Thursday, February 7, 2013

මඟබලමි පාළුවෙන් මම




වතු සුද්ද මල් ඇහැරිලා
කැකුළු මල් පෙති විහිදලා
සුදු අරලියා මල් පොකුරු
පාළු ලන්දම හැඩදමා
වල් වැදුනු මිනි මල්යාය
තැනින් තැන කව හැඩ දමා
පිණි වැටුණු තණ පියස
ලන්ද එහෙ මෙහෙ හැඩකලා

බොරළු ඇතිරු පාරේ
එන මඟක් දෙස නෙත් යොමා
මඟබලයි සොහොන් කොත අද
නිදන තනිකම ඇහැරවා
කොතේ කණුවක ඇනතියන් මම
තනිය විදිනට බැරිනිසා
මඟබලමි සුසානය ලඟ
පාළුවෙන් මිරිකෙමින් සැරසිලා

ගරා වැටෙනා
සොහොන් කොත ලඟ
ඉටි පහන් කිරි වැහැරිලා
නිදන් ඉන්නා වුන්නේ
මර හඩින් කන් හිර වෙලා
මළ බැඳුණු කොත ලඟම
යකඩ කුඩු ඉහිරිලා
පාළු සොහොන් පිටිය තුල
සොහොන් කොත අද තනිවෙලා

3 comments:

  1. ම්ම්ම්... මහා ගුප්ත, පාලූ, අඳුරු ගතියක් දැනෙන මේ සිතුවිල්ලට මම ආසයි!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?