Friday, January 18, 2013

නුඹට තව මම ආදරෙයි

අතිතයක පැටලිච්ච
හැඟිම් ගොන්නක එකතුවකට
මම තාමත් පෙම් කරනවා
නොවින්ද නොලැබෙන සුමුදු සුසිනිදු ඒ සෙනෙහෙ පතාගෙන
මම තාමත් මඟ බලනවා

මොහොතක් ඔය ඇස් දෙක ලඟ නතර වෙන්නට ඇතිනම්
ඔය කතා කරන ඇස් දෙක ලඟ මෙහොතක් දොඩමළු වෙන්නට ඇතිනම්

සිහිනයක් සේ ඇවිත් ඒ සිහිනේ දඟකරනවා
නුඹෙයි මගේයි අතිත සැමරුම්
නෙත් දෙක ලඟට ඇවිත් දඟපාන මුදු කඳුළු බින්දු
තමත් හදවත රිදවනවා

සොඳරු සැමරුම්
තනිනොතනියට
ලඟ තනි මකනකොට
නුඹේ සුවද තව තවත් ඇතටම දුවනවා
හුඟක් ඇතට
මට මාවත් අමතක වෙන තරමටම ඇතට ....

හදවත් හඩා වැටෙන වාරයක් වාරයක් පසා
මගේ තනිකම ඇවිදින් හිත ලඟ දඟලාන වාරයක් වාරයක් පාසා
අපේ අතිතයේ පාළු සුසුනයක නැවතිච්චි
ඒ පාලු සුසානයෙ මම විසින්ම මිහිදන් කරපු අපේ මතකයන්
කඳුළු බිදු තුලින් ඇස් අගින් පිටවි යද්දි

මගේ කඳුළු වැල් එකක එළියට පනිනමගේ හැඟිම්
නතර වුනේ හිතුමතේට පැවෙන අකිකරුම අකුරුත් එක්ක

ඔව් මම
අකිකරු අකුරු එක්ක හිතවත් වුනා
දිනෙන් දින මම අකුරට ලන් වුනා
මගේ තනිකම
මගේ පාළුව මගේ හැඟිම් තෙරුම් ගත්ත එකම හදවත
එකම සිතුවිල්ල
අදත් මම අසරණයි එදා වාගෙම
අදත් මම එතැනමයි
තනියම
නැවතුන තැනම
මම තාමත් බලනවා
මඟ බලනවා
නුඹ නොඑන පෙරමඟකට විත
කවදාක්වත් ඇස් ඉස්සරහටවත් එන්නේ නැති ඔය රුපයම
අඩුම තරමේ බොඳවෙච්ච දසුන් ලෙසින් හරි අද එවි අද එවි යයැ සිතා
මම බඟ බලනවා

තාමත්
හිතයටින් ලියැවෙන
එකම එක නොලියැවෙච්ච මතේ කවි නුඹයි

මටත් අයිති නැති මගේම නොවුන කවිය ඒ ‘ආදරයයි‘

නුඹයි

ඉඳින්
නුඹට තව මම ආදරෙයි

1 comment:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?