Wednesday, January 2, 2013

ආදරය මමයි - ඒ සෙනෙහෙ නුඹෙයි





සඳ සාවි මමයි - සඳ එළිය නුඹයි
අහස සරසන සඳ සිසිල නුඹ නම්
මල් කැකුල මමයි - මල් සුවඳ නුඹයි
ඒ මල සරසන පිණි බිදුව නුඹ නම්

හිනයම මමයි - ඒ හිනේ නුඹෙයි
නෙතු සසනස පින් රුවම නුඹේ නම්
නිල් සයුර මමයි - මුදු රැල්ල නුඹයි
වැල්ල සනසන රන් වෙරළ නුඹ නම්
 

ජිවිතය මමයි- මගෙ හුස්ම නුඹයි
හදට උරුමවුන දයාවන්ත හිත නුඹ නම්
ආදරය මමයි - ඒ සෙනෙහෙ නුඹෙයි
දිවිය සනසන එකම පැතුම නුඹනම්

2 comments:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?