Monday, April 15, 2013

හුදකලා වුන මගේ හිත

ලියා තැබු අමතක සැමරුම්
එකින් එක කොලයක් පුරා
ඇහිදගෙන මම ඔහේ පෙරලමි
නුඹව හොය හොය පිටු පුරා

ඇවිත් නැවිත් ගියපු සවසක
නුඹේ පින් රුව හිත පුරා
තාම සක්මයි කරයි රහසෙම
නෙතින් කඳුලැලි සල සලා

අද හෙටක නුඹ එන්න සවසක
මතකේ සුලඟක දවටලා
මම හිදිමි තව කල්පයක් වුව
නුඹට පෙම් හිත පවරලා


කොලයක් කොලයක් පාසා  නුඹෙයි මගෙයි ආදර කතාව හැමදාමත් ලියැවෙන නුඹෙයි මගෙයි ආදර කතාව කොච්චරනම් හිතුවත් මේ හිතට නිති තහන්චි දාලා හිතන්න එපාය කියලා එත් කවමදාකවත් අහන්නේ නැති මගේ හිත නුඹ වෙනුවෙන්ම පිටුවක් පිටුවක් පාසා ලියැවෙන අපේ ආදර කතාව
තිත තියනවා කියලා හිතපුවාර නම් අනන්තයි ආයෙ නොලියා ඉන්නවා කියලා හිතපු වාරත් අනන්තයි එත් කොච්චර කොහොම හිතුවත් නතර කරන්නේ කොමද හැමදාම මොකක් හරි දෙයක් හිතෙනවා මොකක් හරිම දෙයක් ලියැවිලා
හ්ම්
මේ පෙම් හිත මැරිලා හුඟක් කල්... නුඹේ නමට මගේ හිතේ ඉදිවුන මතක මැදුරු එකින් එක ගිලිහිලා යනවා මටත් නොදැනිම
එත් මට එවා අයින් කරන්න වුවමනාවක් නැ
එකයි හැමදාමත් වගේ නුඹේ රැපයම හොය හොය මම නුඹ වෙනුවෙන් මතක පොතේ පිටු පෙරලන්නේ
 

8 comments:

  1. රහස් මිමිණෙන මතක හිත ළග
    තියේ නම් නිති නැලවිලා
    දුකක් කුමටද සිනා ඉහිරෙයි
    අලුත් හීනෙක නැවතිලා

    සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවබර නව වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  2. අහිමි ප්‍රේමය තාමත් හිත තුල හොල්මන් කරනවා නේද.

    ReplyDelete
  3. සුබ ම සුබ නව වසරක් වේවා

    ReplyDelete
  4. හ්ම්ම්..අමතක කරන්න බැරි මතක ආයෙත්.....

    ReplyDelete
  5. අහිමි පෙමක ශෝකාලාපය. මෙය අත්දැකීමක්ද නොදනිමි. කළුවර අහසට ආගන්තුක නිසා. අපූරැ ගෙත්තමක්.

    ReplyDelete
  6. මියෙන නොමියන මතක අතරට..
    ඇවිද නොයමි සිතිවිලි වලින්..

    ReplyDelete
  7. තිතත් තියන්න කොච්චර උත්සහ කලත් කොමා විතරක් තියාගෙන යනව වගේ..
    කළුවර අහසට එළිය දෙන්න ටියුබ් ලයිට් එකක්වත් දාමුද?
    පරක්කු වෙලා හරි පත්තුවෙයිනේ

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?