Tuesday, June 25, 2013

සිල් සුවඳ


වැඩේ හරි අපුරුවට ඉවර වුනා නේද දරුවො

එහෙමයි හාමුදුරුවනේ හිතුවාටත් වඩා හොඳින් ඉවර කරගන්න පුළුවන් වුනා

සමාලි දක්ස නිසා තමයි මම කිසිම බයක් නැතිව මේ වැඩේ ඔය දරුවාටම බාර කලේ

***********************

දහම් පාසල් වාර්ෂික විවිද ප්‍රසංගය අවසානයේ හිතට දැනුනේ පුදුම නිදහස් බවක්..
මම හාමුදුරුවන්ට සමුදිමෙන් අනතුරුව පන්සල් භුමියෙන් එලියට ආවේ පුදුම සතුටකින්..

හිත පුරා දගපාන දහසක් සිතුවිලි වලින් කැලඹිනු මගේ හිත අද හොදටොම නිදහස් වෙලා.

සිනහා මුවින් සරසාගෙන මම හනික ගෙපැලට ගොඩ වුනේ අත්තාමා කොහෙදැයි සොයමින්.



ආත්තම්මේ.. ආත්තම්මේ


දෙවතාවක් උස් හඩින් ආත්තාම්මා ඇමතුවද ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු නිසාම මම කුස්සය දෙසට ඇදුනෙමි.

අත්තාම්මා ලිප තුලට මුව හොවාගෙන දුම් පිබිමින් ලිප ගිනි මෙලවිමට මහත් වෙරක් දරයි.

ඇය දුටු විගසින් හදවත කඩා වැටුනාක් බදුවු හැගිමක් ඇතිවුවද මම හෙමින් ඇගෙ අසලින් බංකුවක වාඩු වුනෙමි.



ආත්තම්මේ මොකො මේ දුම් ලිපට මුණ ඔබාගෙන

උඹ ආවාද කෙල්ලේ මම මේ තෙ කහට ටිකක් වත් කරන්න වතුර ටිකක් ලිපේ තිබ්බා
උත්සවේ හොඳින් ඉවර වුනැයි

ඔව් අත්තාම්මේ
පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් හරිම සතුටුයි
හිතුවාටත් වඩා හොදින් ඉවරකරගන්න පුළුවන් වුනා



තුරුණුවන්ගේ පිහිටෙන් ඇස්වහක් කටහක් වදින්න එපා මයෙ කෙල්ලට
උඹ කොමත් දක්සයා මන් එක නොදන්නවා නොවෙයි

ආත්තම්මා හිටින්න මන් තෙ කහට එක වක්කරන්නම්
තේ කහට සදා ඉතිරි උනු වතුර ටික මම බෙසටමක දමා ඇල් වතුර කලවම් කලේ අත්තාමාට ඇඟ සොදාගැනිමටයි.


අත්තාම්මේ මේ තෙ එක බිලා ඇග ටිකක් සොදා ගත්තානම් තව රෑ වෙන්න කලින්.


______



ඇඟට හරිම ආමරුයි කෙල්ලේ මන් දැන් කොයිවෙලෙදෙ කියන්නැ
ඇස් පියාගන්න කලියෙන් මට උමව පෙලවහක් කරන්නට වුනානම් එ ඇති

හරි හරි ආත්තම්මේ එවා පස්සට බලාගමුකො දැන් නාගෙන හිටින්න


අම්මා නැතිවුන දාපටන් මා  හැදුනේ ආත්තම්මාගේ තුරුලේය.
පිය සෙනෙහස තියා පිය සුවඳක ඡායාරුපයක්වත් නෙත නොගැටුනු බාල වියේ සිට මව් උණුසුම අහිමි වු දා පටන් මට මවත් පියාත් වුයේ මාගේ මිත්තනියය.
එබැයිවින් ජිවමාන මව් තොමො ඕ වුවාය.

******************

දිනෙන් දින වියපත් වන ආත්තම්මා දැන් හොදටොම දුරුවලය. දැන් ඇ ලෙඩ ඇඳට විත් සතියකුත් දින කිහිපයකුත් ගත වි අවසන්ය.
ඇ මෙතෙක් හො ජිවත් ව සිටින්නේ ඇගේ හිතේ බලයට වගෙම වෙද මහත්තායාගෙන් ලැබුනු බෙහතේ තෙල් වල බලයට යයි කිවොත් මා නිවැරදි වන්නෙය.

දෙතුන් වතාවක්ම පන්සලේ පොඩි හාමුදුරුවන් ගෙදරට වැඩම කරවා ආත්තම්මා සනසනු වස් පිරිත් සජ්ජායනය කළ අතර ඇය ඉන් ද මදක් හෝ සහහනයක් ලබා ගත් බව නම් කිව යුතුවම ඇත.

පොඩි හාමුදුරුවෝ ආත්තම්මාට ඇමතුවේ මහත් කරුණාවකිනි..



එහෙනං ආත්තම්මෙ මං ගිහිං එන්නම්.. සමාලිට කියලා පිරිත් පොත එහෙම ටිකක් කියව ගන්නවා හොඳයි..

කියන්නේ අප නිවසින් පන්සලට වඩින්නට සූදානම්වය..
මා මැටි පොළොවේ දණ බිම ගසා වඳිද්දී.. ඉක්මණටම "සුවපත් වේවා" කියා කියන්නේ "දණ ගහන්ට එපා" කියා කියන්නාක් මෙනි.. කඩුල්ල අසලට යන තෙක් පසු ගමන් යන මට..

මං හෙටත් එන්නම්කො දරුවො එහෙනම්..
කියා උන්වහන්සේ පවසන්නේ මහත් දයාවකිනි..

කඩුල්ල අතරින් පොඩි හාමුදුරුවන්ගේ රුව බොඳවි යන තෙක් මම බලා උන්නෙමි.
මම ගෙපැල තුලට කඩිමුඩියේ දුව ආවේ ආත්තම්මා ගේ කෙඳිරිලි සද්දය වැඩිවු නිසාමයි.


දුවේ තමවනම් ඉවසන්න බැදුවේ පපුව රි.....දෙ......නවාාා වතු.....ර ටිකක්....

මම වහා කුසිය තුලට දිව ගොස් මැටි කළයෙන් වතුට පුවා විත් ආත්තමාගේ මවුට ලං කලෙමි.
ඇය හුස්ම අල්ලන්නේ ඉතා අමාරුවෙනි
කල යුත්තේ කුමක්දැයි මට සිතා ගත නොහැකි.


හිටින්න අත්තම්මේ මම උඩ ගෙදර කළු නැන්දට කතා කරන්නම්


කළු නැන්දාත් සුවාරිස් මමත් ලහි ලහියේ අත්තම්මා ඉස්පිරිතාලය වෙත රැගෙන ගියොය
අත්තම්මා වුන්නේ ජිවයත් මරණයත් අතර බව දැන උන්නද එය සිතට පිලිගත නොහැකි තරම්ය. කෙලිලොල් විදියෙදි බාලවියෙදි සිට මා ඇති දැඩි වුයේ ඕ සමඟින්ය.
මා හුරතල් වුයේ ඇගේ ඇකයේය.
සිදුවන්නේ කිමැක්දැයි මට සිතාගත නොහැකි තරම්ය

කළු නැන්දත් සුවාරිස් මාමත් බිරන්තට්ටු වු මුහුණින් යුතුව මා ඉදරිපිට ඇදෙදිද් මා මගෙ දෙනතේ තෙත් වුයේ ඉබෙටමයි.


උන්දැ ගෙනා ආයුස ඔච්චරයි කෙල්ලේ උඹ හිතහදා ගනින්

අනේ නැන්දේ..............................

මා විලාප දුන්නා නොවෙයි. මුළු ඉස්පිරිතාල භුමියම දෙදුරුම් දෙන හඩින් මා කැගැසුවේ ආත්තම්මා මා අතැහැර ගිය දුක දරාගත නොහැකි වුනිසාවෙයි.


උඩහ ගෙදර කළු නැන්දා ඇතුළු ගමේ අහල පහල උදවියගේ උදව් පදව් ඇතිව අත්තම්මාගේ අවසන් කටයුතු චාමෙට නිමකරන ලදි.
සුදුවට සුදුවේ සකසා අවසන් කරන ලද අත්තම්මාගේ සැය ගිනිගෙන අළුවි යන්නට මහා වෙලාවක් ගත වුයේ නැත.
මා කලයුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව දුක පිරුණු බිරන්තට්ටු වු මුහුනෙන් ඇගේ ගිනිගන්නා  චිතකය දෙස බලා වුයේ තවත් මා කරිමට කිසිම දෙයක් ඉතිරිවි නොතිබුනු නිසාවෙනිදෙනෙතින් රුරා ගලන කඳුළු බිදු වුවද දැන් මට කියන්නේ ඇති ‘සමාලි  ඔය ඇඩුවා ඇති ඇය ගෙනා ආයුස ඉවරයි උඹ හිතාගනනින් කියාය
නමුත් මා ආත්තම්මා මා හැරගිය බව පිලිගන්නේ කෙසෙද.
දැන් මා හුරතල් වන්නේ කා සමඟද.
ජිවිතේ අතරමඟ නැවතුවාක් බඳු විය.

ඇතින් මවෙතට ඇදි එන පන්සලේ පොඩි හාමුදුරුවෙන්ගේ රැව දුටු මම ක්ෂනිකයෙන් කඳුළු පිස දමා වැද නමස්කාර කර හාමුදුරුවන්ට කතා කිරිමට සැරසුනි



තෙරුවන්සරණයි නැගිටින්න
දැන් ඉතින් මේ දරුවා මොකක්ද කරන්න හිතන් ඉන්නේ

අනේ මන්දා හාමුදුරුවනේ මට තවම හිතාගන්න බැ

හම් මේ දරුවා දැන් කිසිදෙයක් වැඩිය ඔවවට නොගෙන ගෙදර යන්න තව මලගමේ වැඩත් අහවර නැහැනේ
මකත බණ පින්කම් අවසන් වුනාම අපි කතා කරමු මොකද කරන්න පුළුවන් කියලා
දැන් මේදරුවාගේ ආරාක්සාවට උඩහ ගෙදර කළු හාමිනෙයි සුවරිස් අප්පුයි ඉන්නවාන්

එහෙමයි හාමුදුරුවනේ


හොඳයි මන් ගොහින් එන්නම් පුළුවන් වෙලාවක පන්සල පැත්තේ ඇවිත් යන්න එන්නකො මාත් හැකි විදියට මේ ලමයාට උදව් පදව් කරන්නම්කො



හත් දොහෙ මතක බණ පින්කමත් මා උඩහ ගෙදර කළු නැන්දා හා සුවාරිස් මාමාගේ ගේ උදව් පදව් ඇතිව අවසන් කරන ලදි.
ඉඳහිටකත් මා තනිවන මොහොතක දෙනෙතට කඳුළු ගලන්නේ ආත්තම්මාගේ මතකය හදවත තුල සැරිසරන නිසාවෙනි.
මා මෙලොව දැන් කාත් කවුරුත් නොමැති තනිවුවෙකු යයැි මට හැගෙන්නේ ඇයි දැයි කියන්නට නොදනිමි.




දුවේ  ගෙපැලේ ලාම්පු නිවා දාලා කළුවර වැටෙන්න කලින් එහෙට වරෙන්
උඹ දැන් කාත් කවුරුත් නැති එකියක් කියලා හිතන්න එපා

මට තෙරෙන්නේ නැ නැන්දේ නැන්දාවත් නොහිටින්න මාත් වහ කුප්පියක් බිලා ආච්චිගේ සැයටම පැනලහා මෙලහකට
කට කැඩුනු කතා කියන්නට එපා උඹ තනිවෙලා නැනේ අපි ඉන්නවානේ හා හා හනික ආවානම් තව කරුවල වැටෙන්න කලියෙන්


**************

ඉරිදා දහම්පාසල් නිසාමත් මාවිසින් වගකිම් සහිත ගුරුවරියක් වු නිසාමත් මා පන්සල වෙත ඇදුනේ නොයා බැරිකමටමයි

ඉගැන්විම් කටයුතු අහවර වෙනවාත් සමඟ මා සුදානම් වුයේ පන්සලෙන් පිටවි යැමයි
මා ආවාස ගෙය දෙසට ඇදුනේ හාමුදරුවන් මුණ ගැසිම සුදුසු යැයි සිතුන නිසාම ය
ආවාස ගෙය දෙසට පියවර මිනිනවාත් සමඟින්ම මා නෙත ගැටුනේ පන්සලේ පොඩි හාමුදුරුවන්ය

‘හාමුදුරුවනේ‘  මා උන්වහන්සෙට වැද නමස්කාර කට පසෙකට වුනෙමි


සමාලි අද දහම් පාසල් ආවාද මන් හිතුවේ තව සතියකටවත් නොඑයි කියා
දැන් ඔය දරුවා මොකද කරන්න හිතන් ඉන්නේ

කරන්න දෙයක් හිතාගන්න බැ හාමුදුරුවනේ


හාමුදුරුවන්ගේ මුනෙනවු බයාදු පෙනුම මා උන්වහන්සේ ඉදිරිපිටදි මා තවත් අසරණ කරන ලදි



මට හැකි විදයකට මාත් මේ දරුවාට උදව් කරන්නම්

මා කිසිත් නොකියා බිම බලාගෙන උන්නෙමි


දැන් සමාලිගේ  කල වයසත්  යන නිසා පෙලවහක් කරගත්තොත් නරකද

හාමුදුරවනේ මේ එකට සුදුසු කාලය නොවෙයි

එහෙමයි කියලා හැමදාමත් සමාලිට ඔහොම ඉන්න බැහැනේ


මම දන්නවා හාමුදුරුවනේ එත්....



එත් කියන්නේ
මා ගැන විස්සොප වෙන්න වුවමනා නැ මට වුනත් සිවුරේ තව වැඩි දොහක් ඉන්න එතරම් කැමැත්තක් නැ මම සිවුර පොරව ගත්තාට මට මහන දම් රකින්න බැහැ සමාලි මට සසුන අතැර යන හිතුන වාර අනන්තයි
සමාලිගේ අකමැත්තක් නැතිනම් මට පුළුවනි සමාලිට උදව් කරන්න සමාලි කැමතිනම් ටිකක් හිතලා බලන්න

හාමුදුරුව............නේ


මා විස්මයෙන් යුතුවුව කැගැසුවේ කුමක් කියම්දැයි කියා සිතා ගත නොහැකි නිසාමයි







මේ නිමාවක් නොවෙයි 

3 comments:

  1. හරිම අගෙයි. දැන් ඔබ බොහොම දක්ෂ ආකාරයට කතාව ගොඩෙනගනවා.

    ReplyDelete
  2. හාමුදුරුවරු රහත් වෙලා නෑනේ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත! කොච්චර සිල්වත් ව හිටියත් වෙලාව ආව ම හැම දෙයක් ම වෙනස් වෙනවනේ.

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?