Monday, June 10, 2013

හද සොයන නුඹේ රුව

පබළු වැහි බිඳු ඇද වැටි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි

සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
 

ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි

5 comments:

  1. තාම ඔය පෙම් සිත හමුවුණේ නැතිද අනේ.

    ReplyDelete
  2. Google සර්ච් කොරලා බලන්ට..

    ReplyDelete
  3. හොයා ගන්න නම් ඒක එතන තියෙන්න ඕනේ නංගි. ඒත් ඒක එතන නැත්තම් අපි නිකන් දුක් විදලා තියෙන්නේ හොයන්න ගිහින්.

    ReplyDelete
  4. //ලියු කවි සිත කලතමි
    මතක හැඟුමන් මැවි මැවි//
    ඔබ සොයන සිත කලක් නො ගොසින්
    හමු වෙන්ට යැයි පතනෙමී

    ReplyDelete
  5. හ්ම්ම් . . . ඉක්මනට ලැබෙයි කියලා හිතෙනවා.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?