Wednesday, February 6, 2013

එක මොහොතක් නෙත් පියාගන්න

 
 
එක මොහොතක් නෙත් පියාගන්න
කළුවර රෑ එලිකරන්න
මම දකිනා හිනයේ හැඩ
නුඹ ලඟිම ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
තව මොහොතක් නෙතු වසාගන්න
හිනය සුන්දරදැයි බලන්න
මම බලනා හිනයේ හැඩ
පාට පාට තවර ගන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
එක වරුවක් නෙතු පියාගන්න
සිතුවම් හැඩ තවරගන්න
මම පතනා හිනයේ සුව
නුඹේ අසලින් ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හීනයේ සිතුවම් අඳින්න

ජිවිතයෙම සුවවිඳින්න....

2 comments:

  1. ජීවිතේ ලස්සන හීනකය් එක මොහොතක් හරි බලන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. හීන අපිව ජිවත් කරවනවා :)

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?