Friday, February 8, 2013

අනේ සත්තයි තවත් හිනැහෙමි එදා අපි හමු නොවුනනම්






සිනහා රැළි ලඟ කඳුළු ඇවිදින් හිතට රහසේ නැවතිලා
නෙතට කඳුලැලි උනයි හෙමිහින් දෙඇස් රහසින් නලවලා
සුසුම් ඇවිදින් ලඟින් නැලවෙයි නුඹත් කොහෙදො පිටවෙලා
ලොවට රහසින් කඳුළු අමුණමි මම මගේ ලොව තනිවෙලා

හීනයක් ලඟ ලැඟුම් ගත් හද මටත් රහසෙම වියැලිලා
හිනයක් නැති නෙත් අඟිස්සක කදුළු ඇවිදින් තනිවෙලා
එදා සඳ මෙන් පිදු හදවත කොහෙදො අද පිටවිලා
අදුර ඇවිදින් ඉකිබිදින විට තරුත් තනියම හැඩවිලා

පිදු සෙනෙහස මකයි තනිකම මතකයන් ලඟ හිනැහිලා
සිනා පිරි මුව ගෙනෙයි සුසුමන් කදුළු ඇස් ලඟ නැවතිලා
මතකයන් ලඟ හිදිමි තනියම හිතින් සැමදා හිනැහිලා
එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි සතුටින් හිනැහිලා









__________________________________________________________


කාලෙකට පස්සේ මම සඳසක් ලිව්වේ
හිතේ කොයිතරම් දෙවල් තිබ්බත් ලියාගන්න බැරි තරමටම මම ගොළුවෙනවා සමහර වෙලාවල් වලට
එතරමටම හිතේ කඳුළු මතකයන් හුඟක් පිරිලා
වෙලාවක් ලැබුණු ගමන් මම මගේ මතක කාමරය සුද්ද කරලා දානවා
ගද ගහන වගේම සමහර සුවඳ හමන මතක කුණු හුඟක් එ කාමර ඇතුලේ පිරිලා
අවුරුදු ගනන් පරණ ... වගේම ඊයේ පෙරෙදා පරණ වුන
හුඟක් ඇත අතිතේට දිවෙන ... අළුවත් අළුත්... වගේ මතක කුණු හුඟක් ඇහිරිලා තියන මගේ  මතක කාමරය ආයෙ කවමදාකවත් කුණු එකතු නොවෙන විදියටම සුද්ද කරන්න කාලය ඇවිත්
ලඟදිම දවසක මගේ මතක කාමරය සුද්ද වෙයි
එත්

හිත ගොළු වෙන එකම එක වදනක් විතරක් ඉතුරු වෙලා


එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි මම සතුටින් හිනැහිලා


2 comments:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?