Wednesday, January 30, 2013

(අ)සම්මතය



දෙවැනි වේදිකාවට දැන් පැමීණි දුම්රිය මහව බලා පිටතවේ..දුම්රිය නවත්තන්නේ රාගම ගම්පහා...මීරිගම...මීරිගම සිට මහව දක්වා ඇති සැමදුම්රියස්ථානයකම දුම්රිය නවත්තනවා ඇත...

ස්ටෙෂන් එක පුරාවටම මිනිස්සුගේ කලබලේ...කෝචියට සමරු දුවනවා
සමරු තව කෝචියක් එනකම් බලන් ඉන්නවා
මම ටිකට් කවුන්ටරය ලඟට ගිහින්  ප්‍රවේෂපතුයක් ඉල්ලවා...ටිකන් කවුන්ටරයේ හිටිය නිල‍්ධාරියාගේ මුනෙන් පෙන්න තිබුනේ හරිම වෙහෙසකාරි පෙනුමක්..මිනිහාට මාවත් වදයක් වෙලා...ටිකට් කවුන්ටරය වෙත ඇවිදන් එන සැම පුද්ගලයෙක් දිහා මිනිහා බැලුවේ හරිම හිස් බවකිනි..හරියට මොකක්දො ලොකු කතන්දරයක් කියන්න හදනවාවගෙයි
මම මගේ ප්‍රවේෂපත්‍රයත් අරගෙන ෆ්ලැට්ෆොමය වෙත ආවා...
මිනිස්සුන්ගේන් පිචරිලා තිබ්බ මුළු ස්ටෙෂන් එක පුරාම ඇත්තේ හරිම කලබලකාරි බවකි....
මහව කොච්චිය දෙවැනි වේදිකාවේ නතර කරලා
මිනිස්සු කොච්චිය ඇතුලට යනවා සමහරු කෝචිචියෙන් එලියට එනවා
මමත් හෙමිහිට  කොච්වියේ මැදිරියක් ඇතුලට ගොඩ වුනා
තැන් තැන්වල රංචු ගැහිලා හිටිය මිනිස්සු තම තමන්ගේ ලෝක වල
සමහරු හයියෙන් හිනාවෙනවා සමහරු තම තමන්ගේ කතා ඒ අතරින් රංචු ගැහුනු කිපදෙනෙක් පත්තර සඟරා කියවනවා සින්දුකියනවා
හරිම කලබලකාරි...
කෝචිචිය මැදිරිය පුරාම හරිම කලබලකාරි පරිසරයක්
මමත් පැත්තකට වෙලා මැදිරියේ තිබ්බ එක කණුවකට හේතුවුනා
එකපාරටම තැස්සමික් සමඟින්ම කොච්චිය හෙමින් ගමන් අරඹනවා

ඇසි පියවි ගෙන එනවා නින්දත් නොනින්දත් අතර
එත් එකපාරටම මට දුම්රිය මැරදියේ හිටිය තරුණ කටහඩක් ඇහෙනවා
....
එ කටහඩ මගේ සවස් යුග අතරින් ගලාගෙන යන්නේ හරියට විදුලියක් කොටනවාවගේ

මම දෙනෙත් විහිදා මැරිදිය දෙස බැලුවා එ කටහඩ කොහෙන්දො එන්නේ කියලා....දෙනෙත් නතරවුනි
ඔහු තම සඟයන් සමඟ බර කතාවකට හයියෙන් හිනාවෙනවා හිනාවෙන ගමන් කතාකරනවා...පෙනුම අවුරුදු 28පමණ වෙන හින්දැරි තරුණයෙකි.... එතරම් වයසක් නම් පෙනුමෙන් නැ...සමහර විට පෞද්ගලික අංෂයේ කුමන හො රැකියාවක නිරතවෙනවා වෙන්න පුළුවන්....රැළි ගැසුනු කොන්ඩය තලෙලු පැහැය මුන පුරාවට ලාවට වැවි තිබුනු රැවුල් කොට එ පෙනුමට මනා පෞර්ෂත්වයක් එකතු කරනවා...ඇඳගෙන හිටියේ ලා රොස පා ෂර්ට් එකක්.බෙල්ලේ යකඩ දම්වැලක් වගේ මාලයක් දාලා තිබ්බා අතේ මොනවදො නුල් වගයෙකුත් බැඳලා.... අද කාලේ ෆැෂන් එකනේ ...තොල් දෙක හරියට දුම්වැටියට ඇබ්බැහිවුන පිරිමි තොල් වගේ
එකෙත් හරි අමුතු ලස්සනක් තිබ්බේ
ඔහු ඔහුගේ ලොකයේ එහෙ මෙහෙ පාවි පාවි කතා කරනවා එක එක කතාය හයියෙන් හිනාවෙනවා වෙලාවකට ලඟින් ඉන්න කොනාට වැරෙන් පහරක් එල්ලකරනවා
මගේ හිතට සියුම් ඊරිෂියාවක් ආවේ නැතුවාම නොවෙයි
මම හිතින් මවනවා එ පහර කන පුද්ගලයා මම වුවානම්
ක්ෂනිකයන් ඇහෙන දුමිරිය හොන් නාදයත් සමඟන් මම පියවි සිහියට එනවාමොහොතකින් මම
නැවතත් ඒ රෑපය ලඟින්ම නතර වෙනවා


එ කට හඩ ගැනත් යමක් කියන්නම ඔනේ...එ කටහඩේ තිබ්බේ පුදුම ජවයක් සන්සුන් වදනින් තෙපලෙන වදන් මාව අතරමං කරනවා මම ඇත්ටම මනසින් එ කොලුවාත් සමඟ සම්බන්දයක් හදන්
එ කටහඩත් එක්ක මගේ හිත කොහෙදො මුල්ලක නතර වෙනවා
ආහන් ඉන්න හරිම ආසයි
ටික වෙලවකට එක කටහඩේ ගැඹුරු බව මාව භාවනාවක් කලා..හරියට ධ්‍යානයක සමවැදිලා හිටියා වගේ..
එකපාරටම දුම්රිය නැවතුනා
රාගම ස්ටෙෂන් එක
දුම්රියේ තවකාලික නැවතිමත් එක්ක මම අර රුපය දිහාම බලන් හිටියා...තවතවත් බලන් හිටියා මනසේ ඇදෙන රෑපයට මම අමතක කරන්නම හිතුනේ නැ එක තත්පරයකටවත්
එකත් හරි පුදුම හැඟිමක්
මම එහේ පාවි පාවි ඒ හඩක් රූපයක් මනසික් එකතුකලා හඩට ගැලපෙන පෙනුම පෙනුමට ගැලපෙන ස්වරය
හරිම අපුරුයි මෙවැනි මැවිම් සිදුවෙනවාදැයි සැකයි එත් ඇස් පනාපිටම රඟපාන එ සුදො සුදු චරිතය මාට මාව මගේ ඇතුලේම අතරමං  කරවනවා
මම හිතින් ඒ රූපය හොයනවා හිතින් ඒ රුපය මගේම කරගන්නවා

දුම්රිය නැවතත් ගමන් ආරම්භ කරනවා
මම නැවතත් අර රූපය දෙසම බලා ඉන්නවා
එ සමඟින්ම අවදානය අනිත් මිනිස්සු ලඟටත් යනවා මටත් හොරෙන් මගේ නෙත් කතාකරවන එ රුපය දෙස තවත් අයගේ නෙත ගැටෙනවාදො සැකෙන්

දුම්රියේ වේගය එන්න එන්නම වැඩිවේනවා...ඒ වෙගයක් එක්ක ඇඟ කිලිපොලා යන වියළි සුළඟ මාව තවත් අර කඩහට ලඟටම එක්කන් යනවා
එකින් එක දුම්රිය පළවල් පාස්වි යනවාත් එක්කම මගේ නෙතට හිදිසියෙම හසුවන්නේ අර පිරිමි රූපය තම සඟයන්ය සමුදිමට සැරසෙන අවස්ථාවක්ය...
මිනිහා බහින්නෙත් මම බහින ස්ටෙෂන් එකෙන්ම වෙන්න ඇති එකියන්නේ ගමපහ..
මම මගේ හිතට තනියම කතා කරනවා..
හිත යටින් මම සතුටුවුනා...
දුම්රිය ගම්පහා ස්ෂෙන් එකට ලඟා වුනා
අර කොලුවා මගේ ඇඟේ ගැවි නොගැවි මාවත් පහු කරන් ගියා
හදවත ගිඩි ගිඩි ගා ගැහුනා
හරියට මොහොතක් හදවත නතර වුනා වගේ
මම ඔහු පසුපසින් ම ඉදිරියට ඇදුනා

මම අර කොලුවාත් සමඟින්ම දුම්රියෙන් එලියට ආවා
මගේ හිත කියන්නෙම ඹහු පසුප යන්නය කිය..එත් ඔහුගේ නෙතට මා හසුවේයිදො සැකයක් මට නැතුවාම නොවෙයි

මම හෙමින් හෙමින් පාවි ඇව්ත් දුම්රියපොලේ කෙලවරටම ඇවිදන්යනවා
මගේ ඉස්සරහින් අර පිරිමි ළමයාත් ඇවිදන් යනවා

රාත්‍රි කඳුවර හැමදේම වෙලාගෙන
දුමරිය පල කෙලවරේ දැල්වෙන දුල් පහන් ආලොකයක් එක්ක මට අර රූපය පෙනි නොපෙනි යනවා
ඇස් හැමතැනම දුවනවා මම තාමත් ඒ රෑපය හොයනවා
මගේ නෙත් පියවෙන ඇසිල්ලකින් එ රුපය මගෙන් ඇතට ගිහින්
ඇස් රිදෙනකම්ම මම එ රූපය හෙව්වා වටපිට බැලුවා එත්කොහෙදො ඇතකට ගිහින්
හිස් බවකින් යුක්ත වුන හැඟිමකින් මම දුම්රිය පලේ කෙලවරක ඇති මහත්වරුන්නේ විවේකාගරය වෙත ලන් වුනා
එතන තියන හිස් බන්කුවක් බලන් ඇවිත් වාඩිවෙනවාත් සමඟින්ම මම එහා බන්කුවෙන් මගේ බෑග්එක තිබ්බා
මට හරිම කලකිරිමක් දැන්නේ එක ඇසිල්ලකින් අර රූපය මට අහිමිවුනා

සුළු වේලාවක් මම එතන රැදිවිත් ස්ටෙෂන් එකෙන් එළියට ආවා
ඉස්සරහට ඇදිඑන බස්රිය ගෙවල් ලඟටම යන එකක්
මම දුවගෙන ඇවිත් බස් රියෙ එල්ලුනා
පරිසරයෙන් වෙනස් වුනත් මම තාමත් අර රූපය හා එකතුවෙලා
බස්රිය හෙමින් ඇදෙනවා
මම බහින හොල්ට් එකත් ලන්වුනා


මගේ මනසේ තාමත් දුවන්නේ අර පිරිමි රූපය පිරිමි ස්වරය කොහෙදො මනෝ ලොකයක අතරමන් කරමින් ඔහු ඉවතට පලාගොස් හෙටත් එම පිරිමි රුවම මට සුපුරුදු දුම්රියේ සුපුරුදු මැදිරියෙදිම හමුවිමේ බලාපොරොත්තුවෙන් මම මගේ නිවසදෙසට ඇදෙනවා
මගේ නෙත ගැටෙන්නේ මගේ ප්‍රිය බිරිඳ මා එනතුරු දොරකඩටවිත් බලා සිටින අයුරුයි.


15 comments:

  1. ඒ අක්කෙ මට නොපැහැදිලි. මගේ අවුලක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. නැ නංඟි ඔක මටත් අපැහැදිලි එත් කියවන්න ඔනේ දෙ මගෙන් කියවුනේ නැ වගෙයි

      Delete
    2. දවසේ ප්‍රශ්නය -

      කොහොමද දැනගත්තේ මේ මල්ලිද නංගිද කියලා ?

      Delete
    3. දිනේෂ් මට අයියා :) අක්කා කියුවානම් සිහින මධාරා තමයි :)

      Delete
  2. මම නොදන්න අසම්මතය ?

    ReplyDelete
  3. කතාව නියමයි,ඔයාට හොදට කතා ලියන්න පුලුවන් නගා....දිගටම ලියන්න සුබ පෑතුම්

    ReplyDelete
  4. ම්ම්ම්.. අසම්මතය...., අනේමංදා..

    ReplyDelete
  5. සම්මතයෙන් ඔබ්බට

    ReplyDelete
  6. සම්මතයෙන් ඔබ්බට කියන ඒක තමයි හරිම වචනේ........නියමයි මේක...හැබැයි පිරිමි රූපය කියලා ගොඩක් තැන් වල තියන කොට මට හිතුන මේක සමරිසි ආදරයක් වෙන්න ඇති කියලා.....

    ReplyDelete
    Replies
    1. :) :) සම්මතය නවතින තැන අසම්මතය හට ගනි :) :)
      ස්තුතියි

      Delete
  7. ටිකක් කල්පනාවෙන් කියවන්න ඕනෙ. මට යම් අවබෝධයක් ලැබුනා කියලා හිතෙනවා. ඒත් ඒ අදහසමද ඔයා දෙන්න උත්සහ කලේ කියලා නම් දන්නෙ නෑ

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?