Friday, February 1, 2013

මම කවියක් ලියනවා

හදවතේ කොනක
පණ අදිමින්
දඟලන නුඹේ
එකම එක හුස්ම පොදක්
මගේම දෙඅතින් එක්කහු කරන්
පැන යන්නට දඟලන
පණ කෙන්ද
කට තදේට බැදපු
බැළුමක දාලා උඩට පා කරන්න

කොටියක් අහේතුක සිතිවිල වල
පාවි පාවි උන් මට
නුඹේ පණ අඳින
ප්‍රේමය ඉස්සරහට  ගෙනවිත්
ඔහේ පාවේන ගන්ධබ්බ සිතුවිලි
වලින් මගේම ප්‍රේමය ගැබ්බර කර
නුඹත් මමත් නමට
ප්‍රේම ගී සැයක් බඳින්නට

පාවේන සිගරට්
 සුදු දුම් වලාවන් වලින්
වාතලයට මුදා හරෙන
නිකොටින් දුම් ගුලියක් සේ
නුඹේ පන අඳින ප්‍රේමය
එක හුස්මට පිට කරන්න...

මගේම රක්ත රුධිරානු
වලින් නැහැවුන
ආත්මිය ප්‍රේමයෙන් මුසපත් වු
නුඹේ පණ අදින ප්‍රේම සිතුවිලි
එක පත් ඉරුවකට ගෙනවිත්
පන්හිදේ රුධිරය ඉවර වෙනතුරු
හිතේ ආවේග පිට කරන්න
එක හුස්මට අරන් 
ලියාගෙන යන්න



මම
කවියක් ලියනවා

එන්න ඇවිත් රස විඳින්න

4 comments:

  1. ඔන්න අපි ඇවිත් රසවින්දා...

    ReplyDelete
  2. කලින් එක විස්කි,අද එක සිගරට්.

    හොඳ නිසඳැසක් ගතියක් තියෙනවා රසවිඳින්න.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?