Tuesday, March 26, 2013

බෝ මළුවේ විරාමයක්

පායපු පුන් සඳ
එ සඳ වටා විහිදෙන කහා සුදු එළිය
සඳ දිහා බලන් ඉන්න මොහොතක් පසා මගේ හිත වෙනමම ලෝකයකට ගෙනියනවා වෙනමම දැහැනකට හිත පටවනවා ඇත්තම කියුවොත් මගේ කවි හිත තව තවත් දළුලනවා
ඇතින් ඇහෙන ඝණ්ටාරේ නාදය දෙකන් පෙති වලට එක්කර සැනසිම කියන්නට ගලපන්නට මට ඇත්තටම වචන නැ....

සුදුවට සුදුවේ සැරසිලා සුදුම සුදු මල් වටියක් තෙල් මල් හඳුන්කුරුත් අරගෙන පුරුදු විදියට මම අම්මාත් එක්ක පන්සලට ගොඩ වුනේ හිතේ වෙනසකටත්  එක්ක..හැමදාම ජිවත්වෙන එකකාරි පරිසරයෙන් මිදෙන්න හිතාගෙන..
සමහර විට මගේ හිතේ තිබුන ව්‍යාකුලත්වය හොඳින් තෙරුම් ගත්ත නිසාමදො අම්මා මට පන්සල් යන්න කතා කලේ
මගේ හිත දැන් හරිම ව්‍යකුලයි
කියා ගන්න බැරි හැඟිම් රාෂියක් එකතු වෙලා හිත පිරිලා
සමහර විට අම්මා මගේ හිත කලින් ඉඳන්ම කියවන්න ඇති

ඇත්තමයි මගේ හිත මගේ අම්මා තරම් කියවුව කෙනක් තවත් නැති තරම්

පන්සල් භුමියට ඇතුල් වෙනවත් එකම හදවතට කතා කරපු ඒ මල් සුවඳ ඇතින් හමාගෙන ආපු හඳුන් වැටි සුවද... හදවතත් ඇසත් එක්ක හදාගන්නේ අමුතුම සම්බන්ඳයක්
 

-----
 

විහාර භුමියේ පුදුම කලබලයක්
සුදුවට සුදුවේ ඇදගෙන වුන් හුඟක් ඇයො හරිම කලබලෙන්
මල් පුජා කරනවා හඳුන් කුරු පහන්වැටි දල්වනවා
සමහරු බෝධිය නහවනවා
තැන තැන ඇදිගෙන වුන් සමහර ඇයෝ ගාථා කියනවා... භාවනා කරනවා
ඇත්තටම සුන්දර කලබලකාරි පරිසරයක්

මමත් අම්මාත් මල් පුජා කරලා පහන් පතුත් කරලා වැලි මළුවේ වාඩි වුනේ ගථා කියලා භාවනා කරලා හිත ටිකක් සැහැල්ලු කරගන්නයි

ටික වේලාවක් භාවනා සුවයෙන් හිටිය මම දෙනෙත් විවර කරමින් පන්සල් භුමිය දිහා විමසිලිමත් ඇස් යොමුකලේ අම්මා කොහෙදැයි සෙවිමටයි

අම්මා චෛතය ලග තියෙන ගල්පඩියක ඇදිගෙන භාවනා කරනවා..
මම හෙමින් හෙමින් ඇගේ දෙසට ඇදුනා
ඇගේ දැහැන බිඳිමට මම අකමැති වුන නිසාම ටිකක් එහැයින් වෙන්න ගල් පඩියක මාත ඇඳි ගත්තේ අම්මා දෙනෙත් විවර කරපු සැනින් පන්සලේ හාමුදුරුවන් මුණ ගැහෙන්න යන්න හිතාගෙනයි...

හිත ටිකක් සන්සුන් කරගනින් දුවේ
පුළුපුලුවන් වෙලාවට පන්සල් පැත්තට ඇවිල්ලා
හිතේ ප්‍රෂ්න තියෙනකොට කිසිදෙයක් හරින්නේ නැ


ඇත්ත
අම්මා කියන දේ මට නොවැටහෙනවා නෙමයි
හොඳින් තෙරෙනවා
නමුත්
හැමදාමත් ගෙවෙන මගේ ජිවිත ඔරලොසුවට කවදා නම් සැනසිමක්ද
සමහර විට මේ දැල්වෙන පහන්සිල හමා එන හදුන් සුවඳ මවන මේ අමුතුම ලෝකයටත් බැරිවෙයි එ හිතට සැනසිමක් එකතු කරන්නට
---

සිලි සිලි හඩින් නද දි බෝ පත් තුරුලේ
සැලෙනා එකම බෝ කොලයක් සසරේ
නිවමින් ගිමන් මඟ හැර දුරු කතරේ
යන්න පතයි බිඳ බාධා සසරින් එතෙරෙ

දැල්වෙන පහන් ආලොකය සෙවනේ හිද
හමනා සඳුන් සුවඳින් හද ඔකද කර
පැයු සුපුන් සඳ ගෙන එන එළිය විඳ
යන්නට මඟක් සෙයමි මම සසර හැර

පැගෙන පයට එක වැලි කැටයක් ගානේ
ගෙවනා දිවියේ දුක උහුලමි හැම වාරේ
ලබනට සැනසුමක් මම මේ දිවි කතරේ
සැමදා පතනවා හිදිමින් සමිඳුගේ සෙව

හිනැහි රඟන මල් කැකුලක සුවඳ
තවරා හදින් පුද දි බො සමිඳු ලඟ
වන්නට එතෙර බිඳදා බැමි සසර මඟ
පතනවා සමිඳුනේ හැමදා නුඹේ සෙවනේ හිඳ


6 comments:

  1. හ්ම් හිත නිවා ගන්න පන්සල තරම් තවත් තැනැක් නැ.

    ReplyDelete
  2. ලස්සනයි!!! ගොඩක් හොඳ නිර්මාණයක් අක්කේ!!

    ReplyDelete
  3. සුන්දර සටහනක් !!!!!!!
    ඇත්තටම හිත එකලස් කර ගෙන නිවී හැනහිල්ලේ ඉන්න පුළුවන් එකම තැන පන්සල තමයි

    ReplyDelete
  4. කතාවට මගේ හිත වැඩියෙන් කැමතී කිවුවට තරහා වෙන එකක් නෑ කියලා හිතනවා මම..

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හොඳ නිර්මාණයක්

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?