Saturday, January 26, 2013

සේල් සේල්

කඳුලු ලිටර් ගනන් හෙලපු මට
සුසුම් ග්‍රෑම් ගනන් පිට කරපු මට
නුඹ දුන්න වේදනාවේ බර
කිලෝ ගාණටත් වැඩි

ඉරිදා පොලේ
කෙලවරකම හැදුව
ටකරම් ටෙන්ට් එකේ
මම
මගේම ආදරය වෙන්දෙසිකරලා
පැකට් ගනන් විකුණනවා
දුක කිලෝගානට...

සේල් සේල්.....

එන්න ඇවිත්
දුක මිලට ගන්න
කිලෝගානට

4 comments:

  1. මගෙ නම් පරණයි කියල විකුණ ගන්නත් අමාරුයි... දැන් කාලේ නවීන වෙලානේ...... හ්ම්....
    දුකම විකුණන්න තියෙන එක තමා අවුල...

    ReplyDelete
    Replies
    1. හිතේ දුක විකුණුවානම් මම අද හොයාගන්නත් බැරි තැනක

      Delete
  2. ඔහොම දුක බිස්නස් කරගන්න පුළුවන් උනානම් මාත් අද පෝසතෙක් යාළුවා...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?