු පුදුම සහගත දෙයකි අපි නොසිතු වෙලාවක නොසිතු අයුරින් අප ජිවිතයට නොයෙක් ආකාරයේ පුද්ගලයන් මුණ ගස්වයි
සමහරු අකමැත්තෙන් වුවද ජිවිතයේ අතර මඟ නතර කර දමා යන අතර තවත් සමහරු කොතරම් අපි ලන් කර ගැනිමට උත්සහ කලද අපේ දිවිය හැර යන්නේ නොසිතන අයරකින්ය
රිද්මිකා යනු තවත් මගේ දිවියට හමුවු එවැනිම චරිතයකි
කොරම් ඇ හට මා සිත ආකර්ෂනය වුවද සම්මත ලොව තුල ඇය යනු හුදෙක් මට සිහිනයක් පමණි ඒ බැව් දැන දැනත් මා ඇය වෙත ලන් විමට නොසිතා ඇගෙන් ඇත් විමට කොතරම් උත්සහා ගත්තද ඊළඟ ක්ෂනිකයෙන් ඇය මාවෙතට ඇදි එන්නේ සුළඟ බඳු වේගයකිනි

ජිවිත ගමනේ ඇය ඇගේ ඉරණම් ගමන යැමට තවත් ටික දොහයි
ඇගේ ජිවිතය තවත් නන්නදුරනා තරුණයකු හා තින්දු වි අවසන්ය
ඒ බැව් මා නොදන්නවා නොවෙයි
කඳුළු බොන අතිතයක පැටළුනු රිද්මිකා ජානක හා ඉරණම් ගමන යැමට කොහෙත්ම සුදානම් නැත
එය ඇය වරෙක මට සහතික කර පවසා ඇත
ඇය සොයන කෙලිලොල් ජිවිතය ඔහු සතු නොවිමත් අසිමිත ලෙස ඇයට මුර කාවල් දමා ඇය ජිවිතය නැමති හුයේන් බැඳ තබා ගැනිමට වෙර දැරිමත් ජානක ඉදිරියේ රිද්මිකා ගෙන තැබු චොදනාවන්ය

‘දැන් ඉතින් කරන්න දෙයක් නැනේ දරුවො අකමැත්තෙන් වුනත් තාත්තා බලපු මනමාලයාව ඔයාට බඳින්නම වෙනවා‘

‘අයියාත් කියන්නේ මට අර මනුස්සයා බැදලා විදවන්න කියලාද
ඇයි දෙයියනේ මේ ලොකේ ඉන්න මිනිස්සුන්ට මාව තෙරුම් ගන්න බැරි‘

‘අපි හිතන පතන දේවල් අපිට ඒ විදියටම ලැබෙනවානම් ජිවිතේ කිසිම ලස්සනක් නැ නංඟි එක තෙරුම් ගන්න ඔයා එයාට අකමැති නම් එක කෙලින්ම දෙමාපියන්ට කලින් කියන්න කසාදය කියන්නේ සෙල්ලමක් නෙමෙයි දරුවො‘

මම ඇයට නොදැනි එත් කිව යුතුමයි කියා තිබු ලොකු තිරණයක් ගැනිමට උදව් කලෙමි

‘අයියාට තෙරෙන දෙවල් එ මනුස්සයාට තෙරෙන්නේ නැ එකනේ කරුමේ‘

‘හැමදේම හැමොන්ටම එකම විදියට ලැබෙන්නේ නැ එත් වුවමනාවක් තියනවානම් අපිට ඔනේම දෙයක් බලෙන් හරි ලඟා කරගන්න පුළුවන් එක තමයි ඇත්ත ‘


‘මන් හොයන ආදරය එයා ලඟ නැ අයියේ අඩුම තරම රුපය වත්‘

හම්ම්ම්



දිනෙන් දින ඇය මවෙතට ලන් වෙන්නට වෙර දරයි
මගේ සිත වුවද තහන්චි දමා හිර කර නොතිබුනත් මම ඇය හට මගේ හදවතේ දෙරඟුලු හැර දැමිමට කිසි විටකත් ඉඩ නොතැබිමට වඟ බලාගතිමි
ඒ සම්මත ලොකයෙන් ඇය හට අසම්මතයකට තවත් පණ නොපැනවිය යුතු නිසාවෙනි

**********
මගේ සිත මාවත් අතරමන් කරවන දැහැනක සමවැදි සිටියත් ඒ දැහැන බිඳ දැමුවේ ජන්ගමය නොනවත්වා නාද වු නිසාවෙනි

ඒ සඳලිය

‘සනු පරිස්මෙන් ගියාද‘

‘ඔව් අයියේ මේ ගෙදරට ගොඩ වුනා විතරයි හරි මහන්සි‘

‘ හරි සනු එහෙමනම් නාලා කාලා පරිස්සමනේ ඉන්න මන් රෑ වෙලා කතා කරන්නම්කො දොනි ඇන්දා එක්කත් ටිකක් කතතා කරන්න ඔනේ

 තව ටිකකින් දොස්තර එයි‘

හරි අයියේ දුව හොදටොම නිදි දැන් 

අයියාත් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම සනිප වෙන්න
මගේ අයියාට දළඳා සමිඳු පිහිටයි‘
‘තෙරුවන් සරණයි නංඟි‘

ජංගමය ක්‍රියා විරහිත කර මම ඇයට සමු දුන්නෙමි

බැඳිම් යනු හුදෙක් මිනිසා ජිවත් කරවන.. තවත් වරෙක මිනිසුන් ජිවිතයෙන් පරදවන අරුම පුදුම දෙයකි..

මතුසම්බන්ඳයි.....

Thursday, July 18, 2013

නොනිමි සෙනෙහස

වාට්ටුව ඇතුලේ පුදුම කලබලයක්
මම ඇදෙන් හරි බරි ගැහිලා දිලා වුනේ ඔරොලොසුව දෙස නෙතු යොමමින්මයි
වෙලාව සවස 5යි
පුරුද්දට වගේ වාට්ටුවට ඇතුල් වෙන දොරටුව දිහා බැලුනේ බොඳ වෙච්ච රුවකින් හො ඇගේ මුව මට දැක ගත හැකිවෙදො කියලා බලාපොරොත්තුවෙනි

ඔරලොසුවේ වෙලාව කැරකෙන්නේ බලන් ඉද්දිමයි
කටු කැරකෙන වේගයට මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙලා යන්නේ විදුලි වේගයකිනි

ඇස් අගිස්සට කඳුළු පිරි දෙනේත් බොඳ වෙන තුරුත් මම මුළු වාට්ටුවම පිරා සෙව්වේ ඇගේ රුව දැන් හමුවේදො දැන් හමුවේදො බලාපොරොත්තුවෙනි


‘හම්ම්ම් අද එන්නේ නැ වගෙයි‘‘
මම මගෙම හිතට කොදුරගනිමින් මම ඇදේ අනිත් පැත්තට හැරුනේ දුක හිත යට රදවා ගිනිමිනුයි

‘කළණ අයියේ

පුදුමයෙන් මෙන් මා පිටුපස හැරුනේ සඳලි ගේ කට හඩ ඇහුනු නිසාමයි

‘නංඟි ආවාද මන් එත් හිතුවා වෙලාව පරක්කු වෙන නිසා අද එන්නේ නැති වෙයිදො කියලා‘

‘නැවිත් බැනේ අයියේ අද පාරේ හරියට ට්‍රෆික් එක එකයි ටිකක් පරක්කු වුනේ අනික දුවත් අන්තිම මෙහොතේ අඩන්න ගත්තා එයාවත් එක්කන් යන්න කියලා

‘අපරාදේ කෙලිව එක්කන් එන්නයි තිබ්බේ‘

‘එක්කන් ඇවිත් කොමද? ඉතින් දොස්තර මොනාද අයියේ කිවේ  කවදා දිහාවට ටිකට් කපයිද‘

‘බාගවෙලාවට හෙට අනිදාට පුළුවයි වෙයි සඳු තව රිපොට් වගයක් තියනවා එන්න‘


සඳුගෙ දෙනෙතින් ගලා එන්නේ උණු කඳුලැලි නොව එ මාගේ වේදනාවත් ඇගේ හිතේ කකියන  දහසකුත් දුක් කම්කටොලු වල එකතුවකි
ඒ වැටෙන සැම කඳුලක් කඳුලක් පසාම ආදරයක් දිවි බරත් එකතුවකින් කඳුලැලි බර විදො කියා හිතේ රුව්දෙයි
 වෙනදා මෙන් නොව දැන් දැන් එන්න එන්නම ප්‍රෂ්න කම්කොටොලු නැග එන්නේ මාගේ හදිසි අසනිප තත්වයත් සමඟින්ය
ගෙදර සියළුම කටයුතු ඇන හිටියත් පිරිමියකු සේ සියළු බර කරපටවාගෙන ඇය සියළුවම කටයුතු සමබර කරගන්නේ මගේ හිතට තවත් සහනයක් ලබා දෙමින්ය.ඇත්තනේම ඇගෙන ලැබෙන සහය මට වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය.


‘මොකද අයියේ කල්පනාවක‘

‘නැ සඳු මට මන් ගැනත් හිතන්න දැන් වෙලාවක් නැ‘

‘ඔවා හිතන්න එපා හැමදාම ලෙඩ ඇදේ නැනේ ඉක්මනින් සනිප වෙනවානේ‘


සඳලි තම අත්බැගය සකස්කිරිමට පටන් ගත්තාය

‘ඔය යන්නද‘
‘ඔව් අයියේ බස් එක අල්ල ගන්න බැරිවුනොත් මඟටම රස්තියාදුව‘

 


****

 ඇයට සමුදිමට සරසෙනවාත් සමඟින්ම ඇතින් ඇදි එන බොද වු රුව දෙස නෙතු ගියේ ඉබෙටමයි

දෙඇස් අදහා ගත නොහැකි වු විස්මයෙන් යුතුව මම එ රුව  බලා සිටියේ මා දකින්නේ පුදුමයක්දො කියා සැකෙනුයි

‘හම්මො කලණ අයියේ වාට්ටුව හොයාගන්න තිබ්බ අමාරුවක්‘

‘මන් හිතුවේ නැ රිද්මිකා එයි කියලා


ඇග් දඟකාරව වදන් වලට මන් ඉක්මනින්ම පිලිතුරු දුන්නේ සමුගැනිමට සැරසෙන සඳලිට කුතුහලක් හටනොගැනිමට වගලාගනිමිනුයි
මා ඇය හා දොඩමළු විය යුත්තේ කෙසෙද???
එක පසකින් සඳලිය අනෙක් පසින් හුරතල් වදනින් දොඩමළු වන රිද්මිකාය

‘අදුරගන්න මේ සඳලි... සඳු මේ රිද්මිකා මගේ යාළුවෙක්‘

හිසේ සිට පාදන්තය තෙක් නෙත් යොමා දිර්ඝ බැල්මක් හෙලු සඳලි රිද්මිකා වෙත මද සිනහවාක් පැවාය

‘අයියේ එහෙමනම් මන් යන්නම් දුව බලාගෙන ඉන්නවා මන් එන්නකන්

‘හොඳයි සඳු ගෙදර ගිය ගමන් කොල් එකක් දෙන්න.. පරිසමෙන් යන්න... තෙරුවන්සරණයි...‘

‘අයියාත් පරිසමෙන් ඉන්න වොවට බෙහෙත් බොන්න හදිසියක් වුනොත් කොල් එකක් දෙන්නකො
යන්නම් නංඟි


ඇය රිද්මිකාටත් සමුදි  මෙන් අනතුරුව මවෙතින් ඇදි ගියාය ය.

මුවින් නොකිවත් රිද්මිකාගේ නෙතෙහි රැදුනු චකිතය මට හඳුනාගැනිමට වැඩි වෙලාක් ගත වුයේ නැත නමුත් කිසිවක් නොතරුනාසේ මම ඇය වෙත හිස් බැල්මක් හෙලා

‘ඉතින් නංඟි‘

කියා ඇයෙ වෙත හැරුනේ ඇගේ දැහැන බිඳිමට සිතාගෙනයි

ඇගේ සිත තාමත් චන්චලය මට එය නොතෙරෙනවා නොවෙයි නමුත් මන් නොතෙරුන ගානට සිටින්නේ තවත් හරස් ප්‍රෂ්න වලට පිලිතුරු බැඳිමට මෙ සුදුසු අවස්ථාවක් නොවෙන නිසාමයි

‘මොකො නංඟි කල්පනාව අයියාව බලන්න ඇවිත් කතා නොකරම යන්නද හදන්නේ‘

‘නැ අයියා එහෙම දෙයක් නැ මන් මේ කල්පනා......‘

‘මන් දන්නවා හරි එවා ගැන පස්සේ කතා කරමු.. දැන් කොමද නගාගේ වැඩ කටයුත් අසනිප වුන නිසා මට එවා හොයලා බලන්නත් බැරිවුනා



‘හම්....‘

6 කන්සම වැදෙනවාත් සමඟ වාට්ටුවේ මෙට්‍රන් වරිය සිනුව නාද කලේ දැන් අමුත්තන්ට පිටවිමට වේවාලට හරි යන්න දැනුම් දිමටයි
දුකින් පිරි ගිය රිද්මිකාගේ මුව දෙස මා එක හෙලා බැල්මක් යෙමු කලේ
දැන් යන්න නංඟි

කියා නොකියා කිමට බැරි නිසාමයි


මතුසම්බන්ඳයි ....


***********************************





Sunday, July 14, 2013

ඉරත් මළගම් ගොහින්

ඉර ඇහැරෙන විට මල් පිදෙනවා කියන්නේ බොරු
මල් පිදෙන්නේ ඉර ඇහෙරෙන නිසා නෙමෙයි
මල් පිදෙන්නේ මල් වලටත් පාට පාට ලොකේ සුවය විදින්න ඔනේ නිසයි
ඔය පිදෙන මල් කැකුළු දවසක පර වෙනවා
පරවෙලා පොළවට පස් වෙනවාම තමයි
එත් එක ඉරගේ වැරැද්ද නෙමෙයිනේ



අහසේ හරි ලස්සනට පායලා මුළු ලොකෙටම එළිය දෙන ඉරත් හවසට මළගම් යනවා යන්න අකමැති වුනත් ඉර මැකිලා යන්නේ යන්න ඔනේ නිසාමයි..
ඒ රෑ අහසට සඳ ඇවිදින් එළිය බෙදන්න ඔනේ නිසයි..ඉර මළගම් යන ක්ෂිතිජ ඉමෙදි අහස පොළොවත් එක්ක හාද වෙනවා
එක කාටවත් පෙන්නේ නැනේ ...

එක කවුරුවත් දන්නේ නැනේ...



 උදාගිරෙන් ඉර පායන කොට මාත් මගේ හිතත් වලාකුලක තියලා එ දිහා බලන් ඉන්නේ කවදාහරි ඔය ඉර මුළු ලොකෙටම එලිය දෙනවා වගේ මගේ ආතමයත් එලියකරාවි කියලා හිතාගෙයි

එත්
දැන් මුළු ආත්මයම හිස් වෙලා
රෑට පායන සඳ කැකුළුවකටවත් ඒ ආත්මයට සිසිලසක් දෙන්න බැ


ජිවිතය කියන්නේ හිස් වෙච්ච පොතක්
ආත්මය කියන්නේ ඒ හිස් වෙච්ච පොතේ තින්ත ඉවර වෙච්ච පැනකින් කුරුටු ගාපු එකම එක ලියවිල්ලක්
එන් එ බොඳ වෙච්ච ලියවිල්ලට ආදරෙයි
ආත්මය මළගම් ගියත් දවසක........


*******



‘මං හොයන ආදරය ඔයා ලඟ නැ කියලා ඔයාට තෙරෙන්නේ නැතිද‘

‘හම් එත් මන් හොයන ආදරය ඔයා ලඟ තියනවා ‘

‘ආදරයට වඩා අපි අතර තියන නොගැලපිම ඔයාට තෙරෙන්නේ නැතිද‘‘




‘මේ ලොකේ ගැලපෙන ජොඩු නැ අපි තමයි ගැලපිම් නොගැලපිම් හරියට ගලපගන්න ඔනේ ‘

‘ ඔයාට කවදාක්වත් මන් කියන දේ තෙරෙන්නේ නැ තෙරෙනත් තෙරුම් ගන්න උත්සහා කරන්නේ නැ...ඔයා හුඟක් උඩ අත්තක පිපුණ මලක් එ වගෙද මම? අපි දෙන්නට දෙන්න අහස පොලව වගෙ
කවදාක්වත් එකතුවෙන්න බැ

‘ අහස පොලොව ක්ෂිතිං ඉමෙදි එකතුවෙනවාලුනේ ‘

‘ඔයාට විකාර....ඉතින් ඇයි අපි නොලැබෙන දෙවල් වලට හීන බලන්නේ‘

‘හරි එහෙමනම් අපි හිනේ අලුත් කරගමු කළුවර වෙච්චි නැති පාට පාට හිනයක්‘

‘විකාරද ඔයා හිතනවාද මන් වගෙ කෙනෙක්ට ඔයාගේ අම්ම්මා ඔයාව දෙයි කියලා‘

‘ඉතින් මට අම්මෙක් නැ නේ‘

‘හැමදේම විහිළුවකට ගන්න එපා වෙන්නේ නැති දෙවල් වලට හින මවන්න එපා‘

‘හොඳයි එහෙමනම් මන් යන්නම් බුදුසරණයි‘




_________________________





ටික දවසකින් අළුත් දෙයක් ලියන්න බැරිවුනා
හදිස්සි අනතුරකට මුණ දෙන්න වුණ නිසා මුළු දවසම ඇදට වෙලාමයි ඉන්නේ
එකම විදියට ඉන්නකොටත් එපා වෙනවා
ඉන්න බැරිම තැන ඇවිත් හිතට වද දුන්න අකුරු ටිකක් ඔහේ කුරුටු ගැවා
ඉක්මනින්ම සනිප වුන ගමන් ඇවිත් අළුතින් දෙයක් කුරුටු ගාන්නම්
 

Monday, July 8, 2013

මතක කඳුළු

ඇඟපසාරු කරගෙන නාහස් පිඩු දිගේ ඉහලට ඇදි ආ සිගරට් දුම් රොදක් වා තලයට පිට කරමින් මම ලොකු හුස්මක් පිටකලෙමි...ශරිරය ඇතුලෙන් නැග ආ වේදනාවටත් වැඩියෙන් හිත තුල දඟලන මතක ධරාවන් ගෙන එන වේදනාව හදවත පසාරු කරවයිමම දොරපියන් භාගෙට හැරදැමා කවුළුව මතින් පිටත බැළුවෙමිඑහි ඇත්තේ පුරුදු බවක් වුවද මම මටම අගන්තුක වු හැඟිමෙන් වියාජ බැල්මක් පිට කලෙමි

පුතා මේ තේක ඇල්වනවා බිලා හිටින්

අම්මා නැවත වරක් කාමරයට එබමින් මට තේ බොන්නට ඇරයුම් කලාය
තරමත් බාගෙට දැල්වෙන සිගරට් කොටද ඇතැතිව මම අද මත වාඩි වුනෙමිමුළු කාමරය පුරාවටම නිකොටින් දුම් රැළිති නඟයි

කොයි වෙලාවේ බැලුවත් කොටේ පත්තු කරගත්ත ගමන් මොකක්ද් බන් උඹේ ජිවිතේ උම විහින් විනාස වෙන්නද හදන්නේ

අම්මාගේ කෝපය මුසු වුන වදන් මගේ දෙසවන් පාරවා ඇදි යයි

කාලය කොයි තරම් වෙගයෙන් ඇදි ගොස්දබාල විය පාසල් විය පසුකරමින් දැන් මැදි තරුනවියටද එළ‍ඹි ඇතකාලය නම් ඔරලොසුවේ වේගය හිතනවාටචත් වඩා වැඩියෙන් ගෙවි යයි නමුත් අපස්සට හැරි බලනවිට එයි ඇත්තේ පසුතැවිම් මඟ හැරිම් නොලැබිම් පමණි

මේසාත් කාලයක් ඇතුලදි මුහුණ පැ සියළුම සිදුවිම් වගකිම් මම මාගේ ගිණුමටමබැර කරගනිමිතිසරුගේ වෙන්විමත් සමඟන් මා ජිවිතයෙන් ලද පරාජය නිසාම ජිවිතයන් ලද පසුබෑම නිසාම මා විසින් මාවම අමතක කරගත් වාර සිතිමටත් නොහැකි තරම්ය

බාගෙට ඇරදමා තිබු කවුළුවෙන් සිගරට් කොටය එලියට විසිකලෙමිතේ කොප්පය හොඳටොම ඇල්වි ඇතඑක හුස්මට මට එය ගිල දමා හිස් කොප්යද ඇතැතිව කුස්සිය දෙසට ඇදුනෙමි

අම්මේ කන්න මුකුත් නැතිද

මා දසට හිස් බැල්මක් හෙලු ඇ
මෙසෙ ඉඳිආපප තියලා ඇති කාලා හිටින්
කියුවාය

මම ඉඳිආප්ප දෙක තුනක් පිගාට දාගෙන මැද සාලය වෙත ඇදනෙමි
කැමට පිරියක් නොවුවත් දින දෙකකින් හරි හමන් අහරක් කුසට නොවැටුන නිසාම ඉක්මනින් මම ඉඳිආප්ප ටික ගිල දැමිමට වෙර දැරුවද උගුරන් පහලට ඇතළුකරගැනිමට  නොහැකි වුයේ පපුව හිරවෙන තරමටම වේදනාවක් නැග ආ නිසාවෙනි
කොරම් කුසගින්නක් දැනුනද කැම පිගාර වසා දමා මම නැවත කාමරයට ආවෙමි

 තිසරු
ඔව් මුදිත
මට ඔයා එක්ක යන්න තියන්නේ හඟක් දුරගමනක් මොන දේ වුනත් ඔයා මාත් එක්ක ඉන්නවා නේද
ඔව් මුදිත මම ඔය අත අල්ල ගත්තේ අතරමඟදි දාලායන්න නෙමයි

සීතල පිණි සිසිල සිප ගන්නා සැම මොහොතකම හදතව පසාරු කරගනිමින් නුඹේ මතක ධාරාවන් හදවත ඇතුලටම කාවදින්නේ හරියට විදුලියක් කොටනවා වගෙයිඑත්රම් පුරුද සෙනෙහසක් එ තරම් පුරුදු සුවඳක් එ තරම් මා ආදරයකර යුවතියක් එතරම් මා මාවම හඳුනාගත් ආදරයක්....ජිවිතේ මැරි මැරි ඉපදුන වාර අනන්තයි ජිවිතේ මා ජිවත් වන සිටි කාලය දැන් ගෙවිගොස් අහවරයි...
අපේ හමුවිමත් අපේ වෙන්විමත් අතර කාලයක අවුරුද ගනනවක් වුවද නුඹ නොමැතිව මා මේ ගෙවන මාස කිහිප තුල මා මැරි මැරි ඉපදුන වාර අනන්තයි
මොනයම් හො හේතුවක් නිසාවත් මා අත අත්නොහරින ලෙස පොරෙන්දු දුන් නුඹටම අද මා අත අතහරිමින් මවෙතින් වෙන හදවකත් වෙත පිය නඟා අවසන්ය
මට තවමත් මේ සිදුවිම් හදුනාගත නොහැකිය තෙරුම් ගත නොහැකිය
නුඹ මගේ කුලගෙයි මනාලියවෙන්නට පෙරුම්පිරුවත් හෙට ඔහුගේ නිවසේ සිරි කත වන්නේය


‘‘මොන කරුමක්යක්ද මේක ඇයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ... මන් විතරද මේ ලෝකෙ කෙල්ලෙකුට ඉන්නෙ. දැන් අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නැ එහෙම දෙයක් ආයේ ඇති වෙන්නෙත් නැ මට තවත් වද දෙන්න එන්න එපා.
මම ලඟදිම මැරි කරන්න ඉන්නේ අනික මට දැන් හොඳ බොයි කෙනෙක් ඉන්නවා ගෙවල් වලිනුත් දන්නවා ප්ලිස් මුදිත මට වද දන්න එපා මට තවත් ඔයා එක්ක කතා කරන්න ඔන් නැ‘
මම කිසිවක් නොපැසුවෙමි වචන මුවින් පිට කරිමට නොහැකි අයුරිනම් මා ගොළු වි අවසන්ය නුඹේ මුවින් ඉතාමත් ආරයෙන් එදවස් වල තෙපළුන පෙම් වදන් මෙතරම් රුද වුයේ කෙලෙසින්ද යන්න තවමත් මට පුදුමයකි නුඹේ කටකාර වදන් තුලින් මගේ හදවත හිල් වෙන කන්ම.. නුඹ තෙපළු එ වදන් තාමත් මගේ හිතට වද දෙයයි... පණටත් වඩා ආදරය කල නුඹේ හිත අද මට මෙවැනි කුරිරු වදන් වලින් පහර දන්නේ කෙසෙද යන්න මට තවමත් පුදුමයක්

හැමදේටම වැරදි මන් විතරද තිසරු මට ඔයාව දෙන්න බැරිවුන ඔයාගේ අම්මා කොමද අර කොල්ලාට ඔයාව බන්දලා දෙන්නේතිසරැ මට උත්තර දෙන්න
මොන අම්මාද කැමති තමන්ගේ එකම දරුවාව නිකමෙක්ට භාර දෙන්න
මට සල්ලි නැති එකද වරද තිසරු
අපිත් මහා ලොකු සල්ලි කාරයා නෙමෙයි මුදිත නමුත් තමුන්ට තමුන්ගේ දෙපයින්වත් නැගිටින්න බැරිනම් එහෙම කොල්කේට කවදාකවත් මොනම අම්මමෙක්වත් තමන්ගේ එකම දුවව දෙන්නේ නැ
හරි ඔයා කියන්නේ මට ඔයාට කන්න බොන්න දෙන්න බැ කියලාද බලාගන්නබැ කියලාදතිසරු මාත් මිනිහෙක් මටත් නැගිටින්න පුවවන්
ඔව් අවුරුදු 7ක් තිස්සේ තාම නැගිටිනවානේ ඔයාට නැගිටින්න පුවවන් වෙන්නේ නාකි වුනාම තමයි මට මගේ ජිවිතේ හදාගන්න ඔනේ කරුනාකරලා මගෙන් ඇත්වෙලා යන්න

මට තව එක අවස්තාවක් දෙන්න බැරිද තිසරු
අවස්තාවක් දිලා මට මගේ ජිවිතෙ විනාස කරගන්න බැ මුදිත වෙඩින් එකට හැමදේම ලැහැත්තිඔයා වෙනුවෙන් මගෙ හිත තෙත් නොවෙනවා නෙමෙයිමම තාමත් ඔයාට ආදරෙයි කවදාකවත් ඔයාව මගෙ හිතින් අතරින්න බැ එහෙම පුළුවන් කියනවානම් එක අමුලික බොරුවක් අදටත් මට ඔයාව ඔනේ නමුත් අපි දෙන්නට එකට අත් අල්ලන් මේ ගමන් යන්න බැ මුදිත මට අද යන්නම ඔනේ මගේ ගමනේ අවසානය ඔයා ලඟ නෙමෙයි මුදිත මම එක දන්නවා

මට කියන්න කිසිදෙයක් ඉතුරුවෙලා නැ තිසරු ඔයා හැමදේම කියලාමට මගේ ලඟ ඉන්න පුළුවන්ද විතරයි අහන්න පුවවන් නමුත් එකටත් ඔයා උත්තරය දිලා ඉවරයි


************************

දින සති මාස ගෙවි ගොස් අහවරය කාලය නැමති ඔරලොසුව ගෙවියන්නේ හිතනවාටත් වඩා වෙගයෙනි ඇහිපිය හෙලවනවාටත් වඩා වෙගයනිනුඹ හා පෙම් කරපු සුන්දර අතිතය දොඩමළු වුන අතිතය කාල ගෙවු අතිතය මගේ ජිවිතයේ මා මනුස්සයකු කල අතිතය මට ජිවත් වෙන්න අකුරු කියාදුන් නුමට අද ජිවිතෙන් පැනයන්න පාර හදාදිලා හුඟක් දුරකොට ගොස් අහවරයිනුඹ මගේ ඈතටම ගොස් අහවරයි

කඳුලින් දෙනුවන් තෙමනා මාවන් පෙම්වතුන් තවත් ලොකයේ මුල්ලක සිටිය හැක ප්‍රථම ප්‍රේමයනේ වෙනත් භාගිර සාධකයක් නිසාම පැරදනු පෙම්වතුන් තවත් කොනක සිටිය හැකනමුත් ධෛයිවය මට සරදම් කර අවසානයිමටත නොදැනිම සිගරට් කොටයට මත් විදුරුවට මම දැන් ඇළුම් කරමිනුඹ මාගෙන් වෙන්වු දා පටන් මගේ දුක ඇසුවේ ඇයයි
වෙන්වි යැමට අවැසි නම් නුඹට වෙන්වි යා හැක
මගේ මනාලිය විමට පෙරුමන් පිරු නුඹ කෙදිනක හො ඔහුගේ කුල කුමරිය වෙයි


මගේ ජීවිතයේ තවත් වැරදීමට කිසිවක් නැති වග ඔබ මට කියා අවසන් ය...බැලු බැලු අත ඔබ ගේ සෙවණැලත් ගන්නා සෑම හුස්මකම ඔබගේ සුවඳත් අද මෙන්ම මට හෙටත් දැනෙනු නියතය....ඒ සෑම මොහොතකම මා තව තවත් අසරණු වනු ඔබට නොදැනෙනු ඇත.මා වෙත ජීවිතය රැගෙන ආ ඔබ ඔබගේ ලෝකය තනා ගැනීමට මා අමතක කොට යන්නේ මගේ මුළු ජීවිතමය වන්දිය ලෙස මිට මොලවා ගෙන බැව් ඔබ නොදන්නවා විය නොහැක.අද මෙන්ම හෙටත් මතුත් මේ කඳුළු සුස්ම් හා කැටි වූ ඔබේ ඡායාවත් සුවඳත් සමග මා ජීවත් වෙමි...ඒත් ඔබට මගේ සබෑ ආදරය වැටහුණ දාට ඔබ ට ආපසු හැරෙන්නට නොහැකි බැව් පසක් වනු ඇද්ද???

Wednesday, July 3, 2013

ඉතින් ඇතිවෙනකම් කොනිත්තපන්

තව කොනිත්තපන්
හයියෙන්ම කොනිත්තපන්
තැලෙනවා පොඩි වෙනවා
රිදෙනවා ඇඩෙනවා කියලා
දැන දැනත් තවත් හයියෙන් කොනිත්තපන්

ඇස් වලින් කඳුළු වෙනුවට
ලේ පනිනකන්ම
හයියෙන්ම කොනිත්තපන්
ඇට මස් ලේ නහර පසාරු කරගෙන
වේදනවා පිට දෙනකම්
තවත් හයියෙන්ම කොනිත්තපන්

මට පුළුවන් එතකොට උඹ කොනිත්තන
මගේ හදවත ඇතුලෙන්ම එක
සිතුවිලි අකුරු වලට පටලන්න
වෙනදාටත් වැඩියෙන් ලස්සනට තව ලියන්න

ඉතින් කොනිත්තපන්
දෙපාරක් හිතන්නේ නැතිවම
හැබැයි
උඹටත් දවසක එපා වෙවි
එ එපාවුන දවසට හිතපන්
උඹට වගෙම මටත් තිබ්බේ ආදරෙන් පරාද වුන
හදවතක් බව

තෙරුම් ගත්තොත් එදාට මට කතාකරපන්
නොවැරිදම....
එදාට නුඹ වෙනුවෙන් මම
අමුණපු අකුර පද කැලි දෙන්නම්
කියවන්න
උඹටත් ඇස් වලින් කඳුළු පනිනකම්ම