Friday, June 14, 2013

මඟබලා හිදිමි නුඹ එනතුරා

වළාකුළු මල් පෙති වලින්
වසා නෙතු නිල් නුවන්
මඟබලා හිදිමි මම
නුඹේ රුව එනතුරා

කඳුළු මල්  කලතා හිතින්
මතක පැන්දිය ගෙන‘තින්
දොවා සිත් මඩල මම
ඉකිගසමි හද පාරවා

හද අසිනි වැසි ඇද වැටි
සඳ දියට දුක හාදු දි
පෙම් නදිය දොගාඩම ගලයි
තුන් සිතම අද ඉරිතලා

5 comments:

  1. හ්ම්ම් . . .

    ReplyDelete
  2. මතක පැන්දිය හරිම කරදයි. කවදාවත් සැනසුමක් නෑ

    ReplyDelete
  3. තුන් සිත ම ඉරි තළා ගිය මුත්
    පිපෙන කවි මනරම්....

    ReplyDelete
  4. මේවට කමෙන්ට් කරන්න මම දන්නැ බං !

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?