Tuesday, January 8, 2013

(නො)ලියවෙනා අකුරු


හිතට වද දෙන අකිකරු අකුරු පාවි පාවි ඇතට යනවා
ඇතට හුඟක් ඇතට
හිතන්නවත් බැරි තරම් ඇතට
තදින් අල්ලන් ලඟින් තියාගන්න කොච්චර උත්සාහ කලාත්
 මටවත් අවනත නැති මගේ හිත අකිකුරු අකුරු වැල් ඇතටම පාකරලා යනවා
හිතන් අඩයි මම
දුක් වෙයි
මටම මාව බොඳවෙන තරමටම
මට මාවම නොපෙනන තරමටම මම අඩයි
කඳුළු රස බලයි මම
හිතන් විඳියි
විඳවයි
රසය සොයයි
තවත් හොයයි
මටත් නොතෙරෙන තරමටම මම ඒ අකුරු පසුපසම හඹායයි
කුරුටු ගායි මම
තවතවත් කුරුටු ගායි
හිතේ ආවේගෙටම පැනත් තද කරමින් කොළයටත් රිදෙන තරමටම මම කුරුටු ගායි
හදවත් ගැහෙයි
හයියෙන් ගැහෙයි
හද ගැහෙන වෙටෙත් වැඩියෙන් මම අකුරු කරුටු ගායි
එත් ඒ අකිකරු අකුරු ඇතට යයි
ඇතටම යයි හුඟක් ඇතට
මට මාවත් නෙපෙනෙන තරමටම
මාවත් පහු කරන් ඇතට යයි
අකුරු වැරදිලාවත්ද මට
අකුරු කොහෙද නුඹ
සොයයි මම
හඩ හඩා සෙයයි මම
වරු ගනන් සෙයයි මට
දුක තුනි වෙන තරමටම කඳුළුත් එක්ක අකුර නුඹ සොයයි මම

අද නුඹ කොතැනද
මම කොතැනද
අකිකරු අකුරු කොතැනද
මගේ කවිකම කොතැනද
ලියන්නේ තව මොනවාදෝ මම
තවත් ඒ දෙස බලන්නේ කොහොමදො මම
නිරුවත් දැසකින් අවයජ හැඟුමකින්
බලන්නේ කොහොමදෝ මම
මටම වදදි නොලියෙනා මගේම අකුරු  දෙස තවත් මොහොතක්...

2 comments:

  1. කවි ලියනවා නේද- අපුරුයි.

    ReplyDelete
  2. ඔබේ කවිකම අපුරුයි...දුරක නොව එය ඔබ ලගයි ...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?