Friday, June 28, 2013

23ට අවසන් කව

ඔහේ තාලෙට පැද්දි පැද්දි
නුඹේ කුසයේ ගැස්සි ගැස්සි
දෙඇස් අරුමට පුදුමයෙන් මන්
මඟබැලුවා නව මසක්

පුංචි පා අඩි මං තබද්දි
වැටි වැටි හෙමිහිට දුවද්දි
මහමෙරක් තරමට සෙනෙහසක්
පැතුවා ඔය නිල් ඇස් දෙකෙන්

ඔහේ කාලය යද්දි යද්දි
දිවියේ ගැඹුරුව මට දැනෙද්දි
සුවය ලැබුමට සෙනෙහබර හිත
ලඟින් පැතුවා හැමදිනක්

නෙතින් කඳුලක් මන් සලද්දි
හිතන් සුසමන් තව වැටෙද්දි
පහන් සිතුවිලි පිරි ගිය හිත
පතනවා මං හැමදිනක්

පාළු දිවියම හඩන විටදි
කුරිරු ලෝකය මට රවද්දි
ඇසින් කඳුලක් සල සලා මම
නුඹම යැදුවා හැමදිනක්

ඇසින් කවදා නොදැක්කත් නුඹ
සිතන් සැමදා පතමි හැමදින
මෙලොව ඇස් ඇර බැලු හින්දාම
අම්මේ නුඹ මට හරි වස්තුවක්



_________________________________

මගේ දිවියේ 23 වෙනි අවුරුද්දට ලියු අවසන් කවිය
 

8 comments:

  1. අද රැ එච්චර කලුවර නැ‍‍.. සුභ පැතුම්

    ReplyDelete
  2. එහෙනම් සුබ ම සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  3. සුබ උපන් දිනයක් වේවා...!!

    ReplyDelete
  4. කළුවරම හීනයත්
    සඳ සිසිලෙ අවදිවන
    දුකට වන්
    කඳුළු පිනි
    සෙනෙහසින් සිනාසෙන
    ගල් බොරළු අතර මග
    මල් වෙමින් පා සිඹින
    ලෙසින් හැමකල් ගෙනෙමි
    සුබ පැතුම් හද පිරුණ...

    සුබ උපන්දිනයක් අක්කේ!!!
    ...දිනේෂ්...

    ReplyDelete
  5. සුභ පැතුම් මගෙනුත් නංගියෝ

    ReplyDelete
  6. මගෙනුත් සුබ පැතුම් අක්කියෝ!

    ReplyDelete
  7. අම්මා තමයි අපි මුලින්ම අදුනගත්ත සුරදුතිය...

    ReplyDelete
  8. I believe love in first sight because I love my mother ever since I saw her first . . . සුභ ම සුභ උපන් දිනයක් වේවා! එළඹෙන 24 වැනි අවුරුද්දෙවත් කළුවර හීනයට සඳ පායන්න කියලා මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?