Tuesday, May 28, 2013

ආදරේ හද දුක් ගිනි නිවාලයි....

සුළඟ තාලෙට සැලෙනා
මොනාවදො හෙමිහිට
ලඟට විත් පවසා
හෙමි හෙමින් නුඹ ඇවිත්
මගේ සවසනත
  ආදරෙන් සරසා

ආදරේ හද දුක් නිවාලයි
ආදරේ දුක් නිවාලයි.....

ප්‍රේම ගගුලේ කිමිඳි
හෙමි හෙමින් නුඹ‘විත්
මගේ හද ගැබ
ආදරෙන් නහවා
ජිවිතේ මා සනසවාලයි

ආදරේ හද දුක් නිවාලයි
ආදරේ දුක් නිවාලයි....

කඳුළු මල් පරවි
සිනහ කැන් පිරි
මගේ නෙතු අග
නුඹ ඇවිත් හිනැහි
සිහින ගඟුලක
සෙනෙහසින් මා සරසවයි

ආදරේ හද දුක්නිවාලයි
ආදරේ දුක් නිවාලයි




_______________________________________________________

බ්ලොග් එක ටිකක් වෙනස් කලා හොඳද බලන්නකො :) 


6 comments:

  1. සරසවන කල ජීවිතේ
    නැවුම් පැහැයෙන් දිලි දිලී..
    සිනාවෙනු මැන හද පුරා නුඹ
    කුමට හඩනුද යළි දුකින්!

    ...බ්ලොගේ අලුත් හැඩය මට නම් ලස්සනයි අක්කෝ!

    ReplyDelete
  2. ආදරේ හද දුක්නිවාලයි
    ආදරේ දුක් නිවාලයි

    දුකයි සතුටයි දෙක ම තියන තැනක්....

    ReplyDelete
  3. හක්, වෙලාවකට දෙය්යනේ කියලා පාඩුවේ ඉන්න මිනිස්සුන්ට දුක් පත්තු කරන්නෙත් ඔය කියන ආදරේම තමයි.. :)හැබැයි ඒ තරම් සුන්දර දෙයක් තව නෑ, බැඳීම් වලට ආදරේ කියන හැඟීමෙන් අර්තකතනයක් දෙනවා තරම් වටින දෙයක් නැතුව ඇති.. :)

    ReplyDelete
  4. අන්න දැන් ඉතින් හිනැහෙන්න ආදරෙන්. ඒ ආදරය රැකගන්න කැපවෙන්න ඉත සිතින්.

    ReplyDelete
  5. කළුවර හීනයට හඳ පායලා! ඒක නං සතුටට කාරණයක්. පද පෙළත් ලස්සණ යි. අපි බලමුකෝ ඉදිරියට. මගේ සුභ පැතුම්!

    ReplyDelete
  6. හත් ඉලව්වයි, දැන් නම් පට්ට මේක ශෂි අක්කේ

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?