Thursday, February 21, 2013

කඳුළු මල් මාලා


 




කඳුළු මුතුවැල් හෙමින් ඇවිදින් දෙනෙත් පෙති අග සැරසිලා
දෙඇස් තෙමමින් මාල අමුණයි නුඹේ සෙනෙහස සිහිවෙලා
හිතක් අඟ රැදි රහස් බොහොමයි දෙනෙත් කඳුලින් තෙත් වෙලා
කඳුළු මාලා සෙමින් අමුණමි හෙලූ කඳුලින් හැඩ වෙලා

සිහින එක එක හෙමින් බොඳවෙයි දෙනෙත් අග දුක දියවෙලා
නෙතින් කඳුලැලි හෙමින් පිටවෙයි නෙතට කඳුලැලි බරවෙලා
හීන නොකියම මගෙන් දුර යයි පැතුම් එකිනෙක බොඳවෙලා
නුඹෙන් මම අද වෙන්විලා යමි පෙමක් ලඟ හිත නැතිවෙලා

මටත් රහසින් පිටව ගිය සඳ දුකක් ලඟ හිත නවතලා
කඳුළු හිත ලඟ මතක පෙරලමි කඳුළු මල් ගෙන අහුලලා
හිතින් නොසැලෙමි මතක අහුලමි තුටින් නුඹ ගිය දෙස බලා
කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා

10 comments:

  1. හ්ම්ම්...හරිම උදාරතර පැතුමක්....

    ReplyDelete
    Replies
    1. හම්ම් බෝම අමාරුවෙන් හිත ගලක් කරගෙන කරන්නේ

      Delete
  2. //කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා//

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කඳුළු.., කිසිම වටිනාකමක් කවදවත් ලැබුනෙ නැති දෙයක්... :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිසිම වටිනාකම්ක් නැතිව ඔහේ වැටිච්ච කදුළු

      Delete
  3. තේරුමක් නැතුව කඳුළු ගලාගෙන ගියපු කාලෙකුත් තිබුනා.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. අපි හැමොන්ගෙම ජිවිත වලට එහෙම කාල ඔනේ තරම් තියනවා

      Delete
  4. ඇයි අප්පේ ඔච්චරටම හැඟීම් බර උනේ?

    ReplyDelete
    Replies
    1. වෙන කරන්නම දෙයක් නැතිනිසා අනේ

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?