Friday, January 25, 2013

ආදරය....



ආදරය ගැන කට්ටිය කොච්චර නම් දෙවල් කතා වෙනවාද
එක එක අය තම තමන්ගේ වාසියට අනුව ආදරයට එක එක නිර්වචන දිලා
සමහරු ආදරය දකින විදියට නොවෙයි තවත් සමහරෙක් දකින්නේ
එක එකිනෙකාගෙන් වෙනස්ම වෙච්ච දෙයක්


යම් දෙයක පැවැත්තමකට කුමක් හො සම්බන්ඳතාවක් පැවතිය යුතුයි
අඩුම තරමින් ප්‍රාථමික මට්ටමින් හො...
හැමදෙයක්ම තුල කුමක් හො සම්බන්දයක් තියනවා
සමහරු මෙක දකින්නේ ආදරය විදියට
අපි අපි අතර තියන සම්බන්ඳතාවය දිගටම පවත්වාගෙන යන්න තියාගන්න මිනුම් දන්ඩක් විදියට හුඟක් ‘‘ආදරය‘‘ කියන වචනය පාවිච්චි කරනවා

එත්
කවුරු කොහොම මෙන නිර්වචනය දුන්නත් මම ආදරය දකින්නේ වෙනස්ම විදියකට

සමහරවිට මගේ තිරනයට ඔයාලා අකමැති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

මට අනුව නම්

ආදරය කියලා දෙයක් මේ ලොකෙ නැ
මිනිහෙක්ගේ පැවැත්මට ඔනේ කරන
ආදරය සෙනෙහස කරුනාව දයාව
සැලකිල්ල ලිංගික ආෂාව ආකර්ෂනය එකි මෙකි නොකි ප්‍රාථමික අවෂයතාවයන් සපුරගන්න සිමාසහිත රාමුවක් ඇතුලෙන් අසිමිත බන්දනයකට යටත්ව තමන්ට විරුද්ද ලිංගිකයෙක්ව මුළුජිවිත කාලය පුරාවට හො යම්තාක් දුරට යම් කාලයක් තුල අයිති කරගගැනිම තමයි ආදරය විදියට දකින්නේ
සමහර විට අපිතොර ගන්න පුද්දගලයා අපි එක්ක මුළු ජිවිත කාලය පුරාවටම හිදිවි නැතිනම් ජිවිතේ යම් තාක් කාලයක දුරකට අපි එක්ක හිදිවි

මේ හැමදේම තිරණය වෙන්නේ ආකාර්ෂනය මත....

මම කෙනෙක්ට කැමති නම්
නිකන් හිතමුකො මම එයාගේ කොන්ඩෙට ආසයි(උදාහරණයක් පමණි)

ඒ කොන්ඩේ නිසා මම එයාව මුළු ජිවිත කාලයම එයාව මටම විතරක් අයිති කරගන්න උත්තසහා කරනවා ලඟින් තියාගන්න උත්සහා කරනාවා..නමුත් යම් දිනයකදි එයා ඒ කොන්ඩය කපනවා එත් එක්කම මගේ හිතතේ ඇතිවලා තිබ්බ සෙනෙහස හැමදේම එ වෙනසක් එක්කම නැතිවෙලා යනවා

එතකොට එතන පැවතිලා තියන සම්බන්දතවාටද අපි ආදරය කියන්නේ
නැහැ

ආකර්ෂනය

අකාර්ෂනයත් එක්කම පවතින බැඳිමක්
නමුත් හුඟක් අය ආකර්ෂනයට ආදරය කියා කියනවා එ දෙක පටලවගෙනඅතර රාමුවට යටත්ව ජිවිතය ගෙවනවා

දෙදෙනෙක් අතර යම් සම්බන්ඳතාවයක් පවතින තාක් කල් එදෙන්නා අහස් හුවමාරු කරගනි
දුක සැප විමසයි දෙදෙනා දෙදෙනාගෙම හැඟිම් සමඟකතා කරයි
හුවමාරු කරගනි
නමුත් එය ආදරය නොවෙයි

කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....
කෙනක් ඔබ ගැන ඕනවට වඩා හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා.....
ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත්
ෙමෙයි......කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්..........
ඔබ ගැන කෙනෙක් හිතද්දී ඔබ එයා ගැන නොහිතන්නටත් පුළුවන්.....
ආදරයි කියන්නේ ඒ වගේ හුදකලා සිත්විල්ලක් නෙමෙයි......


දෙන්නෙක් එකම විට එකම හැගීමකින් එකම ගැඹුරකින් එකිනෙකා ගැන හිතන එකටයි ආදරේ කියන්නේ............
ඒක මහ පුදුමාකාර සිතුවිල්ලක්............

නමුත් බොහොවෙලාවට සිදුවන්නෙ අපි යම් කෙනෙකුට ආසා වුනොත් කැමැත්තක් ඇත් වුනොත් ඒ පුද්ගලයා ලාවා අපි පිලිබඳ බලෙන් සිතුවා ගැනිමක්
නමුත් ඇත්තටම එ පුද්ගලයාට අපි පිලිබඳ හැගිමක් ඇති නොවෙන්න පුළුවන්
එ නිසාම අපිට කලකිරිමක් ඇතිවිමටත් පුළුවන්
 නමුත් ආදරය කියන්නේ බලෙන් ඇති කරවා ගත නොහැකිදෙයක්..යම් කෙනෙකෙු ලවා බලෙන් සිත්තවා ගත නොහැකි දෙයක්



ආදරය යනු හුදෙක් සන්කල්පයක් විතරයි
ආකර්ෂනයෙන් මායාවෙන් ආසාවෙන් තෙරවෙච්ච පිවිතුරු සන්කල්පයක්
 කොන්දෙසි විරහිතව සිතේ උපදින පිවිතුරු සන්කල්පයක්

එක ආදරය වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්

නමුත් කිසිකෙනෙකුට ආදරය බලෙන් ඇතිකරවන්න වත් බලෙන් ආදරය දෙන්නවත් බැහැ
එය කාලයාගේ ඇවැමෙන් ඉබේ ඇතිවිය යුතු හැඟිමක්
මට යම්කෙනෙක් ගැන ඇතිවන හැඟිමක්(ආදරයක්) සමහර විට ඔහුට හො ඇයට මා පිලිබඳව ඇතිනොවන්නට පුළුවන්
සමහර විට මට දැනේනවාටත් වඩා හොඳින් දැනේන පුළුවන්
නමුත් එක හුදෙක්ම හැඟිමක් පමණයි...

ජීවිතය බලෙන් තවත් ජීවිතයකට බන්දා තියෙන වරපට ආදරය නෙමෙයි......

ඒක බැඳීමක් විතරයි.......

බැදීම් විවිධාකාරයි....

බැදීමකට ආදරය කියලා කියන්න බෑ...

එක මිනිහෙක්ගේ ජීවිතය ඇතුලේ බැඳීම්
කීපයක් තියෙන්න පුළුවන්....

ඒත් ආදරයක එහෙම ගොඩක් තියෙන්න බෑ....



ඒක බොහෝවිට එකයි
ගොඩාක් අය ගැන ඔබට ගොඩාක් ඒවා හිතෙනවා....

සමහරුන්ටනම් දකින දකින කෙනාට පෙම් සිතුවිලි
එනවා....

ඒ අයගේ ආදර හැගීම හැමවෙලේම පිටාර ගලනවා...

ඒත් ආදරය එහෙම ලාබ දෙයක් නෙමේ....

දකින දකින කෙනා ගැන ඇතිවෙන්නේ ආශාවක් අනුරාගයක්.....

ආදරය කියන්නේ ආශාවක් නෙමේ...

අවශ්‍යතාවයක්......

ඔබේ හදවතට ආදරය අවශ්‍යයි.....


අපි හුඟක් වෙලාවට ආෂාවන් පසුසපස හඹා යයි
නමුත් අපි තුල ඇතිවන සියළු ආෂාවන් පිනවිම ආදරය නොවෙයි
 ආෂාවන් පිනවිම හරිම අසිරු දෙයක් 
එය මොහොතින් මොහොත වෙනස් වෙයි
දැන් ඇතිවන ආසාව තව සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්
සමහර විට දැන් අතිවු ආසාව තව පැයකින් අකමැත්තක් වෙන්නත් පුළුවන්

ආදරේ කියනදේ ඉක්මනට ලැබිය යුතු නෑ....


ඒත් පිළිවෙලකට ලැබිය යුතුයි.......(එකටත් යම්කිසි වෙලාවක් තියනවා ඒ වෙලාව එනතෙක් අපි බලා සිටිය යුතුයි)



ආදරය යනු ආෂාවෙන් තොර වු නිර්මල සන්කල්පයක්
 
 ඒකේ කෙලවරක් සිමාවක් මායිමක් නැ
එ හුදෙක් නිර්මල හැඟිමක් සිමා මායිම් නැති නිර්මල හැඟිමක්


මම පෞද්ගලිකවම ආදරය කියලා දෙයක් විස්වාස කරන්නේ නැ
ඒ හැමදෙකටම පවතින බැඳිම/ආසාව ආකර්ෂනය/වුවමනාව මායාව
ඔය සියල්ලෙම එකතුව/ පදනම ආදරයක් නොවෙන නිසාවෙනි



ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්
ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා....

එහෙම උනොත් ඔබ සදාකාලික අතෘප්තිමත්........

ඒනිසා ආදරය අව්‍යතාවය හා ආෂාව හදුනගන්න......



කියපු කියමනක් මතක් වුනා
---------------------------------

සැබැ පෙම්වතුන් කිසිදා හමුනොවේ
හමුවු පෙම්වතුන් කිසිදා සැබැ පෙම්වතුන් නොවේ
__________________________________________________
ප්‍රේමය ලොව හැම තැනම ඇති.. හැමදෙනටම හමුවෙලා ඇති
එනමුත් ප්‍රෙමය කිමැයි කියා හදුනාගත් කිසිකෙනෙකු නැති

8 comments:

  1. ආදරේ හරි පුදුමයි :)

    ReplyDelete
  2. තේරුම දෙන්නට නැතත් තේරුම් ගොඩක් ඇති ආදරය

    ReplyDelete
    Replies
    1. එකිනෙකාගෙන් වෙනස්ම වෙච්ච අමුතුම දෙයක් කටවත් තවම හොයාගන්න බැරිවුන

      Delete
  3. aththa adare harima pudumayi..ahamben apiwa hoyagena awith mulu jiwithema eliya karanawa..aththa adareta arthayak denna harima amrui .............

    ReplyDelete
    Replies
    1. අකුරු හතරක් ජිවිතේ හුඟක් දෙවල් වෙනස් කරනවා හංසි

      Delete
  4. ප්‍රේමය ලොව හැම තැනම ඇති...හැම කෙනෙකුට හමු වෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා.....හඳුනා ගත් කිසි කෙනෙකු නැති....

    ආදරය පිලිබඳ මගේ මතය....

    ඇත්තටම ආදරය කියලා දෙයක් තිබ්බා නම් ඒ බොලඳ නවකතා වලටම සීමා වෙච්ච ඒවා...එහෙම ආදර කතා නෑ කියන්නෙ නෑ..තියෙනවා..නමුත් හරි අඩුවෙන්...ඇත්තටම ආදරය කියලා දෙයක් නැහැ කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා...නමුත් ආදරය කියලා කියන්නෙ දියුනු සතුන් වන අප විසින් ඇති කරගත්ත නිකන්ම නිකන් වචනයක්..ඒක ඇතුලෙ තියෙන්නෙ තමන්ගේ වර්ගයා බෝ කිරීමට ගන්න උපක්‍රමයක්...ඒ කර්තව්‍යට අකුරු හතරක් දාලා ලස්සන වචනයක් හදලා ආදරය කියලා....නමුත් අදකාලේ සිද්ද වෙන සහ දකින දේවල් අනුව ආදරයේ ආයු කාලය හරිම කෙටි වෙලා...ඉන්න කෙනාට වඩා ලස්සන කෙනෙක් දකින කන් ආදරය කරනවා ඊට පස්සෙ ඈත් වෙනවා...බූට් එක තියලා යනවා...හැම දේම කෙටි වෙන කාලේ ආදරෙත් කෙටි වෙලා...දම්මිලා සුගත් ලා මැරිලා මොනවා කරන්නද....ලෝකෙ වෙනස් වෙන කොට හැම දේම වෙනස් වෙච්චි කොට....

    Omesh Wickramasuriya

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආදරය කියලා දෙයක් නැ තමයි අයියේ

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?