Tuesday, January 15, 2013

අපි අපේ වෙමු පුරුදු පරිදිම...



සෙනෙහසකට අරුතක් පුරවන්නට
ඇතිගිලි බැඳගෙන නුඹත් මමත්
සසර ගමනේ පුරුදු ලෙසටම
ඇවිද ආ දුර .. දුර වැඩි තව

දැගිලි පටලන් ඇවිද යමු අපි
සසර හමුවන තුරම මඟ දිග
හමුවෙනා තෙක් නුඹට - මට
එත් ඒ කවදාද නෙදනිමි මම තව...

නුහුරු මඟකදි පුරුදු ලෙසටම
හමුවනත් නුඹ මම පුරුදු විලසට
අපිට අපේ වි හිදින්නට නම්
ලොකයෙන් නැ ලැබෙනු අවසර

ඉතින් යමු අපි තවත් දුරකට
ලොවෙන් සැඟවි අපේ ලොවකට
තනිවෙනා එක මොහොතකදි වුව
අපි අපේ වෙමු පුරුදු පරිදිම...

1 comment:

  1. හොඳට දැනුනා මේ පද ටික...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?