Thursday, February 28, 2013

ඉරට පෙම් බැඳි එකඳු තරුවක් සිටිය නොහැකිද යම්



බැහැගෙන යන ඉර මුහුදත් එක්කම රතු ම රතුපාටින් දිලෙන අහස් ගැබට සමුදෙන්නේ හරිම ලෝභ කමකින්
අහසත් බැහැලා යන්න හදන ඉරට සමුදෙන්නේ යන්න දෙන්නම ඔනෙයි කියලා ඉර අහස ලඟට ඇවිත් අඩ අඩා කියන නිසයි

අහස කිසිම දෙයක් නොකියා බැහැලා යන්න හදන ඉරට සමුදෙනවා
නතර වෙන්න කියුවාත් නතර කරගන්න බැනේ
මොකද ඉරට අද බැහැලා යන්නම ඔනේනේ
එත් අහස දන්නවා ඉර අද බැහැලා ගියත් සුදුම සුදු පාටින් දිලෙන පුංචිම පුංචි ලස්සන සඳවතක් මුළු රෑ පුරාවටම පායලා ඇවිත් කළුවර වෙච්ච අහස් තලයම එළිය කරනවා කියලා
එ පායන සඳවතේ තනි මකන්න ලස්සනම ලස්සන තරු රැන් රැන් ගනන් පායනවා කියලා
අහසට තනි නැ
අහසට දුකත් නැ
එත් ඒ හැමදේම තවකාලිකයි 
 අද පායන් එන සඳ හෙට දෙන්ම බැහැලා යනවා
ඒ වගෙමයි ඉරත්....ඉරත් අසරණයි

ඉර බැහැගෙන යන්නේ ඉරේ වුවමනාවට
නතර වෙන්න කියලා කොච්චර අහස කියවාත් ඉරට නතර වෙන්නම බැ
යන්නම ඔනේ
යන්න දෙන්න අකමැති වුනත් අහස ඉරව නතර කරගන්නෙත් නැ
දැන් අහස මුහුදු වෙරෙලෙ සිතිජ ඉමෙන් ඉරට සමුදුන්නත් ලොකේ තවත් කොනක කොහෙ හො මුහුදු ඉමකින් තවත් අහස් ගැබකින් ඉර හරි අපුරුවට පායනවා
එහෙම පායන ඉර තවත් ලොකයක් තවත් ලස්සනම ලස්සන දවසක් උදාකරලා දෙනවා
මුළු රයක් පුරාවට කළුවර ම කළුවර විතරක් රජ කරපු අහස් ගැබ තනි කරලා හඳත් උදේ රැයිනම් අහස තනිකරලා යන්වානම් තමයි
අහස නිරුත්තරයි..
කරන්න කිසිම දෙයක් නැති නිසාවෙන්ම...
හුදකලා අහස් ගැබ  හැම දුකක්ම දරා ගන්නේ.. හැම වෙන්විමක්ම දරා ගන්නේ මුළු ලෝකයටම හොරෙන්...
අහසටත් කෑගලා අඩන්න ඔනේ.. දවසක අහසත් දුක දරාගන්න බැරි කම නිසාම අඩයි
නමුත් කෑ ගගහා ඇඩුවත් කවමදාකවත් අහස සඳටවත් ඉරටවත් යන්න එපායි කියලා නවත්තගෙන නැ.. ඉන්න එපායි කියලා බලෙන් තියාගෙනත් නැ
අහස අහින්කසකි
හරිම අහින්සකයි...

ඉරටයි සඳටයි අසිමිතව ආදරය කරන අහස හැමදාම තනියෙන්
එ දිහා බලන් ඉන්න වෙරළ ඉමත් අහස ගැන දුක් වෙන්නේ හැමොන්ටම රහසින්
එ දුක දරාගන්නේ හැමොන්ටම රහසින්.....

--------------------------------------------------

කුසුම් විකසිතව - හිනැහෙමින් රඟදෙන්න
පුංචි මල් කැකුළු දැන් මඟබලයි සැනසෙන්න
ලඟ තනිය දුරලන්න - කැකුළු හිනැහි ඉන්න
මලේ පෙති හිනැහෙවි බඹරු ලඟ නැලවෙන්න

පුර සඳත් හිනැහෙමින් - සඳ එලිය විහිදන්න
මදියමේ තරු ඇවිත් තනි රකියි දුක ගන්න
රෑ අහස සරසන්න - තරු රටා අලවන්න
පුංචි තරු කුමරියක් දැන් හිනැහෙවි සැරෙසෙන්න

දුක කියන සඳ කුමරි - ලඟ තනිය දුරලන්න
තරු ඇවිත් නැවතුනත් දුක හිතෙන් අරගන්න
සඳ නොකි එ රහස - හද කොනක රඳවන්න
පාළු රෑ සැරසෙයිද හඳට හිනැහි දුකදෙන්න

විකසිතව හිනැහෙනා පුංචි කැකුලක් ලඟ ඉන්න
පාළුවෙන් මිරිකෙනා සඳට තරු ලඟ ඉන්න
දුක හදක ලඟ තියන් නෙතු කඳුළු වියලන්න
බඹරු‍ - තරු කැකුලකට හැකිද කඳුලැලි පිසලන්න

13 comments:

  1. හ්ම්ම්...දුක හිතෙන අකුරු ටිකක්ද මන්දා....

    ReplyDelete
  2. අවැසි නම් හිතක දුක මොහොතකින් දැකගන්න
    ඕනැ කෙනෙකුට හැකිය ඇසක දුක් පිසලන්න
    ඒත් ඒ කිසි දෙයක් නොවටිනේ සොහොයුරිය
    සැබෑ සෙනෙහසක් මෙන් හිතක් ළග නිති රැදෙන....)))))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්
      දුක බෙදාගන්න බලන් හුඟක් අය ඉදිවි නමුත් 100% අවන්ක අය හොයාගන්න අමාරුයි :) ඔක්කම මැවිලි විතරයි

      Delete
  3. හ්ම්ම්.. සංවේදි කවි පෙලක් මටනම් මේක..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් දුක හුඟක් ලියැවිලා තියන තැනක්

      Delete
  4. ලස්සනයි අක්කි. අහස කොච්චර දුකක් උහුලනවා ඇත්ද....!

    ReplyDelete
  5. හැමදාමත් වගේ මම මේ ඉසව්වට එන්නේ කවිකාර සිත දකින්න.එම සුන්දරත්වය සිතට සැනසිමක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැමදාමත් වගේ මගේ කවි හිත කියවනවාට :)

      Delete
  6. "ඉරටයි සඳටයි අසිමිතව ආදරය කරන අහස හැමදාම තනියෙන්
    එ දිහා බලන් ඉන්න වෙරළ ඉමත් අහස ගැන දුක් වෙන්නේ හැමොන්ටම රහසින්
    එ දුක දරාගන්නේ හැමොන්ටම රහසින්....." Damn True..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?