Tuesday, May 28, 2013

ආදරේ හද දුක් ගිනි නිවාලයි....

සුළඟ තාලෙට සැලෙනා
මොනාවදො හෙමිහිට
ලඟට විත් පවසා
හෙමි හෙමින් නුඹ ඇවිත්
මගේ සවසනත
  ආදරෙන් සරසා

ආදරේ හද දුක් නිවාලයි
ආදරේ දුක් නිවාලයි.....

ප්‍රේම ගගුලේ කිමිඳි
හෙමි හෙමින් නුඹ‘විත්
මගේ හද ගැබ
ආදරෙන් නහවා
ජිවිතේ මා සනසවාලයි

ආදරේ හද දුක් නිවාලයි
ආදරේ දුක් නිවාලයි....

කඳුළු මල් පරවි
සිනහ කැන් පිරි
මගේ නෙතු අග
නුඹ ඇවිත් හිනැහි
සිහින ගඟුලක
සෙනෙහසින් මා සරසවයි

ආදරේ හද දුක්නිවාලයි
ආදරේ දුක් නිවාලයි




_______________________________________________________

බ්ලොග් එක ටිකක් වෙනස් කලා හොඳද බලන්නකො :) 


Friday, May 24, 2013

සුභ පැතුම් :)

කවදාවත් නැතුව
ඔයා........
මට හුඟක් ලංවෙද්දි,

මගේ ජිවිතේ වැදගත්ම තැන අරගද්දි
මං හිතුවේ
ඔයා මගේ වෙයි කියල

මගේම විතරක් වෙයි කියලා
එත්....
එහෙම වෙන්නෙ නෑ කියල
මට තේරෙනකොට,
ආපහු හැරෙන්න බැරි තරම් දුරක්
මං ඇවිල්ල ඉවරයි
අමාරුවෙන් හරි හිත හදාගෙන
ආයෙත් හැරිලා යන්නේ
ඔයාව එපා නිසා නෙවෙයි
ඔයා මගේ වෙන්නෙ නෑ කියලා
ඔයාම කියපු හින්දයි

දන්නවාද
මට අද හුඟක් සතුටුයි
වෙන මුකුත් නිසා නෙමෙයි
‘ඔයා තව කෙනෙක්ගේ වෙලා‘ කියලා
මට වටින් පිටින් ආරංචි වෙනකොට

මගේහිතේ ඉතිරුන සතටු ගලපන්න
 මට වචන නැති තරම්
හිතට දුකක් නැතුව මත් නෙමෙයි

එකයි අඳටත් ඇස් වල 
පොඩි හරි කඳුළු බින්දුවක් රැඳෙන්නේ
එත් මට සතුටුයි
ඒ ඇයි දන්නවාද
අච්චර මම ඔයාට  කරපු මගේ ආදරය
නොදැනුනු ඔයාට
එයාගේ ආදරය දැනෙනවා කියලා
මට හැඟෙන කොට

ඉතින් මට සතුටුයි.....
වෙන මොකක් වත් නිසා නෙමෙයි
අද මම දුකින් හිටියත් ‘ඔයා‘ නිසාම
එයා නිසා ඔයා අද සතුටින්
මට ඒ හොඳටොම ඇති
හිනාවෙලා ඉන්න...

ඔයා වෙනුවෙන් සතට වෙන්න
ඉතින්
‘සුබ පැතුම්‘
පිලිගන්න මගෙන්
ඔබ දෙනෙනාටම
දිගු ගමනක් යන්නට
‘ආදරයෙන්‘


__________________________________-
අපි ආදරය කරන අය අපි ලඟම රැඳිය යුතුයි කියලා නියමයක් නැ.නමුත් ඔවන් කොහොහො තැනක සතුටින් ඉන්නවානම් අපිට ඒ සතුට දිහා බලලා හිනාවෙන්න පුළුවන් නම් එකයි ආදරය
මම ඔයාට හුඟක් ආදරය කලා.ඒ ආදරය නිසාම ආනෙක වාරයක් සතුටු වුණා හුඟක් ඇඩුවා...
එත් අද ඔයා සතුටින් කියලා දැනෙන කොට මට එ තරම් තවත් සතුටක් නැ

ඉතින් මේ කළුවර හීනය වෙනස් වෙන්න කාලයයි
 හැමදාම කවවර හීනය හැඩ වුනේ අපේ ආදර කතාවෙන් ඔයාගෙයි මගෙයි කඳුළු ආදර කතාවෙන්
ඉතින් මේ වෙනසකට හොඳම කාලයයි

 
  

Wednesday, May 22, 2013

මම දැන් ජිවත් වෙනවා ------------------------------



ජිවත් වෙන්න හරිම කම්මැලි
වෙලාවකට
මට හිතෙනවා මට පිස්සුද කියලා
හැමදාම එකම විදිය
එකම මිනිස්සු
එකම රාමුව
ගල් ගැහිච්ච මිනිස්සු
හිතක් පපුවක් නැති අය එක්ක
කම්මැලි කමින් ජිවත් වෙනවාට වඩා
සැප නැත්ද
සුන්දර වු ‘මරණය‘ වැලඳ ගන්න එක
නැ
එක නෙමෙයි උත්තර
කම්මැලි කම ගෙවෙන්නත් එක්ක
හිතක් පපුවක් නැති මිනිස්සුන්ට
දැනෙනත් එක්ක
එක දවසක් හරි ජිවත් වෙන එක
ඉතින්
මම ජිවත් වෙන්න තිරණය කලා
පණ නොගැහෙන
හදවත් තාලයට නොගැස්සෙන
කුරිරි මිනිස්සු ඉන්න
විසම සමාජයක
කම්මැලි ජිවිතයකට පණ දෙන්න

ඔව්
මම දැන් ජිවත් වෙනවා


Friday, May 17, 2013

මැදියම් රෑ යම


අඩ අඳුරත් සීතල හුළන් රැල්ලත් එක්ක මුළු ඇගම කිලිපොලා යන්නේ ය.ඇය නිදන සයනය මත අඩ නිරුවතින් උන්නේය නොනැවති කැරකෙනා විදුලි පන්කාව ඇයව නිරුවත් සිතුවිල වල මංමුලා කරවන්නිය......
සියක් සිතුවිලි ඇවිදින් ඇගේ මලානික හිත අසල ඉඟි බිඟිපාන්නිය...කොදුරමින් නැලවෙමින් පැද්දි පැද්දි ඇගේ හිත ඇයට වැට කවුළු බඳින්නිය
සිතල වාතය මඟින් ඇගේ අඩ නිරුවත් සිරුර උණුහුමින් ගිනියම් කරන්නේය.සිතුවිලි සමුදායක් විදි ඇගේ නිදන් ගත වුන සිතුවිල වල ඇගේ උණුහුමින් නැහැවෙන මන්මුලා වුන සිතුවිල අතර ඇයවම අතරමං කරන්නිය.ප්‍රේමයේ වියරු කඳුළු අතිරින් ජිවිතේ මඟ වැරදුනු මඟ සොයන්නියක සේ අයාලයේ ඇවිද ගිය සිතුවිල වල අතරමං වු ඇ ඇයත් රහසෙන් ඇයගෙන් සොරාගත් ඇ නින්නදත් නොනින්දත් අතර පෙරමඟ බලාවුන්නිය.තෙහෙට්ටුවත් කාන්සියත් සිත් රිදවුමිනුත් හෙම්බතු වු ඇ සැනසිලි දොරටුව අභියස සාදාතනික සිසිල් ආදරේ පැන් සිසිල දැන් ඇ වෙලා ගයි දැන් ඇ වෙලා ගනි යයි මඟ බලමින් වුන්නීය

ඇගේ අඩ නිරුවත් වු සිරුර දහසකුතු සිතුවිලිවලට ආරාධානා කරන්නිය දහසක් හැඟිම්වලට කතාකරන්නිය
ආදරේ වියරුවේන් පැහැරුණු සියළුම සිතුවිලි ආදරයක් ඉදිරිපිට මලානික වර්ණයෙන් රඟදෙන්නෙය
ඇගේ සිතුවිලි ඇය විසින්ම නිරුවත් කරන්නිය...තෙහෙට්ටුවෙන් විඩාබරව මඟබලමින් වු ඇගේ දෙඇස්ම ආදරය ඉඳිරියේ නින්දේ කිරා වැටෙන්නීය..ජිවිතය නැමැති මං පෙත ඉරිපිට පරාජිත වුවකු සේ ඇය හඩා වැටෙන්නිය

නිදන සයනේ උඩු බැලිඅතට දිග හැරි වුන් ඇ චංචල සිතුවිලි කිමිදෙමින් නව ජිවයක් පතන්නිය යදින්නිය
නව ලොකයක් ගැන සිහින මවන්නිය..කිරාවැටෙන දෙඇස් දල්වා ඇය මඟ බලන්නිය
ජිවිතය වෙනුවෙන් ජිවත් වන්නිය...ඇයම ආදරය ඉල්ලමින් කළුවර රැයක් පහන් කරමින් යදින්නිය
ඒ ආදරය මතම ඇ පරජිතයෙක් වන්නිය
තව තව පැරදිනියක් වන්නීය තවතවත් හඩනනිය තනිව රැවටෙන්නීය.



Sunday, May 12, 2013

තවමත් මා නොදුටුව මගේම ආදරණිය අම්මා/ තාත්තා වෙත...



ජිවිතය පිලිබඳ සියළු ආසාවන් අතහැර දැමුවෙමි
තවදුරටත් මා ජිවිත් විමේ කිසිඳු ආසාවක් 
මා තව දුරටත් ජිවත් විම සඳහා කිසිඳු බලාපාරොත්තුවක් හො එකිසිඳු අරමුණක් නොමැත
කවරෙකුට හො සුජාතව මා මෙලොවට බිහිවු නිසාම මම ජිවිතය ගෙවන්නෙමි
කවරෙකු හො මා මෙලොවට බිහිකල නිසාම එ ලද ජිවිතය නිසාවෙන්ම මම ජිවත් වෙන්නෙමි
මගේ දිවියට නිශ්චිත අරමුණක් නැ
යායුතුයි කියා නිෂ්චිත ගමනක් නැ පෙනෙන තෙක් මානයක අවසානයක්ද නොමැත
මට මගෙයි කියා කිසිවක් නැත මට මගෙයි කියා කිසිඳු දෙයක් අයිතිද නැත
හුදෙක් මට මන් පමණි
මා මෙ ලොවට බිහිවුයේ ඇයි දැයි කියන්නට නොදනිමි
මා කාගෙදැයි කියන්නට නොදනිමි
මාගේ කළලය කුස තුල නව මසක් දරා සිටියේ කවුරුන්දැයි කියන්නට නොදනිමි නමුත් මා දන්නා යම් කරුනක් වේද මගේ ජිවිය නුඹ මා මෙලොවට බිහි කල නිසාවෙන්ම අඳුරු වු බවයි
හන්දියක් හන්දියක් ගානේ දරුවන් මහ මඟ අතහැර දමා යන දෙමව්පියන් වෙති උපන් දා ගෙල සිරකොට තව දරුවා මරා දමනා දෙමාපියන්ද වෙති
එහෙව් දෙමාපියන් සිටිනා සමාජයක මාවන් දරුවෙක් හට නුඹ ජිවිතයක් දුන්නේ ඇයි දැයි කියන්නට නොදනිමි මා ජිවත් කරවන්නට මගේ පණ කඳ රැක්කේ ඇයි දැයි කියන්ට නොදනිමි
මා උපන් මොහොතේ මගේ ගෙල සිර කර මා මරණයට පත් කලානම් අද මම මෙවන් දුකක් නුඋහුලමි

ජිවිතය නම් ඔහේ ගෙවි යයි නමුත් දිනෙන් දින තත්පරයෙන් තත්පරය ගෙවෙනා මගේ ජිවිතය කිසිඳු අරමුණක් නොමැත නුඹ මා මෙලොවට බිහි කල නිසා මම ජිවත් වෙන්නෙමි මම මෙලොවට බිහි වු නිසා දැන් ජිවිතය ගෙවෙමි මාගේ ජිවිතය් කිසිඳු අවසානයක් අරමුණක් මා නොදකින නිසා එය කවදා හො අවසන් වෙ යයැයි බලාපොරොත්තුව ඇතිව මම කාලය ගත කරමි නමුත් එ කවදාද කෙසෙද යන්න පිළිබඳවත් මට කිසිඳු අදහසක් නොමැත

මා නොදුටුව මාගේම මැණියයි මා මෙලොවට බිහිකළ මාගෙම මැනියයි මට අවසන් වශයෙන් අහන්නට ඇත්තේ එකම එක දෙයක් පමණි මා උපන් මොහොතේ මගේ ගෙල සිර කර මගේ පණ විනාස නොකර මෙවැනි කුරිරු මිනිසුන් සිටිනා ලොවකට මා ලබා දුන්නේ ඇයි දැයි යන්න පමණි

සෂි

Tuesday, May 7, 2013

නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

 
 රෑඅහස සරසනා රෑ මානලිය විලස මම
නුඹේ හීනේ හිනැහුනා මුළු රැයක් පුරාවට
මුළු රෑම ලඟ හිදන් කවි ලියුව නුඹේ හිත
නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

අර පේන කඳු අතරේ රැව් දුන්න මගේ පෙම
නුඹට අද පවසාවි මගේ හිතේ රැඳුන දුක
කඳුළු ඇවිදින් හුරතල්ව සඳ රැයක් පුරාවට
මගේ තනිය මැකුව හැටි තාම පුදුමයි සිතට

ආදරෙන් ලන්වෙලා කවිකාර හිතක් වෙත
නුඹ මැව්ව සෙනෙහෙ ගඟ සුන්දරයි ම‘හදට
උහුලන්න බැරිතරම් සුසුම් කන්දක් වුවද
ඉතින් කවි කරමි පෙමත් මියැදි අඳුරෙම