Tuesday, May 7, 2013

නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

 
 රෑඅහස සරසනා රෑ මානලිය විලස මම
නුඹේ හීනේ හිනැහුනා මුළු රැයක් පුරාවට
මුළු රෑම ලඟ හිදන් කවි ලියුව නුඹේ හිත
නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

අර පේන කඳු අතරේ රැව් දුන්න මගේ පෙම
නුඹට අද පවසාවි මගේ හිතේ රැඳුන දුක
කඳුළු ඇවිදින් හුරතල්ව සඳ රැයක් පුරාවට
මගේ තනිය මැකුව හැටි තාම පුදුමයි සිතට

ආදරෙන් ලන්වෙලා කවිකාර හිතක් වෙත
නුඹ මැව්ව සෙනෙහෙ ගඟ සුන්දරයි ම‘හදට
උහුලන්න බැරිතරම් සුසුම් කන්දක් වුවද
ඉතින් කවි කරමි පෙමත් මියැදි අඳුරෙම
 
 
 

10 comments:

  1. අලංකාර වලින් පිරිලා තියෙනවා කවිය පුරාවටම. මාරම ලස්සනයි,

    ReplyDelete
  2. ලස්සණ කවියක්, දුක්බර යි . . .

    ReplyDelete
  3. අගේ ඇති නිර්මාණයක් හරිම අගෙයි.

    ReplyDelete
  4. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ලස්සනයි අක්කෝ...

    ReplyDelete
  6. සුසුමක් කවියක් වෙනකොට ඇත්තටම ලස්සණ යි....

    ReplyDelete
  7. විරහ කවියක් වගේ...විරහව ගැන ලියවුනත් කවිය ලස්සනයි...

    ReplyDelete
  8. හැගීම්බර කවි පෙලක්.. ලස්සනයි..

    ReplyDelete
  9. මියෑදුනු පෙමකට ඈති හෑදුවා දෑන්..ලියනු අලුත් කවක් අකුරු ගලපා රිසි ලෙස...

    ReplyDelete
  10. ලස්සනයි... හැඟීම්බරයි .........

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?