සුභ උපන්දිනයක් අම්මේ
පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ
සඳ දිය දෙව්ව සේ නැග ආ සෙනෙහෙ තුල
හද ගැබ අරණ මත හිනැහෙන පියුම් මල
නහවයි සුවඳ ධහරෙන් මා සුවඳ කල
අම්මා නුඹයි මා සැනසුව හද දිවිය විල
-----------------------------------------------
47 වෙනි උපන් දිනය සමරන මගෙම ආදරණිය අම්මාට වාසනාවන්ත නිරොගිමත් සුභම සුභ උපන්දිනයක්
ඔබේ ආදරණිය අම්මාට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ඔන්න නාඩියා ප්‍රර්ථනා කරනවා!
ReplyDeleteඅම්මා තමයි අපේ ලෝකේ රැජින!
ගෑණු ළමයෙක්ගෙ ජීවිතයෙ හොදම මිතුරිය සහෝදරිය තමයි අම්මා.ඔයා එකග වෙයි කියලා හිතෙනවා.... අම්මාට සුබ උපන්දිනයක් පැතූ බව කියන්න අක්කියෝ..
ReplyDeleteඔයාගේ ආදරණිය අම්මාට තෙරුවන් සරණයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔයාගේ අම්මට සුභම සුභ උපන්දිනයක් පතනවා මමත්
ReplyDeleteමමත් ඔයාගේ අම්මට හදවතින්ම සුභම සුභ උපන් දිනයක් කිව්වා කියන්න...
ReplyDeleteඔයාගෙ අම්මට සුභ උපන් දිනයකට මගෙනුත් සුභ පැතුම්..චුට්ටක් පරක්කුයි හැබැයි :)
ReplyDelete