Tuesday, January 22, 2013

එක්තරා කතාවක්ම නොවෙයි





කාලයකට ඉස්සරින් එකියන්නේ අදට හරියටම අවුරුදු 7කට කලින් හම්
 ඔයයි මමයි උසස් පෙල කරන කාලේ
හම්බවුන විදිය මතකද ඔයාට....මටනම් තාම මතකයි...අද වාගෙම
මම ආසකලේ ඔයාගේ සරල කමට.....ආදරය කලේ අහින්සක කමට
යාළුවෙක් වුන ඔයා මට කාලයක් යද්දි මට හිටිය හොඳම යාළුවා වුනා

ඔයාට මතකද අපිදෙන්නා මුලින්ම කතා කලේ තිස්ස සර්ගේ බයෝ ක්ලාස් එකෙදි
එකත් කපුකමක් කරන්න
මට මතක් වෙනකොටත් හිනා ඉතින්
ඔයාගේ යාළුවා මගේ හොඳම යාළුවාට කැමතිලු
අපි දෙන්නයි කපුකම කලේ
මතකද ඔයාට ඒ දවස්
හරිම ලස්සනයි
අන්තිම එදෙන්නා කෙසෙවෙතත් අපි දෙන්නා එකතුවුනා
(මතක් වෙනකෙටත් හිනා)
කාලයක් ගතවුනා
නොදැනම දින සති මාස.....
අන්තිමට අපිදෙන්නට අපිදෙන්නව නැතිව බැරිවෙන තරමටම ආදරෙන් ලන්වුනා..ඒත් ඒ හරියටම ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගෙනනම් නොවෙයි...එත් මට ආදරය කියන වචනයේ අයනු ආ යනු කියලා දුන්නේ ඔයයි
ඔයාට මතකද
මම තියන් හිටියේ ඔයා මට අරන්දිපු පුංචිම පුංචි ෆොන් එකක්
එකෙන් ඉතින් හොරාට තමයි කතා කරන්නේ..රිලොඩ් කරන්නේ දවස් ගානක් එකතු කරපු සල්ලි වලින්....
එත් ඔයාගේ වාසනාවටද මගේ ආවාසනවාටද නැතිනම් දෙන්නාගෙම වාසනාවටද එ ෆොන් එක අම්මාට අහුවෙනවා හිතන්නෙවත් නැති විදියට හිතන්නෙවත් නැති දවසක
එදායින් පටන්ගත්ත නිවාස අඩස්සිය එහෙම නැත්තම් ගෙයි ඇතුලටම හිරවිම
හම්ම්
අනේ මගේ පන්ති ගමන....එදා ඉඳන් සදාකාලික තිත් පෙලියක් වෙනවා
ඒ හරියටම අපිදෙන්නා යාළුවෙලා මාස2කට පස්සේ
එදා ඉඳන් එලෙවල් ඉවර වෙනකම්ම මට ඔයාව දකින්න ලැබුනේ නැ
හම්බවෙන්න ලැබුනේ නැ.....
කතා කලේ සතියකතට සැරයක් එකත් ඉස්කොලේ තියන කාසි දාලා කතාකරන්න පුළුවන් බොක්ස් ෆොන් එකෙන්....
දුකක් ඉරක් තිත් පෙලියක් වෙච්ච අපේ ආදර කතාව
කොහොම කොහොම හරි පණ ඇද ඇද හරි අමාරුවෙන්  අපි අවුරුදු 3ක්ම ආදරය කෙරුවා....
මට නම් තාම ඒ කාලේ හරියට හීනයක් වගේ(මම දන්නවා එ වගේ කාලයක් ආයෙමත් එන්නේ නැතිවිත්තියත්)
මම දන්නවා කවමදාකවත් අපිදෙන්නාට එකතු වෙන්න වරම් නැ
ඔයාගේ පවුල අපේ පවුලට අහසට පොලව වගෙයිලු
ජාතිය කුලය ගැලපෙන්නෙම නෑලු
ඉතින් මොකද කරන්නේ
සදාකාලික නොවෙන ලොකයේ සදාකලික පෙමවතුන් විදියට වෙන්වෙනවාද....
නැ අපි එක හිතින් හිටියා
මොන දෙ වුනත් පස්සේ හරි අම්මාලා කැමති වෙයි කියලා....
හම්ම්ම්
කාලයක් ඔහොම යකනොට
මටම දැනගන්න ලැබෙනවා
වෙනකාගෙන්වත් නොවෙයි එක බඩවැල කඩන් ආපු මගෙම මල්ලිගෙන් ඔයාට මම තවත් එක කෙල්ලෙක් විතරයි කියලා...ඒ පැහැදිලි සාක්ෂිත් එක්ක...(කවුද හිතුවේ ගෙදර තිබ්බ ප්‍රෂ්නත් එක්කම....හම්බවෙන්න විදියක් කතා කරන්න විදියක් තිබ්බෙනැතිනිසාමත්... මම කැප කරපු දෙවල් හින්දා ඔයාට මාව එපා වෙලා වෙන කෙනෙක් ලඟට යයි කියලා)
හරි ආදරයෙන් එකතු කරපු මගේ ආදර හිත....බලාපොරොත්තු....
සිසිකඩ විහිරිලා කුඩු වෙලා සුන්විසුනු වෙලා යන්න ගියෙ කොච්චර පොඩි කාලයතින්ද

මම අම්මාගෙන් ගුටි කාපු තරම් කඳුළු පිරුව තරම් පැතුව පැතුම් ඔක්කම බොඳ වුනා මම බලාගෙන ඉද්දිම
මට අන්තිමට කියවුනේ කෙ අර එදා මොනදෙවුනත් එකට අපි ඉමුයි කියපු හිත කියලා විතරයි
(දාලා යන්නේ නැ කියලා පොරොන්දු වෙන අයම තමයි ඔක්කන්ටම කලින් යන්නෙත්)

හම්

ඉඳින් අද
හැමදේම තිත තැබු කතාවක් වෙලා අවුරුදු 03කුත් ගෙවිලා

හම්ම්

අපි හම්බවුන එ නගරය(නුගෙගොඩ)
(මේ නගරයට කොච්චරක් නම් කට්ටිය එන්න යන්න ඇතිද..කිදෙනෙක්ව මෙතනදි මුණගස්සන්න ඇතිද...සමහරු තමන්ගේ ජිවිතේ හොයාගෙන මෙතනට එනවා තවත් සමහරු තමන්ගේ ජිවිතේ හදා ගන්න අළුතින් පටන් ගන්න මෙතනට එනවා..හුඟක්ම අපේ කාලයේ පෙම්වතුන්ගේ පෙමිවතියන්නේ පළමු හමුවිම් හුඟක් එක්කර නගරයක් තමයි නුගෙගොඩ කියන්න...කිදෙනෙක්ගේ කොච්චරක්නම් පෙම්වතුන්ගේ පෙම්වතින්ගේ ආදර කඳුළු සතුටු සිනා උහුලගෙන ඉන්න නගරයක්ද.....කිදෙනෙක්ව මුණ ගස්වලා වෙන්කරවපුම නගරයක්ද....අවාසානාවකට වගේ මගෙත් ජිවිතේ හුඟක් දෙවල් තිරණය කරපු නගරයක්....මාවත් ඇතිකලේ මේ නගරයම තමයි මගේ ජිවිතේ හොයන හැටි කියලා දුන්නෙත් මේ නගරය තමයි අන්තිමට මාව නැති කරෙත් නැතිවෙලා වැටිච්ච තැනින් ආපහු නැතිටින්න පණ දුන්නෙත් මේ නගරයම තමයි...කොච්චරක්නම් බරක් මේ නගරය නිහඩවම උහුලගෙන ඉන්නවා ඇතිද)
එ තැනදිම
අදත් මට ඔයාව හම්බවෙනවා
එත් ඒ එදා විදියටනම් නොවෙයි....
කවමදාවක් දැකලාත් නැති කතාකරලාත් නැති අදුරන්නෙම නැති දෙන්නෙක් වගේ(හරිම පුදුමයි)
 මම දන්න එකම දෙය අහම්බෙන් හරි අපේ ජිවිත වලට එන හුඟක් අය හිතේ ගැඹුරුම තැනක නව තිනවා.....කවදාක්වත් අමතක නොවෙන විදියටම....එත්
අදුරන්නැති දෙන්නෙක් විදියට හම්බ වෙලා
හොඳට අදුරන දෙන්නෙක් විදියට ඉදලා....හඳුනගෙන වෙන්වෙන්නේ
හරියට අදුරන්නේම නැති දෙන්නේක් වගේ....හම්..... (එකනේ තියන දුකත්....)

එත් අහම්බෙන් අපේ ජිවිත වලට එන අය යන්නේ අපිට අමතක කරන්න බැරි තරම් මතක හුඟක් ඉතුරු කරලා..ඒ මතක හරි සුන්දරයි.....


එතනින් එහාට කියන්න දෙයක් නැ
මගේ හිත ගොළු වෙලා

.....................................


_________________________________________________________________-
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ

අතීතය සිහිනයක් පමණයි
සැබැ සුවඳක් නැ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ

_______________________________________________________________________නිමී-.

7 comments:

  1. හොද නිර්මාණයක් නංගියා

    ReplyDelete
  2. කතාවක් නෙමෙයි හැමොගෙම කතාව වගේ අක්කියෝ. හිමිකාරයා ලැබෙනකම් විතරයි විරහාව. :)

    ReplyDelete
    Replies
    1. විරහවත් හරිම ලස්සනයි...හිමිකාරයා ලැබෙනකම්ම

      Delete
  3. හෑඩුද කදූලයි දකින්නේ සිනහාවේ සරදම්,,,

    ReplyDelete
    Replies
    1. හම්ම්ම් කඳුළු වලට හුඟක් දෙවල් යටපත් කරන්න පුළුවන්ලු

      Delete
  4. ගීත තුන හතරක්ම මතක්වුණා..
    මේ නඟරය මා ඔබ මුණ ගැසුණු නඟරයයි විශේෂයි..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?