Friday, April 26, 2013

මගේ සඳ

හීන අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් එක සවස් යාමෙක
පාළුවෙන් වුන් මගේ හිත ලඟ
භාවනාවක් වුනා මතකද

හින අහුරෙම දැවටිලා මම
නුඹේ ්‍රේම දැහැන ලඟ හිද
ආදරේ නමටම පිරු පෙරුමන්
ොඳව ගිය හැටි කියයි කඳුළුම

පයනා සඳ - තරුත් රෑයම
එලිය දෙන්නට හදයි හිත ලඟ
එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
කුමන තරුවද ඉන්නේ එලියට

භාවනාවක දැහැන් ගතවි
නුඹේ ප්‍රේමයේ සුවඳ විදිමන්
ඉන්න පිරුවත් මමත් පෙරුමත්
සඳත් මිලිනව ගිහින් දුර දැන්

නොපිරු පෙරුමන් හිතින් විඳිමින්
කළුවරේ මම හීන දකිමින්
මිලින වු සඳ යලිත් එන තෙක්
දැහැන් ගතවෙමි නමට නුඹේ මං

10 comments:

  1. කොපුල් තලයේ නොරැද තිබුනට
    කදුළු බිදු පොඩි සැග උනාවේද
    හදට ගුලිකර නගන සුසුමට
    නුබේ හසරැලි දිය උනාවේද

    ReplyDelete
  2. දැහැන් ගත වී කදුළු අරණක
    සිනා එකිනෙක දොවන නුඹ ළග
    රැදී හිද සිත සිනාසෙන සද
    බවුන් වැඩු ඇස් දුරක යනු නැත

    තරු දහක් මිලින වී යන කල
    රැදෙන්නේ එක සදකි සිත ළග
    ඒ එළිය ළග ඒ දැහැන ළග
    ජීවිතය පිබිදෙයි මලක් ලෙස

    තාරකා ඇස් නිවි නිවී යන
    මල් පිපී යළි යළි මිලින වන
    කදුළු කළුවර වැසෙන තුන් යම
    බැස නොයා ළග හිදිනු ඇත සද!

    ReplyDelete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. සුන්දර මතකයක දුක්බර සැමරුමකි..........

    ReplyDelete
  5. භාවනාවට සිත එකගකොට
    ජීවිතේටම නුඹව අරගෙන
    හිමි හිමින් මං බවුන් වඩන කල
    නුඹ ගියා මට හොරෙන් නොදැනිම

    ReplyDelete
  6. විප්‍රලම්භ වියෝගය....!?

    ReplyDelete
  7. අහිමි වී ගිය ඔබේ සඳ යළි
    එළිය දෙන්නට අඳුරු හීනෙට
    එන තුරා පෙරුමන් පුරන නුඹෙ
    කඳුළු සදහට මිලින වේවා!

    ReplyDelete
  8. පයනා සඳ - තරුත් රෑයම
    එලිය දෙන්නට හදයි හිත ලඟ
    එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
    කුමන තරුවද ඉන්නේ එලියට


    මම ආසම කොටස ....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. දහසක් සිතුම් මැද
    කවි සිත අවදි කල ඔබ
    නමුත් අද ඔබ මා ලග නැත.
    මගේ සුසුම් අතර ඔබ
    මැවි මැවී නොපෙනි යන
    මිරිගුවකි ඔබ මට අද..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?