Thursday, January 3, 2013

තව තවත් හද ගැහෙනවා.

සුළග තාලෙට ඇවිත් යනකොට
හිතේ කොනකට සිසිල එනවිට
හදේ ගැහෙනා රාවේ නොදැනිම
නුඹේ  නමටම සැලෙනවා...
තව තවත් හද ගැහෙනවා....

 
හිතේ නිලයන හැඟුම් අරගෙන
සුසුම් වැල් එකිනෙකට තබමින
හදේ රැව්දෙන නුමේ නමය
ලඟට විත් දඟ කරනවා
තව තවත් හද ගැහෙනවා

සුවඳ පතුරා පිපෙන කුසුමට
රේණු විහිදා ලෙලෙන සුලඟට
මලේ හැන්ගෙන සුවඳ අරගෙන
බඹරු ඉඟි බිඟි පානවා
තව තවත් හද ගැහෙනවා...

හින අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් මගේ පාළු අහසට
යන්න දෙන්නම නොහැකි තරමට
මගේ හිත පෙම් බඳනවා
තව තවත් හද ගැහෙනවා
.

5 comments:

  1. ලස්සන පද පෙලක්...

    අකුරු සුට්ටක් ලොකු කරමුකෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) :) :)
      පුංචි වැඩිනේද ඊලඟ සැරේ ටිකක් ලොකුවට පොස්ට් කරන්නම්කෝ

      Delete
  2. හරිම ලස්සනයි,,කියවගෙන යද්දි,,තව තවත් හද ගැහෙනවා..ඇත්තමයි

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි:)
    තරහ නැත්තම්
    හිතේ නිලයන හැඟුම් අරගෙන
    සුසුම් වැල් එකිනෙකට තබමින
    හදේ රැව්දෙන නුමේ නමය
    ලඟට විත් දඟ කරනවා
    තව තවත් හද ගැහෙනවා
    සෝදු පත් බලන්න

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?