Friday, May 24, 2013

සුභ පැතුම් :)

කවදාවත් නැතුව
ඔයා........
මට හුඟක් ලංවෙද්දි,

මගේ ජිවිතේ වැදගත්ම තැන අරගද්දි
මං හිතුවේ
ඔයා මගේ වෙයි කියල

මගේම විතරක් වෙයි කියලා
එත්....
එහෙම වෙන්නෙ නෑ කියල
මට තේරෙනකොට,
ආපහු හැරෙන්න බැරි තරම් දුරක්
මං ඇවිල්ල ඉවරයි
අමාරුවෙන් හරි හිත හදාගෙන
ආයෙත් හැරිලා යන්නේ
ඔයාව එපා නිසා නෙවෙයි
ඔයා මගේ වෙන්නෙ නෑ කියලා
ඔයාම කියපු හින්දයි

දන්නවාද
මට අද හුඟක් සතුටුයි
වෙන මුකුත් නිසා නෙමෙයි
‘ඔයා තව කෙනෙක්ගේ වෙලා‘ කියලා
මට වටින් පිටින් ආරංචි වෙනකොට

මගේහිතේ ඉතිරුන සතටු ගලපන්න
 මට වචන නැති තරම්
හිතට දුකක් නැතුව මත් නෙමෙයි

එකයි අඳටත් ඇස් වල 
පොඩි හරි කඳුළු බින්දුවක් රැඳෙන්නේ
එත් මට සතුටුයි
ඒ ඇයි දන්නවාද
අච්චර මම ඔයාට  කරපු මගේ ආදරය
නොදැනුනු ඔයාට
එයාගේ ආදරය දැනෙනවා කියලා
මට හැඟෙන කොට

ඉතින් මට සතුටුයි.....
වෙන මොකක් වත් නිසා නෙමෙයි
අද මම දුකින් හිටියත් ‘ඔයා‘ නිසාම
එයා නිසා ඔයා අද සතුටින්
මට ඒ හොඳටොම ඇති
හිනාවෙලා ඉන්න...

ඔයා වෙනුවෙන් සතට වෙන්න
ඉතින්
‘සුබ පැතුම්‘
පිලිගන්න මගෙන්
ඔබ දෙනෙනාටම
දිගු ගමනක් යන්නට
‘ආදරයෙන්‘


__________________________________-
අපි ආදරය කරන අය අපි ලඟම රැඳිය යුතුයි කියලා නියමයක් නැ.නමුත් ඔවන් කොහොහො තැනක සතුටින් ඉන්නවානම් අපිට ඒ සතුට දිහා බලලා හිනාවෙන්න පුළුවන් නම් එකයි ආදරය
මම ඔයාට හුඟක් ආදරය කලා.ඒ ආදරය නිසාම ආනෙක වාරයක් සතුටු වුණා හුඟක් ඇඩුවා...
එත් අද ඔයා සතුටින් කියලා දැනෙන කොට මට එ තරම් තවත් සතුටක් නැ

ඉතින් මේ කළුවර හීනය වෙනස් වෙන්න කාලයයි
 හැමදාම කවවර හීනය හැඩ වුනේ අපේ ආදර කතාවෙන් ඔයාගෙයි මගෙයි කඳුළු ආදර කතාවෙන්
ඉතින් මේ වෙනසකට හොඳම කාලයයි

 
  

8 comments:

  1. අනේ මන්ද මේව ගැන මොනව කියන්නද කියලා.. කොහොමත් ධනවාදී සිතුවිල්ලකින් අවසන් කර තිබෙන එක ගැන නම් සතුටුයි.

    ReplyDelete
  2. හැමදාමත් කඳුළු අතරේ ඉන්නේ නැතු ව හිනා වෙන්න හිතපු එක නං සතුටුදායක දෙයක්. බලමුකෝ ඉදිරියට . . .

    ReplyDelete
  3. වෙනස් වෙන්න... සශී... අපි බලන් ඉන්නවා.. හීනෙ එළිවෙයි කියලා

    ReplyDelete
  4. ආදරය සුන්දර වරදක්ලු..වෙලාමට මං ඒක කලේ නැත්තෙ...

    ReplyDelete
  5. වෙනසක් නම් අපි හුඟක් ආදරෙන් මඟ බලන් ඉන්නවා..

    ReplyDelete
  6. ඔව් අක්කියො වෙනස් වෙමු.දුකයි තමයි.ඒත් අපිව දාල ගිය අය වෙනුවෙන් නෙමෙයි අපිට ආදරේ අය වෙනුවෙන් අපි අලුතෙන් වෙනස් වෙන්න ඕනනේ.අපිට ඉක්මණට කලුවර නැති ලස්සන හීනයක් ඕනේ අක්කියෝ!!!

    ReplyDelete
  7. මෙහෙම හිතන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි.

    ReplyDelete
  8. එක තත්පරයකට මම ගියා අතීතෙට!!

    මෙහෙම ලියැවිලි මගේ බ්ලොගෙත් ලියැවුනු හැටි මතක් වුනා...

    හිත හැදෙන, හිත පිරෙන, සතුටෙ පරිමාව වැඩිවෙන වෙනසකට.., සුබ පැතුම්!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?