Wednesday, June 19, 2013

තවත් පෙම් කවි ඇයිද නුඹටම

උහුලගන්නට බැරිම මොහොතක
දෙඇස් දියවි කඳුළු වෙන බව
මිසෙක යලි මල් පෙති සිඹින්නට
එපා සමනල් රැල මේ ඉසව්වට

අහිමි සඳ ලඟ තබා හිත මම
පෙමින් එක්කර දෙඅත් ලඟටම
නුඹට - මම හිමි නොමැති බව දැන
පෙම් කලා තව තවත් රහසෙම

සොයමි මම නුඹ පාළු රැයම
දෙඇස් විහිදා පාළු අහසේම
දුරයි නුඹ මගේ හිතට හොදටම
තවත් පෙම් කවි ඇයිද නුඹටම

6 comments:

  1. //උහුලගන්නට බැරිම මොහොතක
    දෙඇස් දියවි කඳුළු වෙන බව// ආස හිතුවා මේ පද දෙකට වැඩියෙන්ම

    ReplyDelete
  2. මේ වගේම කතාවක් මට ලියන්න උණා මගේ යාලුවෙකුට. මටත් හිතෙනවා ඒකත් දැම්මොත් හොදයි කියලා මේ පාර

    ReplyDelete
  3. හිත ගිය තැන මාළිගාව. කාව්‍ය නම් මරුම තමා.

    ReplyDelete
  4. ‍සොඳුරැ කවක්....

    ReplyDelete
  5. උහුලගන්නට බැරිම මොහොතක
    දෙඇස් දියවි කඳුළු වෙන බව
    මිසෙක යලි මල් පෙති සිඹින්නට
    එපා සමනල් රැල මේ ඉසව්වට

    ( උහුලගන්න බැරි හින්දම...
    ඇසි දිය මා බිම දැම්මට...
    මල් පෙති අද පොඩි කෙරුවට....
    ඇයි තරහක් සොඳුරියේ නුබ... )


    අහිමි සඳ ලඟ තබා හිත මම
    පෙමින් එක්කර දෙඅත් ලඟටම
    නුඹට - මම හිමි නොමැති බව දැන
    පෙම් කලා තව තවත් රහසෙම

    (අහිමි හිරු දෙස බලාගෙන හැම....
    මොහොත පෙම ඉකි ගසයි සැනසුම...
    මාව අද හිමි නැතැයි කියුවම...
    රිදුන හිත හෙට මැරෙයි රිදුනම.... )


    සොයමි මම නුඹ පාළු රැයම
    දෙඇස් විහිදා පාළු අහසේම
    දුරයි නුඹ මගේ හිතට හොදටම
    තවත් පෙම් කවි ඇයිද නුඹටම

    ( දකිමි මුළු රැය කළුවරේ හැම...
    තරුව වී මගේ අහසේ උන්නම....
    ලඟයි මටනම් දුර ගියා සැම...
    තවත් කුමටද සිතා නුබ හම .... )

    ReplyDelete
  6. නුඹට - මම හිමි නොමැති බව දැන
    පෙම් කලා තව තවත් රහසෙම

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :(

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?