Sunday, March 17, 2013

මතක පොතේ කඳුලින් කටු ගෑ....


කඳුලැලි පුරවපු ආදර පන්හිද
කඳුළු වගුරවා මතක ලියන කොට
පොතක් පුරාව දඟපෑ මතකය
පිටුවෙන් පිටුවට රහස් කියනවිට
තුන් රෑ මැදියම හීන දකින ඇස
කළුවර හීනෙම පාට මකන කොට
සඳ නැති රෑයම කඳුලැලි වපුරා
මතක ලියමි මම හිතේ දුකට අද
කඳුලින් කඳුලට අමුණන මතකය
රහසින් හද ලඟ සිතුම් මවන විට
කඳුලැලි පුරවපු මතක අහුරු ටික
හීනෙන් ඇවිදින් ලඟින් රැදෙනකොට
සීතල මදහස පෑව නුඹේ පෙම
හීත ලඟ හෙමිහිට රහස් කියන කොට
කළුවර රෑ හීනෙම තුන්යම
පෑරි රිදවයි නුඹ-මා මතකය හෙමිහිට

අහිමිව ගිය සඳ රහසේම පෙර දින
මතකය පෙරලා කවි අමුණන විට
දාහක් සිතුවිලි හැඟුමක නැවතුන
පිටු අග  සිර වී කඳුළු සලන විට
සැලෙනා හද ලඟ නැවති හෙමිහිට
රහස් කියනවා රහසේම මට මම
රිදවන මතකය අමතක කර අද
මතක ලියනවා පොතක් පිරෙන්නට
___________________________________
මගේ මතක පොත... කඳුලින් කඳුලු පෙමක් ලඟ නැවතිච්ච කඳුළු මතක අහුරු ගනන් ලියන මගේම ආදරණිය ඩයරිය දවසක ඔයාගේ අතට හම්බවුනොත්...ඔයා පුදුමවෙයි නේද මේ පොතේ පිටුවෙන් පිටුවට ඔයා ගැනම විතරක් මම ලියලා තියනවා කියලා දැකිනකොට....
 
       

16 comments:

  1. මොනවා කියලා කියන්නද මං....

    ReplyDelete
    Replies
    1. හම්ම් අනේ මන්දා මටත කියන්න නම් කිසිම දෙයක් ඉතුරු වෙලා නැ :(

      Delete
  2. හ්ම්ම්.... ඇයි මෙවුවම?

    ReplyDelete
    Replies
    1. හැම වෙලාවේම මතක් වෙනවා නංඟි :( :(

      Delete
  3. එයාට ඉක්මනටම ඔයාගේ ඩයරිය කියවන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. නැ මල්ලි කවදාක්වත් එයාට ඩයරිය නම් හම්බවෙන එකක් නැ

      Delete
  4. Replies
    1. කඳුලින් කඳුලට මල ආමුණනවා මම කඳුළුම එකතු කරලා

      Delete
  5. කදුළු ඇයි මෙතරම්

    ReplyDelete
    Replies
    1. ඇහි දාර මත හිනැහෙන්නේ කඳුළු බින්දුම විතරක් නම්.....?/

      Delete
  6. මතක පොතේ කදුළින් කටු ගෑ..
    කවි ලියැවෙයි මහ රෑ?

    ReplyDelete
    Replies
    1. හම් මහා රෑට හැමදාම මතක පොත පිරෙනවාඑයා දන්නෙත් නැ :(

      Delete
  7. දුක අද හෙට, එත් අලුත් දවසට පරණ දුක ගෙනියන්න එපා

    ReplyDelete
    Replies
    1. හැමදාමත් එලියට එන්නේ දුක විතරයි නම්

      Delete
  8. රිදවන මතකය අමතක කර අද
    මතක ලියනවා පොතක් පිරෙන්නට,....

    owa liwwata wadak na...wadagath wadak karanna shashioooo

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හංසි කවදාහරි කියවන්න ඉතිරි වෙන්නෙත් ඔච්චරයි
      අන්තිමට හිත රිදෙන්නෙත් ඔක නිසාමයි

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?