Sunday, May 12, 2013

තවමත් මා නොදුටුව මගේම ආදරණිය අම්මා/ තාත්තා වෙත...



ජිවිතය පිලිබඳ සියළු ආසාවන් අතහැර දැමුවෙමි
තවදුරටත් මා ජිවිත් විමේ කිසිඳු ආසාවක් 
මා තව දුරටත් ජිවත් විම සඳහා කිසිඳු බලාපාරොත්තුවක් හො එකිසිඳු අරමුණක් නොමැත
කවරෙකුට හො සුජාතව මා මෙලොවට බිහිවු නිසාම මම ජිවිතය ගෙවන්නෙමි
කවරෙකු හො මා මෙලොවට බිහිකල නිසාම එ ලද ජිවිතය නිසාවෙන්ම මම ජිවත් වෙන්නෙමි
මගේ දිවියට නිශ්චිත අරමුණක් නැ
යායුතුයි කියා නිෂ්චිත ගමනක් නැ පෙනෙන තෙක් මානයක අවසානයක්ද නොමැත
මට මගෙයි කියා කිසිවක් නැත මට මගෙයි කියා කිසිඳු දෙයක් අයිතිද නැත
හුදෙක් මට මන් පමණි
මා මෙ ලොවට බිහිවුයේ ඇයි දැයි කියන්නට නොදනිමි
මා කාගෙදැයි කියන්නට නොදනිමි
මාගේ කළලය කුස තුල නව මසක් දරා සිටියේ කවුරුන්දැයි කියන්නට නොදනිමි නමුත් මා දන්නා යම් කරුනක් වේද මගේ ජිවිය නුඹ මා මෙලොවට බිහි කල නිසාවෙන්ම අඳුරු වු බවයි
හන්දියක් හන්දියක් ගානේ දරුවන් මහ මඟ අතහැර දමා යන දෙමව්පියන් වෙති උපන් දා ගෙල සිරකොට තව දරුවා මරා දමනා දෙමාපියන්ද වෙති
එහෙව් දෙමාපියන් සිටිනා සමාජයක මාවන් දරුවෙක් හට නුඹ ජිවිතයක් දුන්නේ ඇයි දැයි කියන්නට නොදනිමි මා ජිවත් කරවන්නට මගේ පණ කඳ රැක්කේ ඇයි දැයි කියන්ට නොදනිමි
මා උපන් මොහොතේ මගේ ගෙල සිර කර මා මරණයට පත් කලානම් අද මම මෙවන් දුකක් නුඋහුලමි

ජිවිතය නම් ඔහේ ගෙවි යයි නමුත් දිනෙන් දින තත්පරයෙන් තත්පරය ගෙවෙනා මගේ ජිවිතය කිසිඳු අරමුණක් නොමැත නුඹ මා මෙලොවට බිහි කල නිසා මම ජිවත් වෙන්නෙමි මම මෙලොවට බිහි වු නිසා දැන් ජිවිතය ගෙවෙමි මාගේ ජිවිතය් කිසිඳු අවසානයක් අරමුණක් මා නොදකින නිසා එය කවදා හො අවසන් වෙ යයැයි බලාපොරොත්තුව ඇතිව මම කාලය ගත කරමි නමුත් එ කවදාද කෙසෙද යන්න පිළිබඳවත් මට කිසිඳු අදහසක් නොමැත

මා නොදුටුව මාගේම මැණියයි මා මෙලොවට බිහිකළ මාගෙම මැනියයි මට අවසන් වශයෙන් අහන්නට ඇත්තේ එකම එක දෙයක් පමණි මා උපන් මොහොතේ මගේ ගෙල සිර කර මගේ පණ විනාස නොකර මෙවැනි කුරිරු මිනිසුන් සිටිනා ලොවකට මා ලබා දුන්නේ ඇයි දැයි යන්න පමණි

සෂි

15 comments:

  1. මාව කැරකිලා ගියා ශෂී

    ReplyDelete
  2. ඔලුවත් එක්ක අවුල් වුනා :(

    ReplyDelete
  3. මොකද දෙවියනේ මේ?

    ReplyDelete
  4. දන්නේ නෑනේ ..........

    ReplyDelete
  5. හ්ම්ම්.... බොහොම සංවේදී ලියවිල්ලක්.....

    ReplyDelete
  6. බුකියෙත් මේක දැක්කා... සඃවේදීයි!! ප්‍රබන්ධයක් කියලා විශ්වාස කරනවා.... මට තේරෙන්නෙ නෑ වෙන මොකවත්ම. :(

    ReplyDelete
  7. හ්ම්ම්, හුඟක් සංවේදී ලියවිල්ලක්. මේ වගේ කතා හිතේ හිර කර ගත්ත අහිංසකයෝ කොච්චර ඇති ද . . .

    ReplyDelete
  8. අඩේ!! එහෙම කරන්නත් පුලුවන්ද??????

    ReplyDelete
  9. ඔයා හිතන විදිහ මට තේරෙනවා.ඒත් ජිවතය ජිවත් කරවන්න ඔයා උත්සහ කරන්න ඕනේ.දුක සතුට හැමෝටම පොදුයි,අන්තිම පිළිතුර විදිහට ඔයා කියන දේට මම විරුද්දයි,අපිට ලැබෙන සමාජයේ සතුටෙන් ජිවත් වෙන්න කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ.මම හිතනවා ඔයාට හොදින් සතුටෙන් ජිවත් වෙන්න පුළුවන් කියලා.මම පාර්ථනා කරනවා සියලු දුක නැති වෙලා හොද ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා.!!!

    ReplyDelete
  10. සංවේදි නිර්මාණයක්.. මොනවා කියන්නද හිතා ගන්න බෑ..

    ReplyDelete
  11. හිතන්න වටින පණිවුඩයක්....

    ReplyDelete
  12. ඒ ප්‍රශ්නේ අහන්න ඕනි අම්මගෙන් නෙවෙයි..දෛවයෙන්..ඒ වගේම සමාජයෙන්, මොකද ඉපදුන ගමන් මරලා දාන, පාරේ බෝක්කු වලට විසි කරලා යන අම්මෙකුට දාව නොයිපිද මෙහෙම අම්මෙකුට දාව ඉපදුන එක ගැන සතුටු වෙන්න ඕනි. සමහර විට නිර්මාණයට අනුව මට හිතෙනවා දරුවාගේ අම්ම දරුවා ඉපදෙනකොට මැරිලා කියලා...අම්මෙක් කවදාවත් තමන්ගේ ළමයාගේ බෙල්ල මිරිකලා මරලා දායි කියලා හිතන්න පුලුවන්ද..(එහෙම කරන අය ඇති, මම කිව්වේ අම්මෙක්).. ප්‍රශ්ණ වලට මුල "ඉපදීම" නම් ජීවිතය නැති කරගෙන "මරණය" වැළඳගෙන ඒ ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. ඒත් ඒක ජීවිතයට බයේ පැනල යන නිවටකමක්.

    ReplyDelete
    Replies
    1. මට මෙහෙමත් හිතෙනවා "කතාවේ කතා නායකයා අන්ධ පුද්ගලයෙක් කියල"

      Delete
  13. සුපිරිම තමා ජයවේවා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?