Sunday, June 23, 2013

යලිත් නොඑනු මැන

පාරවණ හද මතක පොද - වැටෙන කඳුලැලි හෙමින් පිස
ආදරය පිදු තරමටම - තනි මැකුව මගේ කඳුළු බිඳ
ජිවතය සොයා මම - ඇවිද යමි තව බො දුර තනිව
හිතුමතේ මගේ සිතත් අද - පුරුදු තනිකම රැගෙන දොතට

මිහිරි කඳුලක් හදින් ගෙන - දොවා හිත ම‘හැර තනිකම
නොයේ නම් යලි මගේ හද වෙත - කඳුලු නොසලන්නෙමි මම
ලඟින් හිද හද තනි මකන්නට -තනිකමත් ලඟ නොමැති සවසක
ඇවිත් යන්නට එපා දැන් නුඹ - හද පාරවන පැන් අරන් දෝතට

කඳුළු පිසලා මතක පැන් ගෙන - දිවිය විදිනෙමි පුදුරු පරිදිම
ලඟන් සැනසෙන මගේ තනිකම - වැටෙන කඳුලැල් පිසින ලස්සන
නුඹම ඇවිදින් හද කුටිය වෙත - ඉක්මනින් යයි යලි කිසිත් නොකියම
යලිත් නොඑනු මැන එදා වාගෙම - මතක පැන් අද හිදි තනියට
 
 
 

3 comments:

  1. "නොයේ නම් යලි මගේ හද වෙත - කඳුලු නොසලන්නෙමි මම" මෙහෙම අදිටන් කර ගනිමු.

    ReplyDelete
  2. එන්නෑ එන්නෑ..ආයේ එන්නෙම නෑ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ආයෙම නොආවට මතකය ඉතුරු වෙලානේ..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?